-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සැමියා විදේශ රැකියාවට ගොස් සිටින අතරේ පෙම්වතකු ගෙන්වා ගත් කාන්තාවකට අමතක නොවන සිදුවීමක් දකුණේ ගමකදී සිදුවිය.
තනිකම නිසා පෙම්වතාට නිවසට පැමිණෙන ලෙස දුරකතන ඇමතුමක් දුන් ඇය වේලාසනම නිවෙසේ වැඩ අවසන් කර සාලයේ රූපවාහිනිය නරඹමින් සිටියාය. එහෙත් පොරොන්දු වේලාවට පෙම්වතා පැමිණියේ නැත. බැරිම තැන ඇය නින්දට ගියාය.
හිටි හැටියේ පිටුපස දොර සොලවන හඬක් ඇසී ඇය නින්දෙන් අවදි විය. කලබලයෙන් ජංගම දුරකථනය අතට ගත් ඇය 119 අංකයට දුරකථන ඇමතුමක් දී තම නිවෙසට සොරුන් පැමිණ ඇති බව දැන්වීය. ඉන් නොනැවතුණු ඇය අසල් වාසීන්ගෙන් උදව් ඉල්ලා කෑ ගැසුවාය.
ගමේ දහදොළොස් දෙනෙක් ක්‍ෂණයකින් නිවෙසට පැමිණ වට පිටාව සෝදිසි කළහ. අසල කුරුඳු ඉඩමක කාණුවක සැඟවී සිටි ගමේම පුද්ගලයකු ඔවුන් අල්ලා ගත්තේය.
නිවසේ කාන්තාවගේ විරෝධතාව ද නොතකා අසල් වාසීන් අල්ලාගත් පුද්ගලයා පොලිසියට රැගෙන ගියේ ප‍්‍රදේශයේ නිතර ගෙවල් බිඳීම් සිදු වන බැවිනි.
පොලිස් නිලධාරියා ප‍්‍රශ්න කරන විට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ තමාට එම කාන්තාව 9.30ට නිවෙසට පැමිණෙන ලෙස දුරකථන ඇමතුමක් දුන් බවයි.
කාන්තාව දෙස බැලූ පොලිස් නිලධාරියා ඔහු කියන්නේ ඇත්තදැයි විමැසීය. ඊට ඇයගෙන් පිළිතුරක් නොලැබුණු අතර කාන්තාව බිම බලා ගත්තාය.
සිදු වී ඇති දෙය තේරුම් ගත් පොලිස් නිලධාරියා එම පුද්ගලයා දෙස බලා ‘‘බලනව පොරොන්දු වූ වෙලාවට පැය දෙකක් පරක්කු වෙලා ගිහින් කරගත් දෙයක්. මීටපස්සෙවත් වෙලාවට වැඩ කරන්න පුරුදු වෙනවා’’ යනුවෙන් පැවසුවේ පැමිණ සිටි පිරිස ද සිනා ගන්වමිනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos