-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වත්මන් ජනාධිපති පුත් සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට වසර කිහිපයකට පෙර මුහුණදුන් නීති විභාගවලදී ඔහු නීතිවිරෝධී අයුරින් විශේෂ වරප්‍රසාද යටතේ විභාගයට පිළිතුරු ලිවීමට සැලැස්සූ බවත් එය සනාත කිරීමට තමා සතුව ඇසින් දුටු සාක්ෂි තිබෙන බවත් සම වයසේ නීතිශිෂ්‍යයකු වූ තුෂාර ජයරත්න මහතා විසින් පවසනවා.

මේ බව සඳහන් කරමින් තමන් විසින් අදාළ අංශවලට දිගින් දිගටම පැමිණිලි කර තිබුණත්  ඊට අදාළ නිසි ක්‍රියාමාර්ග ගැනීමට අදාළ අංශ ක්‍රියා නොකළ බවත්, නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ක්‍රියාත්මක වූ තමාට දරුණු වද බන්ධනයන්ට මුහුණපෑමට සිදු වූ බවත්, ඒ හේතුවෙන්ම තමා අද වනවිට යම් රෝගීතත්වයකින් පවා පෙළෙන බවත් ඔහු පවසනවා .

කෙසේ වෙතත් දැනට දේශපාලන සහ ජීවිත අවදානම හේතුවෙන් විදේශ ගතව සිටින තුෂාර ජයරත්න මහතා පසුගියදා අමෙරිකා එක්සත් ජනපදයේ විකාශනය වන “බොස්ටන් ලංකා” රූපවාහිනී නාලිකාව සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා නීති විභාගයට පෙනී සිටි අයුරු සහ එම විභාගයෙන් ඉහළම ලකුණු වාර්තාගත කරමින් ඔහු සමත් වෙද්දී; ඔහු සමඟ විභාගයට පෙනී සිටි තුෂාර ජයරත්න මහතා මුහුණ දුන් අත්දැකීම් මෙසේ පවසා තිබෙනවා.

“බොස්ටන් ලංකා” රූපවාහිනි නාලිකාව තුෂාර ජයරත්න මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාව ඇතුලත් වීඩියෝව පහත දැක්වේ.



Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos