-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


සැක කටයුතු පිරිසක් බෞද්ධ පාසල් අවට සැරිසරමින් මත් රසායනිකයක් අඩංගු ටොෆි විශේෂයක් බෙදා හැරීමට පටන්ගෙන ඇතැයි ලද තොරතුරක් මත ජාතික ඖෂධ අධිකාරිය විසින් ෆාමසි හිමිකරුන්ට දැනුම් දී ඇත්තේ බෞද්ධ පාසල් අවට පිහිටි ෆාමසිවලට ඖෂධ සැපයීමට පැමිණෙන වෙළෙඳ නියෝජිතයන් පිළිබඳ සෝදිසියෙන් සිටින ලෙසයි .

සැකකටයුතු පුද්ගලයන් පැමිණ ඖෂධ මෙන් පෙනෙන යම් කිසි පෙත්තක් හෝ ටොෆි විශේෂයක් දීමට කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳව වහාම ජාතික ඖෂධ අධිකාරියට දැනුම් දෙන ලෙසද ඉල්ලා ඇතැයි ඖෂධ අධිකාරියේ ජේ්‍යෂ්ඨ ප‍්‍රකාශකයෙක් කීය.

මේ වන විට ගම්පහ, මත්තුමගල ප‍්‍රදේශවල බෞද්ධ පාසල් දෙකක් අවට මේ ටොෆි විශේෂය බෙදා හැර ඇතැයිද ජාතික ඖෂධ අධිකාරියට තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම කීය.

පාසල් බලධාරින්ද මේ වන විට දරුවන්ව දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහන් දියත් කර ඇති අතර දෙමවුපියන්ටද තම දරුවන් කෙරෙහි වැඩි අවධානයෙන් පසුවන ලෙස ජාතික ඖෂධ අධිකාරිය විශේෂ ඉල්ලීමක් කර සිටී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos