වැඩිපුර දත් මැදීමෙන් පවා දන්ත රෝග ඇතිවීමේ අවධානමක් මතුවිය හැකි බව දන්ත සංරක්ෂණවේදය පිළිබද විශේෂඥ වෛද්‍ය පී. පලිපාන මහතා පවසයි.
වැඩි වාර ගණනක් වැරදි ආකාරයට දත් මෙදීමෙන් දත්වල කුහර මතුවීම විදුරුමස් දියවීම හා එනමලයට හානි පැමිණීය හැකි බවද වෛද්‍යවරයා පැවසීය.
දිනකට දෙවරක් කෑමෙන් පසු සෑම දතක්ම මැදෙන අයුරින් කෙදි කෙළින් පිහිටි බුරුසුවකින් දත් මැදීම වඩාත් සුදුසු බව ඔහු සදහන් කරයි.