සූරියවැව ඌරුසිටා වැව්තාවුල්ලේ රැඳී සිටි 17 හැවිරිදි තරුණියක් පැහැරගෙන ගොස් දූෂණය කළ සැකකරුවන් සිව්දෙනෙකුගෙන් තිදෙනෙකු සෙවනගල පොලීසියි විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ තරුණිය සිය පෙම්වතා හා ඔහුගේ මිතුරෙකු සමඟින් වැව්තාවුල්ල මත කතා බහ කරමින් සිටියදී පැමිණි සැකකාර තරුණයන් සිව්දෙනා පෙම්වතා හා ඔහුගේ මිතුරාව පළවා හැර තරුණියව නිවසකට රැගෙන ගොස් වරින් වර දූෂණයට ලක් කොට ඇත. වයස අවුරුදු 29, 25 හා 21 වයස් සීමාවන්වල පසුවෙන සැකකාරයන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පළා ගිය අනෙක් සැකකරුව සොයා පොලීසිය මෙහෙයුම් දියත් කර තිබේ.