-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මිනිස් වර්ගයා ක‍්‍රමයෙන් පරිණාමය වී ඔවුන් සිතන්නට මතන්නට පටන්ගත් විගස ඔවුන්ගේ අවධානය අමරණීයත්වය කෙරෙහි යොමු වුණා. නමුත් මේ දක්වා කිසිවෙකුට ඒ අරමුණ සාක්ෂාත් කරගන්නට නම් ඉඩ ලැබුණේ නැහැ.

කෙසේ වෙතත් රුසියානු කෝටිපතියකු 2045 වසර වන විට තම මොළය කෘත‍්‍රිම සිරුරකට බද්ධ කර අමරණීය වීමේ සැලසුමක් පිළිබදව පසුගියදා  ලොවට හෙළි කර සිටියා. දැනට තිස් එක් හැවිරිදි වියේ පසුවන දිමිත‍්‍රි ඉට්ස්කොච් පවසන්නේ තාක්ෂණය තුළින් ඔහුට කෘත‍්‍රිම සිරුරක් තුළ සදාකාලිකව ජීවත් විය හැකි වනු ඇති බවයි.

ඔහුගේ මෙම ”2045 අරමුණ” මිනිස් පරිණාමයේ මීළග පියවර ලෙස සැලකෙන අතර දැනටමත් ඔහුගේ ෆේස්බුක් අඩවියෙහි අනුගාමිකයන් විසිදහසකට අධික පිරිසක් එක් වී සිටිනවා. මේ සදහා ලොව පුරා සම්මේලනයන් පැවැත්වීමට තමන් බලාපොරොත්තු වන බවයි දිමිත‍්‍රි පවසන්නේ.

ඔහු මේ සදහා ග්ලෝබල් ෆියුචර් කොස්ග‍්‍රස් නම් පදනමක් පිහිටුවා ඇති අතර එය පළමු වරට පසුගිය  වසරේදී මොස්කව් නුවරදී එක්රැස් වුණා. මීළගට ඔවුන් හමුවන්නේ මේ ජුනි මාසයේදී ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදීයි මේ සමුළුවේහිදී එතෙක් මෙතෙක් ලොව නිපදවනු මිනිසාට වඩාත්ම  සමාන රොබෝවන් ඉදිරිපත් කෙරෙනු ඇති බවට දැන්මම ඉගි පළ කෙරෙනවා.

දැනටමත්  පදනම් සැලසුම් කර ඇත්තේ කෘත‍්‍රිම මිනිස් සිරුරක් සාදා මිනිස් මනස 2015 වසර වන විට පරිගණකයට ඇතුළත් කරන්නටයි. මෙය විශාල පිම්මක් වුවත් කළ නොහැකි දෙයක් නොවෙයි. අපි ඉදිරි වසර 35 ඇතුළත අපේ සැලසුම් නිමා කරන්නට හැකි සෑම උත්සාහයක් ගන්නවා. කෘත‍්‍රිම මිනිස් සිරුරක් නිර්මාණය කිරීම ඉතාමත් සංකීරණ කාර්යයක් වුවත් මෙය මිනිස් පරිණාමය තුළ හමුවූ ඉතාම අපූරු කඩඉම  බව අපිට  පැවසිය හැකියි දිමිත‍්‍රි පවසා සිටිනවා.

අභ්‍යවකාශ  මධ්‍යස්ථාන, අයිෆෝන්, න්‍යෂ්ඨික  සබ්මැරීන වැනි අති දියුණු තාක්ෂණ උපකරණ කිසිවකින් අපේ සිරුරු වල ඇති භෞතික හැකියාවන් ඉක්මවා යන්න අපිට උදව් කරන්නේ නැහැ. අපි විශ්වාස කරන්නේ මරණය පරදවා අමරණීයත්වයට ළගා වීම කළ යුතු  කළ හැකි කාර්යයක් ලෙසයි. මෙහිදී මූලිකවම මිනිස් සිරුර මගින් එල්ලකරන සීමාවන් ඉක්මවා යා හැකි කෘත‍්‍රිම සිරුරක් අපි බිහිකළ යුතු වෙනවා.

මෙලෙස තනන නව මිනිස් සිරුරට ඉතා අධික උෂ්ණත්වයක් පීඩනයක් විකිරණ දරා ගැනීමට හා ඔක්ෂිජන් නොමැතිව සිටීමට පවා හැකි වනු ඇති බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් තම සුපුරුදු සිරුරේම ජීවත් වී මරණයට පවත්වනවාද නැතහොත් කෘත‍්‍රිම සිරුරකට ඇතුළු වී අමරණීය වනවාද යන්න මිනිසුන්ට ස්වාධීනව තීරණය කළ හැකි බවයි පැවසෙන්නේ.

ජේම්ස් කැමරන්ගේ ”ඇවටර්” චිත‍්‍රපටයේ තේමාව මෙම ව්‍යපෘතියට සමාන බැවින් මේ සිරුරද හැදින්වෙන්නේ ”ඇවටර්” යන නමිනුයි කෙසේ වෙතත් දැනටමත් එකිනෙකා මරාගන්නා මිනිස් වර්ගයා අමරණීයත්වය  සමග අධි මානුෂික බලය අතට දීම වදුරන්  රැළකට දැළි පිහි දීම වැනි කරුණක් වීමටද ඉඩ ඇති බවද මෙහිදී මතක් නොකරම බැහැ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos