May
26
තඹුත්තේගම නගරයට යාබද ගම්මැද්ද ප‍්‍රදේශයේ මීට කලකට ඉහතදී මිය ගිය තරුණියකගේ අවතාරයක් සැරි සරමින් ඇතැයි ගම්වාසීහු රාත‍්‍රියට බියෙන් පසු වෙති.
සවස 6.30 ත් 7.00 ත් අතර කාලයේ ගම්මැද්ද රනෝරාව වැව අසළ බෝක්කුවක් මත සුදු ඇදුමකින් සැරසුණු රූමත් තරුණියක මෙම දිනවල දී තනිව ගමන් කරන විට හිස වනා තමා ළඟට එන ලෙස තරුණිය කතා කරන බවත් සිද්ධියට මුහුණ දුන් සියල්ලන්ම ඉන් පසු රෝගාතුරව ඇති බවත් වාර්තා වෙයි.
පසුගිය 24 වැනි දා දින සවස ද මෙම සුදු වතින් සැරසුණු තරුණිය දැකීමෙන් තරුණයෙක් බරපතළ ලෙස රෝගී වී මේ වන විට ද කතා කිරීමට නොහැකිව ගොළු වී සිටී.