-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පසුගිය දිනෙක පසවරුවේ කොළඹ කොටුව දුම්රියස්ථානයේදී මෙසේ ප‍්‍රචාරය කෙරිණි. ”පළමුවන වේදිකාවට දැන් පැමිණි දුම්රිය හලාවත බලා පිටත්වේ. එම දුම්රිය නවත්වන්නේ මරදාන, දෙමටගොඩ, කැලණිය, රාගම. රාගම සිට හලාවත දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.” දුම්රියට බොහෝ පිරිසක් ගොඩවූ අතර ස්වල්ප වේලාවකින් දුම්රිය හලාවත බලා පිටත්විය. මරදානට ළඟාවූ එය පසුව දෙමටගොඩට පැමිණ වේගයෙන් ඉදිරියට ඇදෙන්නට විය. 
දුම්රිය කැලණියට ළංවන විට අසුන්වලින් නැගිට ගත් කිහිප දෙනෙක් බැසීමට සූදානම්වී සිටියත් දුම්රිය කැලණියේ නොනවත්වමින් ඉදිරියටම ගමන් කරන්නට විය. මෙය දුටු දුම්රියෙන් බැසීමට සිටි මඟීන් සහ දුම්රියට ගොඩවීමට බලාපොරොත්තුවෙන් වේදිකාවේ සිටි මඟීන් කෑ ගසන්නට වූහ. දුම්රිය ඈතට ගොස් නවත්වන ලද අතර මඟීන් දුම්රියෙන් බැස ගත්තේ ඉතාමත් අසීරුවෙනි. සාරියකින් සැරසුණ තරබාරු කාන්තාවක් පිරිමියකු විසින් ඔසවා අපහසුවෙන් බිම තැබුවත් දෙදෙනාම බිම ඇද වැටුණි. කාන්තාව දුම්රිය රියදුරාගේ මව මතක් කරමින් බෙරිහන් දෙන්නට වූවාය. විනාඩි කිහිපයකින් දුම්රිය පසුපසට ධාවනය වී කැලණිය දුම්රිය ස්ථානයේ නැවැත්වු විට මඟීහු දෙස් දෙවොල් තබමින් එයට ගොඩවූහ. මඟීන් පුදුමයට පත්වූයේ සැමදාම නවත්වන දුම්රිය එදින නොනැවත්වීම පිළිබඳවය. පොලී කාරයෙක් ඩ‍්‍රයිවර් මහත්තයා එනකන් ස්ටේෂමේ ඉඳලා තියනවා කව්දෝ පවසනු ඇසිණි. දුම්රිය නැවතත් ධාවනය වන්නට විය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos