-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලබන වසරේ ජනවාරී මාසය වන විට දිවයින පුරාම බස් ගාස්තු ගෙවීමට විද්‍යුත් පෙරගෙවුම් කාඞ්පත් ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාප් පැවසීය.

දැනට බස්නාහිර පළාතේ හඳුන්වා දී ඇති නව විද්‍යුත් කාඞ්පත් ක‍්‍රමය මගින් ආත්මගරුත්වයකින් යුතුව මගීන්ට බස් රථයක ගමන් කිරීමටත්, මාරු කාසි ගැටලූවට විසඳුම් ලැබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

දිනකට බසරථයක ආදායමින් සියයට 20 ක් පමණ හිමිකරුවන්ට අහිමිවන බවත්, නව වැඩපිළිවෙළ යටතේ එම තත්ත්වය පහවයනු ඇතැයි ද සභාපතිවරයා විශ්වාසය පළ කළේය.

නැවත ගෙවන රුපියල් 200 ක මුදලකට ප‍්‍රධාන බස්නැවතුම්පොළවල් හා දුරකථන සේවා ස්ථානවලින් කාඞ්පත් මිලදී ගත හැකිය. එම ස්ථානවලදීම රීලෝඞ් කර ගැනීමේ පහසුකම සලසා ඇත.

පොදු හා පුද්ගලික ලෙස විද්‍යුත් කාඞ්පත් වර්ග දෙකක් හඳුන්වාදෙන අතර, බස් රථය තුළ මුදල් ගැවසීමක් සිදුනොවේ. කොන්දොස්තර මහතා ළඟ ඇති විශේෂ යන්ත‍්‍රයකට විද්‍යුත් කාඞ්පත ඇතුළු කළ පසු ටිකට් පතක් මගියාට හිමිවේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos