-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අනාරක්ෂිත ලෙස ගබඩා කිරීම හේතුවෙන් පවුම් මිලියන 74ක් වටිනා ටමි ෆ්ලූ නමැති ප‍්‍රතිවයිරස ඖෂධය එක්සත් රාජධානි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් කල් ඉකුත් වීමේ දිනයට පෙර ඉවත දමා ඇත.

මහජන ගිණුම් කමිටුවේ සභාපතිනි මාගරට් හොජ්ට අනුව ජාතික විගණන කාර්යාලය මගින් ඉදිරිපත් කර ඇති සංඛ්‍යා දත්ත මගින් හෙළි කරනුයේ ’’නොහැකියාව පිළිබඳ වන දරුණු උදාහරණයක්’’ යැයි පැවසීය.

උණ වසංගතය වැළැක්වීම සඳහා 2006 වසරේ සිට මේ වනතෙක්  පවුම් මිලියන 600 ක් ඖෂධ සඳහා යොදවා ඇත.

එක්සත් රාජධානිය රජය විසින් කුරුළු උණ වසංගතය සහ අනෙකුත් වසංගත භීතිය ජනතාවගෙන් පහ කිරීම සඳහා ටමි ෆ්ලූ නිෂ්පාදනය කරනු ලබන රොච් නමැති ස්විස් සංස්ථාව සහ රිලෙන්සා නිෂ්පාදනය කරනු ලබන ලන්ඩනය ආශ‍්‍රිත ජිඑස්කේ සංස්ථාවත් සම්බන්ධ කරගනිමින් උණ වෛරසය උදාසීන කලහැකි විප්ලවකාරී ඖෂධ සඳහා ජාතික සංචිතයක් නිර්මාණය කිරිමට තීරණය කළහ.

2006 සිට 2013 දක්වා තුළ කාලය තුළ ටමි ෆ්ලූ ඖෂධය පමණක් මිලියන 40 ක් මිලදී ගෙන ඇත. එයින් භාගයක් පමණ ඉවත දැමීමට සිදු වී ඇත.

’’මෙම නාස්තිය වෙනුවෙන් කිසිම සමාවක් නොමැතිබව’’ හොජ් මහත්මිය විසින් පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
මෙහිදී වැදගත්ම කරුණ වනුයේ මෙතෙක් භාවිතයට ගැනුනු මිලියන 30 ක් වන ඒකක ප‍්‍රමාණයේ සඵලත්වයේ වර්ධනය පිළිබඳ ප‍්‍රශ්නයයි.

හොජ් මහත්මිය පවසන පරිදි ’’කෙසේ නමුත් ටමි ෆ්ලූ ඖෂධය සුවවීම වේගවත් කළත්, එහි ක‍්‍රියාකාරිත්වය මගින් රෝහල්ගත වීම් සහ සංකූලතාවය අඩුවීමේ ප‍්‍රවණතාවක් නොමැතිකම හේතුවෙන් විශේෂඥයන් මේ සඳහා එකඟත්වය පළ නොකළ බවයි.’’

2002 වසරේ සිට වෙළෙඳපොළට නිකුත් කර ඇති ටමි ෆ්ලූ ඖෂධය සාර්ථක සායනික අත්හදා බැලීමක් කර ඇති නිසා රොච් නමැති ස්විස් ජාතික සංස්ථාව විසින් තම දත්ත ලබා දීම එකහෙළාම ප‍්‍රතික්ෂේප කරන අතර ප‍්‍රබල නිදහස් වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමක් වන කොකේ‍්‍රන් සහයෝගිතාවය විසින් රොච් සංස්ථාවට නඩු පැවරීමට රජයට අනුබල දීමට පටන් ගෙන ඇත. මේ නිසා පසුගිය මස රොච් සමාගම  විසින් අවසානයේ තම පර්යේෂණ දත්ත කොකේ‍්‍රන් වෙත භාරදීමට සූදානම් බව පොරොන්දු විය.

එසේම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් එන්.ඒ. ඕ. වාර්තාව පිළිබඳ නිර්දේශ කිරීම් ගැන සලකා බලන බවත් පැවසීය.

’’ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එක්සත් රාජධානිය ලොව හොඳම ශක්තිසම්පන්න වසංගත මර්ධන රටක් ලෙස හඳුනාගෙන ඇති බව’’ එම සංවිධාන ප‍්‍රකාශයේ සඳහන් වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos