-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

Showing posts with label Gossip News. Show all posts

තලංගම, බත්තරමුල්ල, සුභූති පූර ගැමුණු මාවතේ පිහිටි දෙමහල් නිවසක මුළුතැන්ගෙයක් තුළ මාධ්‍යවේදීනි මෙල් ගුණසේකර මෙනවිය ගෙල කපා ඝාතනය කළ සැකකාර තීන්ත බාස්වරයා මිරිහාන විශේෂ අපරාධ ඒකකය විසින් ඊයේ (02) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.
දොම්පේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී සැකකරු අත්අඩංගුවට ගත් ‍පොලිසිය ඝාතනය වූ මෙල් ගුණසේකර මෙනවියගේ ජංගම දුරකථනය සහ එම නිවසෙන් සොරාගත් රු. 1200ක මුදල සොයාගෙන තිබේ.සැකකරු පිළිබඳව සී.සී.ටී.වී. දර්ශන මගින් තොරතුරු ලබා ගනිමින් සැකකරු අත්අඩංගුවට ගත් බව ‍පොලිසිය කියයි.

ඇයගේ මව පියා සහ සහෝදරයා ඊයේ පෙරවරුවේ පල්ලි ගොස් නැවත නිවසට පැමිණි අවස්ථාවේදී ඇය ඝාතනය කොට තිබූ අයුරු දැක පළමුව දැක තිබුණි. පසුව ඔවුන් මේ පිළිබඳව 119 ‍පොලිස් හදිසි දුරකථන ඇමතුමට දන්වා ඇති අතර ඒ සමගම ක්‍රියාත්මක වූ තලංගම ‍පොලිස් ස්ථානයේ නිලධාරීන් මෙම ඝාතනය සිදුවූ නිවසට පැමිණ පරීක්ෂණ ඇරඹීය.

සිය පවු‍ලේ උදවිය පල්ලි ගොස් තිබූ හෙයින් මෙම මාධ්‍යවේදිනිය නිවසෙහි තනිව සිට ඇති බව ‍පොලිසිය පවසයි. එසේම මෙම ඝාතනය සිදු වී ඇත්තේ ඊයේ (2) පෙරවරු 7ත් 8.15ත් අතර කාල සීමාවේ බවද ‍පොලිසිය සඳහන් කරයි. ඒ අනුව ඝාතනය සිදු කළ ස්ථානයට නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂක (සොකෝ) නිලධාරීන් පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කොට තිබුණි.

ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවක වන මෙල් ගුණසේකර මෙනෙවිය නැගෙනහිර ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික අධ්‍යයනය පිළිබඳ විශේෂවේදී උපාධිධාරිනියකි. ඇය 1997 දී මාධ්‍යවේදිනියක ලෙස සන්ඩේ ටයිම්ස් පුවත්පතටද එකතු වී තිබේ. එහි ව්‍යාපාරික මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළ ඇය පසුව ඒ.එෆ්.පී. ප්‍රංශ පුවත් සේවයෙහි මාධ්‍යවේදිනියක ලෙස වසර පහක් කටයුතු කොට ඇත. ලංකා බිස්නස් ඔන්ලයින් වබේ අඩිවියේ සමාරම්භක කර්තෘවරියක ලෙස ද ඇය කටයුතු කොට තිබිණි.

ඇය මිය යන විට ෆිච් රේටින් ලංකා ආයතනයෙහි නියෝජ්‍ය සභාපති ධුරය සහ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙහි ව්‍යාපාරික අංශයේ රැකියාවක් කරමින් සිට තිබේ.
සාහසිකයා ඇය ඝාතනය කොට ඇත්තේ එම දෙමහල් නිවසේ මුළුතැන්ගේ තුළය. උඩුබෙලි අතට ඇය වැතිර සිටි බවත් ගෙල ප්‍රදේශයේ කැපුම් පහරක් දක්නට ලැබෙන බවත් විමර්ශන නිලධාරීහු සඳහන් කරති.

එසේම මෙල් ගුණසේකර මෙනවිය පදිංචිව සිටි දෙමහල් නිවසට යාබද තවත් දෙමහල් නිවසක ඊයේ (02) අසල්වැසියෙක් මේ සිද්ධිය පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය.

උදේ 7.30ට විතර එකපාරට බල්ලෝ බිරුවා. මේ ගෙදර බල්ලෝ හතර දෙනෙක් ඉන්නවා. ටික වේලාවකින් බල්ලෝ බුරන සද්දේ නැතිවුණා. 8ට විතර ආයෙත් ගෑනු කෙනෙක් ගිරිය යටින් කෑගහන ශබ්දයක් ඇහුණා. මම බැල්කනිය උඩ ඉඳන් අවට විපරම් කළා. මේ ගෙදර වත්ත දිහාත් බැලුවා. ඒත් මුකුත් නැති නිසා මම ආයෙත් කෝපි බිබි හිටියා. 8.30ට විතර ආයෙත් මේ ගෙදරින් විලාප දීලා අඬන ශබ්දයත් ඇසුණා. එතකොට මම දුවලා මේ ගෙරදට ගියා. එතකොට මේ දුවව මරලා ඉන්නවා දැක්කා යැයි එම අසල්වැසියා කියා සිටියේය.

එසේම මේ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා නුගේගොඩ කොට්ඨාසයේ නිල සුනඛ අංශයේ රොකීද ගෙන්වා තිබිණි. මෙම ඝාතනය සිදු වූ ස්ථානයේ වැටී තිබූ සුදු යකඩ පිහියක් සහ ස්කුරුප්පු නියන් ඉව කළ රොකී එම නිවසේ සිට අශෝක වටරවුම ප්‍රදේශයේ මාර්ගයන් අසලට ගොස් නතර වූ බවද ‍පොලිසිය පවසයි.
රොකී සුනඛයා නතර වූ ස්ථානයෙහි සිට එම ඝාතනය සිදුවූ නිවස පිහිටි ස්ථානයට කිලෝ මීටරයකට ආසන්න දුරක් ඇති බවද විමර්ශන නිලධාරීහු පවසති.
සාහසිකයා එම ස්ථානයට වාහනයකින් පැමිණ මෙම නිවසට පාගමනින් පැමිණ ඇති බවට ඉන් අනාවරණය වන බවද විමර්ශන නිලධාරීහු සඳහන් කරති.

රොකී නිල සුනඛයා එක් අවස්ථාවක සුදු යකඩ පිහියට ඉව අල්ලා අශෝක වටරවුමේ අදාළ මාර්ගය අසල නතර වී තිබේ. පසුව ස්කුරුප්පු නියනට ඉව ඇල්ලූ රොකී එම ඉව ඔස්සේ ගොස් නතර වී ඇත්තේ පෙර නතර වූ මාර්ගය අසලමයි.
සුදු යකඩ පිහියෙහි ‍ලේ තැවරී තිබූ නිසා එම පිහිය ඝාතනයට යොදා ගත් පිහිය බවද ‍පොලිසිය පවසයි.

මෙම අපරාධය සිදුවූ ස්ථානයට ඊයේ (02) කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් කමල් විජේසිරි මහතා සහ අධිකරණ වෛද්‍යවරයා පැමිණ ස්ථානය පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කොට තිබුණි.

මෙල් ගුණසේකර මෙනවියගේ පියා ‍පොලිතින් නිෂ්පාදන ව්‍යාපාරිකයකු වන අතර එම කර්මාන්ත ශාලාව පිහිටි කොටසද ඝාතනය සිදුවූ නිවසට සම්බන්ධ පිහිටා තිබේ. ප්‍රදේශය භාර උසස් ‍පොලිස් නිලධාරීන් සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මෙම ස්ථානයට ඊයේ (02) පැමිණ තිබුණි.

මෙම අභිරහස් ඝාතනය සෙවීම සඳහා තලංගම ‍පොලිසිය, මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය ඇතුළු ‍පොලිස් කණ්ඩායම් 6ක් විමර්ශන අරඹුවේ ඒ අනුවය.
මෙම නිවසෙහි තීන්ත ගෑ තීන්ත බාස්වරයකු වූ සැම්සන් ජෝර්ජ් ඇන්තනී නමැති  සිව්දරු පියකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් දොම්පේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත්තේ ඉන් අනතුරුවය.දොම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම තීන්ත බාස් 39 හැවිරිදි වියෙහි පසුවන බව ද ‍පොලිසිය පවසයි.

ඉකුත් වසරෙහි දෙසැම්බර් මොහු මෙල් ගුණසේකර මෙනවියගේ ගෙදර තීන්ත ගෑම සඳහා පැමිණ ඇති බව ද ‍පොලිසිය පවසයි. මෙල් ගුණසේකර මෙනවිය ඇතුළු පවු‍ලේ පිරිස කතෝලික ආගම අදහන අතර ඉකුත් නත්තලට පෙර ඔවුන් ජීවත්වන නිවස තීන්ත ආ‍ලේප කිරීමට භාරදී තිබුණේ මොහුට බව ද ‍පොලිසිය කියා සිටී.

දින ගණනාවක් මොහු එම නිවෙසේ තීන්ත ආ‍ලේපන කටයුතු කර ඇති අතර නිවැසියන් සමග මිත්‍රශීලීව කටයුතු කර ඇති බව ද ‍පොලිසිය පවසයි. නිවසේ සිටින සුනඛයන් හතර දෙනාද මොහු සමග හිතවත්කමක් දක්වන බවද ඊයේ මොහු එම නිවසට පැමිණි අවස්ථාවේ සුනඛයින් මොහුට බුරා නොමැති බව ද ‍පොලිසිය පවසයි.

ඒත් මොහු එම නිවසට තාප්පයෙන් පැනපු අවස්ථවේදී පමණක් එම සුනඛයන් හතර දෙනා මොහුට බුරා ඇති අතර පසුව මොහු එම සුනඛයන් වෙතට ගොස් හිතවත්කම් පා නිවස කොල්ලකෑමට ඉස්කුරුප්පු නියන් හා පිහියක් රැගෙන නිවසට ඇතුළු වූ බව ‍පොලිසිය පවසයි.

ඊයේ ඉරිදා දිනයක් වූ නිසා එම පවු‍ලේ උදවිය ඉරිදා දේව මෙහෙයට සහභාගි වන බව ද මොහු දැන සිටි නිසා එම පෙරවරු හතත් අටත් අතර කාලය මොහු කොල්ලය සඳහා තෝරාගෙන ඇති බව ද ‍පොලිසිය පවසයි.

කොල්ලකෑමේ අරමුණින් මොහු නිවසට ඇතුළුවනවාත් සමගම නොසිතූ පරිදි මෙල් ගුණසේකර මෙනවිය නිවසේ සිටිනවා දුටු මොහු ඇයට මුලදී පහර දී ඇති බවත් පසුව ඇය ඔහුව හඳුනාගත් නිසා සිය අතේ තිබූ පිහියෙන් ගෙල සිඳ ඝාතනය කොට ඇති බව ද ‍පොලිසිය පවසයි.

මොහු සහ මෙල් ගුණසේකර මෙනවිය අතර ‍පොරබැදීමක් සිදුවී ඇති අතර පසුව මොහු ඇයව ඝාතනය කර ඇයගේ බ්ලැක්බෙරි ජංගම දුරකථනය ද රැගෙන එම නිවසින් පලාගොස් ඇත. පසුව මොහු පදිංචිව සිටින දොම්පේ නිවසට ගොස් ඊයේ පස්වරුවේදී මෙම සිද්ධියට සිතා කලකිරුණ නිසා යහමින් මත්පැන් ද පානය කොට තිබූ බව ද ‍පොලිසිය පවසයි.

ඊයේ රාත්‍රියේ මොහු පිළිබඳ තොරතුරු අදාළ CCTV දර්ශන මගින් ලබාගත් ‍පොලිස් කණ්ඩායම මොහුව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ද වෙරිමතින් සිටි බව ද ඔහු විසින් මෙල් ගුණසේකරව ඝාතනය කළ බව පා‍පෝච්චාරණය කළ බව ද රිවිර කළ විමසීමකදී උසස් ‍පොලිස් නිලධාරියෙකු පැවසීය.

මොහුව අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නිමල් කරුණාරත්න, උප ‍පොලිස් පරීක්ෂකවරු වන ජයන්ත පෙරේරා, හේමන්ත කුමාර, ‍පොලිස් සැරයන් ප්‍රසන්න (56958), ‍පොලිස් කොස්තාපල්වරු වන බණ්ඩාර (21284), ප්‍රසන්න (40248), විපුල (51857), සමීර (81600), ප්‍රදීප් (84426) ඇතුළු කණ්ඩායම විසින් සිදු කරන ලදී.
චාමර අමරසූරිය
Alternative text

කොස්ගොඩ කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුතු සුදු කැස්බෑවා සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගායක අමල් පෙරේරාගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට පොලීසිය තීරණය කර තිබේ.
පසුගිය 15 වනදා මෙම කැස්බූවා සොරාගෙන ගොස් තිබූ අතර ඇලි කැස්බෑවා මිලදී ගැනීමට නැසීගිය ප‍්‍රකට ගායකයෙකුගේ ගායක පුතෙකු ආ හැටි කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානයේ සඳහන් කර තිබුණේ අමල් පෙරේරා මෙම ඇලි කැස්බෑවා මිලට ගැනීමට පැමිණි බවත් තමන් ඊට විරෝධය පල කල බවත්ය.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති බව පවසන ගායක අමල් පෙරේරා පොලීසියට ප‍්‍රකාශයක් ලබාදීමට සූදානමින් සිටින බවද කියා සිටී.
Alternative text

අයවැය යෝජනා අනුව මෝටර් රථ ආනයේදී ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඊයේ පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති මහින්ද සරත්චන්ද්‍ර මහතා පැවසුවේ එම යෝජනා මගින් භාවිත කළ මෝටර් රථයක් මිලදී ගැනීමට වඩා අලුත් මෝටර් රථයක් මිලදී ගැනීම වාසි දායකවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ය.
භාවිත කළ වාහන ආනයනයේදී ක්ෂයවීම මත බදු අය කිරීමේ ක්‍රම‍වේදය සංශෝධනය කිරිමට මෙවර අයවැයෙන් යෝජනා කෙරිණ.
නිෂ්පාදනය කර මුල් මාස 6 ක් දක්වා සියයට 90 ක් ද ඊට පසු මාස 6ට සියයට 80ක් ද ලෙස මාස 6 න් 6ට වෙනස්වන ආකාරයට මෙතෙක් ක්ෂවීම් මත බදු අය කෙ‍රිණ.
එහෙත් නව සංශෝධන අනුව නිෂ්පාදනය කර වසරක් තුළ ගෙන්වන සියලු මෝටර් රථ වලට සියයට 90ක ක්ෂයවීම් මත බදු අය කෙරෙනු ඇති.
ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති මහින්ද සරත්චන්ද්‍ර මහතා මෙසේ පැවසීය.
“වර්ෂ 2ක් දක්වා කාලය ඇතුළත වාහනයක් ආනයනය කරනව නම් නවීන මෝටර් රථයක මිලම ගෙවන්න සිද්ධවෙනවා. එම නිසා පාවිච්චි කරන ලද මෝටර් රථ මිලදී ගැනීම අඩු වෙලා බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථ මිලට ගන්න පාරිභෝගිකයන්ට සිද්ධ වෙනවා. මාස 2ක් 3ක් 5ක් 6ක් විතර පාවිච්චි කරන වාහනයක මිල ලක්ෂ 2 සිට ලක්ෂ14 දක්වා අධික බද්දක් ගෙවල තමයි ගන්න වෙන්නේ”
භාවිත කළ වාහන ගෙන්වීමට වඩා අලුත්ම රථයක් ගෙන්වීම ලාභදායී පසුබිමක සීමිත පිරිසක් පමණක් වාසි ලබන බව මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ අදහස වේ.
ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති මහින්ද සරත්චන්ද්‍ර මහතා ඒ පිළිබඳව මෙසේ සඳහන් කළේය.
“බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථ ආනයනය කරන 12 දෙනක් පමණ සමාගම් සීමිත සමාගම් ප්‍රමාණයක් වෙළඳපොළ සකස් කරල දීල තියෙනවා ඒ අයට මේ අයවැය තුළින්. අපි ඉල්ලා සිටින්නේ මෙන්න මේ ක්ෂය වීමේ මත අය කරන ක්‍රමය වෙනස් කරල දෙන්න කියල එහම නැති උනොත් අපිට අපේ ව්‍යාපාර පවත්වා‍ගෙන යන්න බැරි වෙනවා විශාල පිරිසකට රැකියාවල් නැති වෙනවා”
Alternative text

අබුඩාබිහි ප්‍රසිද්ධ මුස්ලිම් දේවස්ථානයක් ඉදිරිපිට අනවසරයෙන් ඡායාරූප ගැනීමක නිරත වෙමින් සිටි පොප් ගායිකා රිහානා එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

එම දේවස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, රිහානා අශෝභන ආකාරයේ ඡායාරූප ගැනීමක නිරත වූ බව ය.
එය දේවස්ථානයේ කොන්දේසිවලට එකඟ නොවන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
එහිදී ගත් ඡායාරූප කිහිපයක් ඇය ට්විටර් වෙබ් අඩවියෙහි පළ කර ඇති අතර එහි ඇය කළු පැහැති ලෝගුවක් ඇඳ හිස ආවරණය කරගෙන සිටී.
Alternative text

ඇයගේ සැබෑ නම “ෂෙරිල් රොමේන් ඩෙකර්”. නමුදු කවුරුත් ඇය හඳුනන්නේ නම් “අමා” ලෙසිනි. ස්වාධීන රුපවාහිනී නාලිකාව හරහා මීට කලකට ඉහත විකාශය වුණු “අමා” ටෙලි නාට්‍යය හරහා අතිශය ජනාදරයට පත්වූ ඇය එම නමට බොහෝ සේ ආදරය කරන බවද පැවසීය. ස්වාධීන රූපවාහිනියෙන්ම සංවිධානය කරන ලද එක් අවුරුදු කුමාරි තරගයකින් දෙවන තැන ලබා ගැනීම සේම “සිරස ඩාන්සින් ස්ටාර්” වැඩසටහනට සම්බන්ධවීම මෙම ගමනේ මූලික අඩිතාලම බවද ඇය සිහිකළාය. මේ වන විට නැගී එන ටෙලි නාට්‍ය නිළියක, සේම නර්ථන ශිල්පිනියක ලෙසද කලා ලෝකය හරහා සොඳුරු ගමනක යෙදෙන ඇය පසුගියදා විවාහ ගිවිස ගත්තාය. “නොදැක ඉන්න බෑ” ගීතය හරහා රසික හදවත් ජයගත් යොවුන් ගායක රුවන් හෙට්ටිආරච්චි ඒ වාසනාවන්තයා විය. මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වන “බාලොලිමල්” ටෙලි නාට්‍යයේ චරිතයක් හරහා ඔබගේ ආලින්දයට ගොඩවන මේ සොඳුරු නිළිය ඇගේ අලුත්ම තොරතුරු කියන්නට හරිබරිගැසුනේ මේ ආකාරයටය.
“මුලින්ම මම කියන්නෙ කලාව කියන්නෙ මිල කරන්න බැරි තරම් ලොකුම සම්පතක්, කලාවට සම්බන්ධ වෙන්න ලැබිම මම දකින්නෙ මේ ජීවිතයේදී මට ලැබුණු ලොකුම වාසනාවක් හැටියටයි. මම ඒ ගැන හැමතිස්සෙම දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා”
“මේ ක්ෂේත්‍රය හරිම සුන්දර තැනක්. මිනිසුන්ගේ ආදරය අවධානය ඕනෑවටත් වඩා ලැබෙන විට දැනෙන හැඟීම විස්තර කරන්න අමාරුයි. මේ වරප්‍රසාද වැරදි විදියට පරිහරණය කළොත් තමයි ගැටළු මතුවෙන්නෙ. කලා ක්ෂේත්‍රය
ගැන විවිධාකාර අදහස්
පළවෙනවා තමයි. නමුත් මම නම් කලා කටයුතුවල යෙදිල ඉන්නෙ නම් හරිම සතුටින්. ඒ වගේම හොඳ තෘප්තිමත් හැඟීමකින්”
මේ දිනවල ඇය යෙදී සිටින කලා කටයුතු ගැන කීවේ මෙවැනි කතාවකි.
“මේ දවස්වල මම වැඩිපුරම නර්තනය හා සම්බන්ධ දේ වලට තමයි මුල්තැන දීලා තියෙන්නෙ. නුගේගොඩ මගේම නර්ථන පන්තියක් පවත්වාගෙන යනවා. ඒ වගේම සංගීත සංදර්ශනවලට නර්ථනයෙන් සම්බන්ධ වෙනවා. දකුණු කොරියාවේ පැවැත්වුණු සංගීත වැඩසටහනකට සහභාගි වෙලා ආවෙ ගිය සතියේ. ඊට කලින් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සංගීත වැඩසටහනකට සම්බන්ධ වෙලා කටයුතු කළා.”
“ඇත්තටම මම මුලින්ම බෙනට් රත්නායකගේ “ඉරහඳ” චිත්‍රපටයට තමයි සම්බන්ධ වුණේ. නමුත් මිනිසුන් මාව හඳුන ගත්තේ මා වටා රොක් වුණේ  “අමා” නිසයි. සාන්ත සොයිසා නිර්මාණය කළ අමා  කණ්ඩායමට මා සදා ණය ගැතියි. මම කොහේ ගියත් හැමෝම මට කතාකරන්නෙ අමා කියල, හරි පුදුමයි. ඒ වාසනාවන්ත නමට මම හැමදාම ආදරෙයි“
“ඒ වගේම කියන්න කුලසිරි බුදවත්ත මාස්ටර්ගෙ නර්තන පන්තියෙ උගන්වපු ගයාන් ශ්‍රීමාල් අයියා තමයි මට ඩාන්සින් ස්ටාර් වැඩසටහනට සහභාග වෙන්න මග පාදල දුන්නෙ. සිරසට, ස්වාධීන රූපවාහිනී සේවයට මම හැමදාම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මගෙ අම්ම. අම්ම හින්ද තමයි මට මේ තරම් දුරක් එන්න ලැබුණෙ. අම්ම මගේ පිටිපස්සෙන් ඉඳගෙන මාව ධෛර්ය යමත් කළා හැම තිස්සෙම”
සාමාන්‍යයෙන් කලා
ක්ෂේත්‍රයේ අය විවාහ දිවියට පිවිසෙන්නේ එහි කිසියම් ස්ථාවරයක් ගොඩනගාගත් පසුවය. තම ජනප්‍රියත්වයට එයින් බලපෑමක් එල්ලවන බව සමහරුන්ගේ අදහසය. නමුත් ෂෙරිල් විවාහ වූයේ කලා ලෝකයට ඉතා නවක නිළියක්ව සිටියදී ඉතා ළාබාල වයසකදීය. මේ ගැන මම ඇගෙන් විමසුවෙමි.
“මට ජීවිතයේ ඒ වගේ හීන නම් නැහැ. මට ජීවිතයේදී යම් යම් දේ ලැබෙන ආකාරයට එය හැඩගස්වාගන්න තමයි මම කැමති. රුවන් මට ආදරෙයි. මගේ අම්මට, තාත්තට අක්කට හොඳින් සලකන ආදරණීය චරිතයක්. ඉතින් ඇයි අපේ කටයුතු ප්‍රමාද කරන්නෙ.”
“ලොකු උත්සව, වැඩි කළබල
නැතිව ලබන ජනවාරියේදී අපේ විවාහ මංගල උත්සවය පවත්වනවා”
“අපි ජීවිතයේදී මේ හැම දෙයක්ම කරන්නෙ සතුට ලබාගන්න නේද ?  ඉතින් මට ඒ සතුට සන්තෝෂය ඕනෑවටත් වඩා ලැබිල තියෙනවා. අපි දෙන්න ජීවත් වෙන්නෙ හරිම සතුටින්. මට හිතෙනවා මම හරිම වාසනාවන්තයි කියල”
“අපි දෙන්නම විදේශවල පැවැත්වෙන සංගීත වැඩසටහන්වලට නිතරම සම්බන්ධ වෙනවා. රුවන් ගී ගයනවා මම නර්ථනයෙන් දායක වෙනවා. ඒ රටවල ජීවත්වන අපේ රටේ අයගේ ආදරය, සත්කාර අඩු නැතිව ලැබෙනවා. අපි හරිම සතුටින් ජීවත් වෙනවා” ඇයගේ විනෝදාංශයද ටිකක් අමුතුම පාහේ එකකි. “අපි දෙන්න විවිධ කෑම වර්ග කන්න හරි ආසයි. ඉතින් විනෝදයට කරන්නෙත් විවිධ රස කෑම වර්ග රසවිඳින එක තමයි“
සමුගන්නට කලින් ඇය මෙසේද කීවාය. “මේ මෑතකදී අපි දෙන්න දික්කසාද වෙලා කියල රාවයක් නිර්මාණය කරල තිබුණ. මේවා කරන්නෙ කවුද කියල නම් අපි දන්නෙ නැහැ. අපි ඒ අයට වෛර කරන්නෙත් නැහැ. ඒ අය ගැන අපට තියෙන්නෙ දුකක් විතරයි“
“අපි දෙන්නව එකතු කළේ දෙවියන් වහන්සේ. අපි දෙන්නම කතෝලික ආගමේ. දෙවියන් විසින් එකතු කළ දේවල් මිනිසුන් වන අපට වෙන්කරන්න බැහැ. අපි හරිම සතුටින් ජීවත් වෙනවා. කවදාවත් කලාව දාලා යන්න බලා‍පොරොත්තුවක් මගේ නැහැ. හැමදාම මම මේ
ක්ෂේත්‍රයේ  ඉන්නවා. ඒතරමට මම කලාවට ආදරෙයි”
සංවාද සටහන - නිර්මලා කුමාරි සේනාරත්න
ඡායාරූපය - ජානක කඳන ආරච්චි
Alternative text

සනත් දැන් 
පෙම් සුව 
විඳින්නෙ 
මේනකා 
එක්කද...?

ක්‍රිකට් තේරිම් කමිටුවේ සභාපති වුණු සනත් කොළඹ පැවැත්වුනු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් මැද්දේ මලීකා එක්ක සී ප්ලේන් එකකින් නුවර ගියා කියන ප්‍රවෘත්තියටත් තටු ඇවිල්ලා හැම තැනම ඉගිල්ලිලා ගියා.

කොහොම වුණත් සනත් මලීකා සම්බන්ධය හිතපු තරම් දුර දිග ගියේ නෑ. සනත් මේ වෙද්දි මේනකා පීරිස් එක්ක පෙම් සුව වින්දින්න පටන් අරගෙන කියලා තමයි අලුත්ම නිවුස් එක. ඒක කවුරුත් දන්නවනේ. 


එතකොට මලීකා දැන් තනිකඩයි  කියලා ඔයාලට හිතෙනවා ඇති. එත් ඇත්තම කතාව මොකක්ද දන්නවද?

ගුවන් සේවිකාවක් වුණු මලීකා සිරිසේන ගැන මුළු රටම දැන්ගත්තේ සුපර් සික්ස් චිත්‍රපටිය තිරගත වුණාට පස්සේ. ඊටත් පස්සේ මලීකා ගැන කවුරුත් උනන්දු වෙන්න පටන් ගත්තේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය එක්ක මලීකා ඇති කරගත්තු ආන්දෝලනාත්මක ප්‍රේම සම්බන්ධය නිසා. කතාව පැතිරිලා ගියේ සනත් මලීකාව විවාහ කරගත්තා කියලා.

ඒත් 
ඇත්තටම ඒක එහෙම වුනේ නෑ. මලීකා මේ පාරත් අල්ලලා තියෙන්නේ ලේසි පහසු අත්තක් නෙවෙයි. මලීකා මේ වෙද්දි ආදරෙන් බැදිලා ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා ගේ අයියා. ඒ කියන්නෙ ABC මාධ්‍ය ජාලයේ අයිතිකාරයා වුණු රෙනෝ ද සිල්වා එක්ක කියලා තමයි ඇත්තම කතාව.
Alternative text

ජනප්‍රිය නළුවෙකු වන කාවිංග පෙරේරා දපනේ දමා ගැනීමට නිළියන් දෙදෙනෙකු පොරකමින් සිටින බව වාර්තා වේ.


කාවිංගගේ පෙම්වතියව සිටි අක්ෂා සුදාරි ඔහු හැරයාමෙන් හිස්වූ තැනගන්නට ඔවුන් මෙසේ පොරකමින් සිටින බව පැවසේ.
රූපවාහිනී නාලිකා දෙකක් විසින් රූ රැජිනන් කරන ලද දැනට නිළියන් ලෙස කේෂ්ත්‍ර යේ සිටින දෙදෙනෙකු මෙසේ පොරකන බවද වාර්තා වේ.


Alternative text

බොලිවුඞ් රංගන ශිල්පී රන්බීර් කපූර් මුම්බායි ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. කිසියම් කටයුත්තක් සඳහා අමෙරිකාවට ගොස් ආපසු පැමිණීමේදී එසේ අත්අඩංගුවට පත්ව තිබේ.
රේගුව සඳහා අනාවරණ කළ යුතු කිසිවක් ගමන්මලූවල නොමැති මගීන් සඳහා වෙන්කර තිබෙන ප‍්‍රවේශය ඔස්සේ ගුවන්තොටුපොළෙන් පිටවීමට  රන්බීර් කපූර් උත්සහ කර ඇත.  එහෙත් රේගු නිලධාරීන් පැමිණ ඔහු නවතා ඔහුගේ ගමන්මලූ පරීක්ෂා කර තිබේ.
ඉන්දියාවට රැගෙන ඒමේදී බදු ගෙවිය යුතු ඇතැම් ද්‍රව්‍ය ද එම ගමන් මලූවල තිබී හමුවී ඇතැයි සඳහන්වේ.  ඒ අනුව ඉන්දීය රුපියල් ලක්ෂයක බදු මුදලක් ද දඩයක් ලෙස තවත් ඉන්දීය රුපියල් හැත්තෑ පන්දහසක් ද ගෙවීමට රන්බීර් කපූර්ට නියම කර ඇත.

 කෙසේවෙතත් ඊට ප‍්‍රමාණවත් මුදල් ඔහු සන්තකයේ තිබී නොමැති අතර, ඒ නිසා ගමන්මලූ රේගු භාරයේ තිබියදී ගුවන් තොටුපොළෙන් පිටව යාමට  ඔහුට සිදුව ඇති අතර, පසුව ඔහුගේ සේවකයෙකු පැමිණ නියමිත බදු සහ දඩ මුදල් ගෙවා එම ගමන්මලූ නිදහස් කරගෙන තිබේ.

රන්බීර් කපූර් යනු මේ දිනවල ජනප‍්‍රියත්වයේ ඉහළින්ම වැජඹෙන්නෙක්. ඔහු රඟපෑ ‘යේ ජවානී හේ දිවානී’ චිත‍්‍රපටය ඉකුත් දිනවල ආදායම් වාර්තා ද පිහිටුවමින් තිරගත විය.
Alternative text

ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය ගායකයෙකු වන දමිත් අසංක සිය බිරිඳට අමානුෂික අන්දමින් පසුගියදා පහරදී ඇතැයි වාර්තා වේ.

එම පහරදීම සිදුකොට ඇත්තේ දමිත් අසංක ගේ ගමේ සිටින බිරිඳ හා ළමයා කොළොඹ නිවසක පදිංචි කිරීමට කල උත්සාහයට බිරිඳ විරුද්ධ වීම හේතුවෙනි.

දමිත් අසංක ජනප්‍රිය වීමට ප්‍රථම සිය ගම්පලාතෙන්ම විවාහයක් සිදුකරගෙන සිටි අතර එම විවාහයෙන් ඔහුට ළමයෙක් ද සිටී.

දමිත් අසංක ජනප්‍රිය වීමත් සමග කොළොඹ පදිංචියට පැමිණ ඇතිඅතර එහිදී සෙන්සේෂන් නර්තන කණ්ඩායමේ තරුණියක හා ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබේ.

ඉන් අනතුරුව එම තරුණිය හා දමිත් අසංක එකට ජීවත් වීමට (living together) පටන්ගෙන ඇති අතර එම තරුණියට දාවද කුඩා දරුවෙකු දමිත් අසංකට සිටී.

තම බිරිඳට පහරදීම පිලිබඳ දමිත් අසන්කගෙන් විමසීමේදී ඔහු කියා ඇත්තේ "එයා හරි මෝඩයි..එන්නට කිව්වට එන්නේ නැහැ..ඔව් ඉතින් මම පාරක් දෙකක් ගැහුවා තමයි..." යනුවෙනි

Alternative text

තමා විකිණෙන ආකාරය නිවේදිකාවක් නිළියක් මෙන්ම මෝස්තර නිරූපිකාවක් වන නිරෝෂා පෙරේරා හෙළිකර තිබේ.

ඇය මේ බව හෙළිකර ඇත්තේ සති අන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයක් සදහාය.
තමාට ඇති ඩිමාන්ඩ් එක නිසා එසේ කාලෙන් කාලෙට එක එක රූපවාහිනී නාළිකාවලට විකිණෙන බව ඇය කියන්නීය.
අට නමය වෙනකොට නිදාගන්න නිසා තමා රාත්‍රී සමාජ ශාලාවලට නොයන බවත් පවසන නිරෝෂා තමා මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන්ද සම්පූර්ණයෙන්ම තොර බවද කියන්නීය.
කොටට ඇදීම අසංවර කමක් නොවන බවද කියන නිරෝෂා අසංවරකම ඇත්තේ බලන කෙනාගේ ඇස් දෙකේ මිසක් අඳින ඇඳුමේ ‍නොවෙන බවද පවසා ඇත.
Alternative text

විවාහක රූ රැජින බවට පත් ශ්‍රීමාලි ෆොන්සේකාට නිතර ට්‍රැක් මාරුවන බව අප වෙත වාර්තා වෙනවා.

ඇයට මෙසේ ට්‍රැක් මාරුවන්නේ වයස අවුරුදු 19 දී සිට බවද පැවසෙනවා. 


ශ්‍රීමාලි ඒ කාලයේ අමතර පංතිවලට ගියේ කෝච්චියේලු. ඇගේ අමතර පංතිය තිබුණේ මීගමුවේ වුවත් ඇයට ට්‍රැක් එක මාරුවී වේයන්ගොඩට ගිය දවසේ සිට මේ දක්වාම එසේ පාරවල් මාරුවෙන එක ඇයට පුරුද්දක් වෙලා තිබෙන බව තව දුරටත් අප වෙත වාර්තා වෙනවා.

රට රටවල පාරවල් විතරක් නොව ඇයට ගමේ පාරවලුත් මාරුවෙන බව
පැවසෙනවා. අය වසර 27 කට පසු ආසියානු විවාහක රූ රැජන කිරුළ දිනා ගැනීමට සමත්වූවා.

මීට පෙර විවාහක විශ්ව රූ රැජන ලෙස කිරුළ පැළැඳීමට සමත්ව සිටියේ වත්මන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝසි සේනානායකය.
Alternative text

නදීෂා හේමමාලි සම්බන්ධ පුවතක් හොඳින් විකිණිය හැකි බව බොහෝ දෙනොගේ අදහසය .ඇය පවතින සාමජයේ පහසුවෙන් අවධානයට ලක්වෙන තරුණ ,රූමත් ,දගකාර රංගන ශිල්පිණියකි .
ඇය හිටපු ගමන් ප‍්‍රකාශ කරන ප‍්‍රකාශ තරමක් ආන්දොලනාත්මකය. එමෙන්ම විටෙක විවෘතය .මේවා පිළිබඳව විවිධ අයට විවිධ අදහස් මතවාද තිබෙන්නට පුළුවන. එහෙත් නදීෂා ,නදීෂාට හරියි කියා හිතෙන දේ කරයි. එය හිතුවක්කාරකම දැයි අපි නොදනිමු .සමාජය එසේ කියයි .ඒ නිසාම නදීෂා විවිධ පේ‍්‍රම සම්බන්ධතා වලට පැටලෙයි .ඒවායින් මිදෙයි නැවත පැටලෙයි. ඒ නිසා හිත් වේදනා විඳියි .නිහඬව කාලයක් විවිධ කටයුතු කරමින් සිිටියි. මේ සියළු දේ මත ඇයගේ ජීවිතයේ තවත් අළුත් කතාවක් මේ වනවිට පැතිර යමින් පවතී .ඒ ඇගේ සංක‍්‍රාන්තියක් පිළිබඳවය .නදිෂා මේ සංක‍්‍රාන්ත‍්‍රි යේ සිය පෙම්වතා ගෙන් ගැබ්ගනී. 
එය සිදුව ඇත්තේ මේ වසරේ අගෝස්තු මස දී පමණය. ඒ සිදුවීම පිළිබඳ ඇත්ත කතාව මෙසේය
කර්තේලිස් ගූරුන්නාන්සේ ගමේ සුප‍්‍රකට යකැදුරකි. ඔහුගේ පුත් විෂ්ණ ගමේ කුලවන්තයකු වූ ආරචිචිලගේ වැඩිමහල් දියණිය කුමුදුලතා (නදීෂා හේමමාලි )සමග පේ‍්‍රමසම් බන්ධයක් ඇතිකරගනී.
කුමුදුලතාගේ ඇවැස්ස මස්සිනා වන ශක්ති මේ හේතුවෙන් විෂ්ණ සමග දැඩි වෛරයෙන් පසුවෙයි. කුලහීන තරුණයකු වන විෂ්ණ සහ කුලවන්තයකූ වු ශක්ති ගමේ පොදු ප‍්‍රශ්ණ වලදී දෙපිලකට බෙදි අරගල කරයි. ගුරුන්නාන්සේ රලු මිනිසකූ වුවද තම පුතාට අසීමිතව ආදරය කරයි.
මේ අතර හදිසියේ තරුණ විෂ්ණ වෙඩි වැදි මියයයි .ඔහුගේ පියාවන ගූරුන්නාන්සේ මෙයින් දැඩි කම්පනයට පත්වෙයි. හොදින් අධ්‍යාපනය හදාරා ඇති විෂ්ණ පිළිබදව මහත් බලාපොරොත්තූවෙන්සිටි ඔහු තම කම්පනය යටපත් කරගනිමින් සිය ශාස්ත‍්‍රයෙන් ප‍්‍රයෝජන ගැනීමට අධිටන් කර ගනී. ඔහු සතූවඇති මළමිනීවලට පණ උපද්දන මන්ත‍්‍ර ශාස්ත‍්‍රය උපයෝගී කරගෙන තම පුතාව පණගැන්වීමට  උත්සාහකරන්නේ තමපුතූට ඇති අසීමිත ආදරය නිසාවෙන්මය. මෘතශරීරය එම්බාම් කිරීම මරණ පරීක්‍ෂණ පැවැත්වීම සිය පණගැන්වීමේ වැඩපිළිවෙලට බාධාවක් බව දන්නා ගූරුන්නාන්සේ ග‍්‍රාමසේවක සහ මල්ශාලාව ඒ කටයුතූවලට තමන්ට අවශ්‍ය අකාරයට පොළඹවා ගනී ඔහු රහසිගතව මෘතශරීරය කාමරයකටදමා වසා මිනීපෙටීටිය පමණක් ගම්මුන්ට පෙනෙන්නට වලදමයි.
විෂණගේ මරණය ඔහුගේ පෙමවතියවන කුමුදුලතාට තදින් දැනේ එය ඇසුසැනින් ඇයඅමුතූ මප‍්‍රතිචාරයක් දක්වයි. ඇය නොහඩ යි. ඇයගේ මානසිකත්වය වෙනස්වෙයි. මානසික අවපීඩණයක ලක්‍ෂණ ඇය තූළින් දිස්වෙයි. මිය ගිය විෂ්ණ ඇයට සජීවීව පෙනෙන්ට පටන් ගනි .ඔහු ඇයගේ කාමරයට එයි ඇය හමුවෙයි. ඇය හා කතාකරයි. ඔහු මියගිය බව ඇය දැන් නොපිළිගනි. ඇය සතුටින් ඔහු හා කතාබස්කරයි.
මේ අතර විෂ්ණගේ මරණය වෙඩිතැබීමකින් සිදු වුවක් බව ගුරැන්නාන්සේ ගමට වසන්කරයි .ඔහු සර්පයකූ දෂ්ට කර මිය ගොස් ඇති බව ප‍්‍රචාරයකරයි. ඔහුගේ පණගැන්වීමේ කටයුතූවලට පහසුවන නිසාය ඔහුට සහායවන්නේ පෑතැටියාන නම් ඔහුගේ හිතෛෂිවන්තයාය. 
ගුරුන්නාන්සේ මෘත ශරීරය අසල හිද මැතිරීමට පටන්ගනී. එය ඔහුගේ නිවසේ කාමරයක ඉතා රහසිගතව සිදුවේ මිනිය නරක්වීම වැලැක්වීමට ඔහු ඉපැරණි කෙම්පහන්ක‍්‍රම කල බව කියයි. ගුරුන්නාන්සේගේ නිවසෙහි යසවතී නම් ගොලු ගැහැණිය ක වාසයකරයි .ඇය මේ සියලු දේ බලාසිටියද ගොලුනිසා මෙම රහස රැකගැනීමට පහසුවේ. ආරචිචි බිරිඳ හා බාලදියණිය මානෙල්ලතාට ආරච්චි වලව්ව තූළ කිසියම් අසාමාන්‍ය දේ සිදුවනබව වැටහෙ යි .කුමුදුලතාගේ හැසිරීම අමුතූය .ඇයකිසිවකු හා වැඩිකතා බහට නොයයි.එක්දිනක් රාත‍්‍රීයේ ඇය නිවසින් පිටවීයයි. පාන්දර නිවස අසල වන ලැහැබක සිටි ඇයව සොයාගනි. තව දිනක වලව්වට රාති‍්‍රයේ යමෙකු පැමිණ ඇත. කෝපි කෝප්ප දෙකක් පිළියෙල වී ඇත. ගෙදර නිවැසියන් මේ පිළිබද පුදුමය ට පත්වෙයි. වලව්වට රාතී‍්‍රයේ පැමිනියේ කවුද ?කෙසේ හෝ එම අමුත්තාපැමිණ ඇත්තේ කූමුදුලතා හමුවීමටය.
මේ අතර කූමුදුලතාගේ මස්සිනාවන ශක්ති දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ඇයගේ මව වන දිනවතීහාමිනේට වැටහෙයි. ඔහු නිතර හීනෙන් බියවෙයි. කෑගසයි. ඔහු හමුවීමට ශිවරාජ් නම් හැඩිදැඩි පුද්ගලයකූ නිතර පැමිණෙයි ඔහු ශක්තිගෙන්. යම් මුදලක් ඉල්ලා කරදරකරයි දිනක් ඔහු ශක්තිට පහර දෙයි ඔහු ඉල්ලා කරදරකරන මේ ගනුදෙනුව කූමක්ද ශක්ති නිතර බියෙන් පසුවෙන්නේ ඇයි.
ශක්තිට ආරච්චි නිවසින් කූමුදුලතා පිළිබද විවාහ යෝජනාවක් ආවද ඔහු එයටඅකැමති වෙයි නමුත් ඔහු කුමුදුලතාගැන නිතරම සිතයි මෙයඔහුගේ මවටත් ඔහු හා සමිපවීමට උත්සාහදරන අසල්වැසි තරුණියක වන වසුන්දරාටද තේරුම් ගැනීමට නොහැකිවෙයි. මේ සියල්ල මැද කූමුදුලතා ගැබ්බරවී ඇති බව හෙළිවෙයි. ආරචිචි බෙහෙවින් කෝපවෙයි මෙය සිදුවී ඇත්තේ කුලයෙන් හීන මියගිය විෂ්ණගෙන් බව හෙලිවෙයි. වලව්වේ ගැටුම් ඇතිවෙයි. කුමුදුලතාගේ මානසිකත්වය තව තවත් ව්‍යාකූලවෙයි.
මේ සිදුවීමඅතරතූර ගුරුන්නාන්සේ මෘතශරීරය ගෙදර තබා ගෙන දිගටම මතුරයි. ලබන පොහෝදින මෘතශරීරය නැගිටින බව ඔහු පෑතැටියා සමග පවසයි. අවසාන මැතිරු මම හා ජයටම සිදුකිරීමට සුදානම්වෙයි. නිවසේ වෙසෙන ගොලුගැහැණිය වන යසවතී මිනියට සිදුකරන මෙම මැතිරීම විෂ්ණට කරනවධයක් සේ සිතයි. වීෂ්ණ කූඩාකල ඇති දැඩිකලේමෙම ගැහැණියයි. ඇය විෂ්ණව දැඩිස්නේහයෙන් රැකබලාගත් තැනැත්තියයි. ඇය මෘත ශරීරය ඇදගෙන ගොස් පුලුස්සාදැමීමට තැත්කරයි. ගුරුන්නාන්සේ එය දැක ඇයට පහරදී මිණිය ආපසු රැගෙන
එයි මේ අතර ආරචිචිලා කූමුදුලතාගේ දරුගැබ විනාශ කිරීමට තැත්කල ද එය අසාර්ථකවෙයි.
අවසාන මැතුරුම මහා ජයට සිදුවෙයි එහෙත් මිනියට පණ ලැබෙන සළකුණක්වත් නොපෙනේ ගූරුන්නානසේ අධෛර්්‍යටපත් නොවෙයි පාලු ප‍්‍රදේශයක ගගක්මැද
මාතශරීරය පාරුවක තබා තවදුරටත් ජපකරයි මේ කිසිම ක‍්‍රමයකින් මෘත ශරීරයට පණදිය නොහැකි වන බව දැනගත් පෑතැටියා මෘතශරීරය ගිනිතබා අවසන් කටයුතූසිදුකරයි. මෙයින් කම්පනයටපත් ගුරුන්නාන්සේ ගේ සිහිය මදවශයෙන් විකල්වෙයි.
මේ අතර කූලහීන පියකූටදාව කූමුදුලතාගේ දරුවා ආරච්චි වලව්වේ දී උපත ලබයි මැණිකේ ඇතූලු පිරිස කූලමානය අතැර දරුවාට සලකයි. ආරච්චි ඈතින් සිට දරුවා දෙසබලා සිටි දරුවා බැලිමට එන ගූරුන්නාන්සේ ව ඔහු පන්නාදමයි . මේ ඉපදීඇත්තේ තම පුතා බව ගූරුන්නාන්සේ තදින්විශ්වාස කරයි.
මේ සියල්ල මැද විවිධ ප‍්‍රශ්ණ රාශියකට මුහුණදෙන ශක්තිගේ මෘතශරීරය ගගේතිබී හමුවෙයි ඔහු ගේ මව වැළපෙයි.
කාලය ගෙවීයයි. දරුවා දැන් වසර5ක පමණවන හුරුබුහුටි දරුවකි. කූමුදුලතා තම දරුවා අසාමාන්‍යලෙස ප‍්‍රවේසම් කරයි. සියපුතා මියයාමෙන් පසු අහිමිවුන දරුසෙනෙහසින් පීඩාවිදින ගූරන්නාන්සේ ද නිතර නිතර මේ දරුවාපිළිබද අවධානයෙන් පසුවේ. ගූරුන්නාන්සේ මන්ත‍්‍රබලයෙන් දරුවා බන්ධනයට ලක්කර පැහැරගනිවී යන සැකයෙන් කූමුදුලතා නිතරපසුවෙයි.
දරුවා පාසැල් යන අතර ඔහු හා ක‍්‍රමයෙන් සබදතාවයක් ගොඩනගාගන්නා ගූරුන්නාන්සේ දිනක් දරුවා සිය නිවසට රැගෙන ගොස් සත්කාරකරයි. ඔහුට විෂ්ණගේ කූඩාකල සිහියට නැගෙයි ගොලුගැහැනිය ද දරුවාට අසිමිතව ආදරය කරයි. මෙතෙක්කලක් වලව්වේ කොටුවූන ජීවිතයක් ගතකල දරුවාට ගූරුන්නාන්සේ විසින් රැගෙන ගොස් ගංගා ඇළ දොල ගස්කොලන් දියඇළි සහිත සොබාදහමේ විචිත‍්‍රත්වය පෙන්වයි. ලෝකය සුන්දරතැනක් බවත් අසුන්දර සමහර මිනිසුන් නිසා ලෝකයේ සුන්දරත්වය විනාශවන බවත් දරුවාට වටහාදෙයි. වියපත් දුර්වල මිනිසාත් ඔහුගේ ජීවිතය තේරුම්ගැනීමට උත්සාහ දරන පස්හැවිරිදී කූඩා දරුවාත් අතර අපූරු සබදතාවයක් ගොඩනැගේ .දිනක් දරුවා ගූරුන්නාන්සේ සමග සුපුරුදු ලෙස කාලය ගතකරන අතර ඇගේ මව දරුවා නැති සොවින් උමතූවෙයි. ගූරුන්නාන් සේ විසින් දරුවා පැහැරගෙන ගොස් ඇතිබව ඇය සිතයි දරුවා සවස්වී ගෙදර එයි .එහෙත් දරුවා ගුරුන්නාන්සේ විසින් රැගෙනයාවී යන උමතූවෙන් පසුවෙන කූමුදුලතා තමපියාගේ තූවක්කූව රැගෙනගොස් ගරුන්නාන්සේට වෙඩි තබයි.
අහිමිවු දරු සෙනෙහසින් අසිමිතව පීඩාවිදි මෙම වියපත් මිනිසා තම මහලු ජීවිතයට නවබලාපොරොත්තූවක් ඇතිකල තම මුනුපුරාගේ මතකයත් සමග තම ජීවිතයෙන් සමුගනි. ඔහුගේප‍්‍රාණයෙන් තොර සිරුර නිවස අසල ගගඅද්දර ගල් තලාවේ වැටී තිබෙනු ඔහු ගේ හිතෛශී පෑතැටියා දකී 'අනේ ඉතින්උඹට කවුද පණපූගන්නේ පෑතැටියා දුකින් 'අසයි.
මෙම රුපවාහිනී නාට්‍යයේ රංගනයෙන් දායකවනුයේ,
නදිෂා හේමමාලි ,බිමල් ජයකොඩි, ශ‍්‍රීයන්ත මෙන්ඩිස් ,වසන්ති චතුරානි, සම්පත් ජයවීර, දමිතා අබේරත්න ,බුද්ධදාස විතානඅරච්චි ,නලින් ප‍්‍රදීප් උඩුවල, නිලන්ති විජේසිංහ, ප‍්‍රතිභා හෙට්ටිආරච්චි ,රහල් බුලත්සිංහල ,පවිත‍්‍රා වික‍්‍රමසිංහ, සෝමසිරි කොළඹගේ, ෂෙරින් මෙන්ඩිස්, අවන්ත පෙරේරා, අරුණි මෙන්ඩිස්, විමල් සිරිමාන්න අමල් රත්නශාන්ත කරුණාරත්න රණසිංහ රෝහිත ගුණසේකර.
Alternative text

අන්සතු ක්‍රෙඩිට් කාඩ් පතකින් රුපියල් එක්ලක්‍ෂ විසිදහසක් වංචා කළ බවට චෝදනා ලැබ සිටින ටෙලි නාට්‍ය නිළියකට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධි කරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන පුවතක් අපවෙත වාර්තා වනවා

ඒ අනුව ගොනුකිරීමට සාක්කි තිබේ නම් ඉදිරි නඩු දිනයේදී පැමිණිල්ලක් ගොනු කරන ලෙස කොටුව මහෙස් ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා කොල්ලු පිටිය පොලිසියට නියෝග කර තිබෙනවා.

මෙසේ චෝදනා ලැබ සිටින්නේ මනිෂා ශ්‍යාමලී නමැති ටෙලි නාට්‍ය නිළියයි. මෙම ටෙලි නාට්‍ය නිළිය විසින් එඩ්මන් වික්‍රමපතිරණ නමැත්තකුට අයත් ක්‍රෙඩිට් කාඩ් පතකින් රුපියල් එක්ලක්‍ෂ විසිදහසක 
මුදලක් සහ කොල්ලු පිටිය ගාලු පාරේ පිහිටි අංක හත්සිය දහසය දරන ව්‍යාපාරික ස්ථානයේ දේපළද වංචනික ලෙස ලබාගෙන ඇති බවට ඔහුගේ දියණිය වන සාගරිකා දනුකා එඩ්වින් විසින් කොල්ලුපිටිය පොලිසියට පසුගිය 18 දින පැමිණිල්ලක් කර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු 
මනිෂා ශ්‍යාමලී නමැති නිළිය අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව ඇපමත මුදාහැර පසුගිය 12 වැනිදා අධිකරණයේ නැවැත පෙනී සිටින ලෙස නියෝග කර තිබුනා.

කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සිද්ධිය පිළිබඳව සියලු පරීක්‍ෂණ අවසන් බව දැනුම් දුන්නේය. එම කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා වැඩිදුර නඩු විභාගය නොවැම්බර් 7 දිනට කල් තබන ලදී.
Alternative text


මම ගල්කිස්ස දෙසට ඇවිද ගියෙමි. පාර දෙපසම නිදා හුන් බල්ලෝ මගේ ගමන වලක්වන්නට මෙන් බුරා හැලූණහ.
ෂික් විතරක්. මේ බල්ලොත් එක්ක පාරෙ බැහැල යන්නවත් බැහැනේ.
මම මටම කියාගත්තෙමි.
බල්ලන්ගෙන් ඈත් වෙමින් තවත් දුරක් ඇවිද ගිය මම අවසානයට නතර වූයේ අලංකාර දෙමහල් නිවෙසක් ඉදිරිපිටය.
කවුරුන්දෝ කතා කරන හඬක් ඇසුනෙන් මම නිහඬව සවන් දුනිමි.
මට මතකයි ඔය ආටිස් කාරයා ආවා මගේ ඡන්ද පෝස්ටරයකට පින්තූරයක් ගන්න වෙලාවෙ මට මේකප් දාන්න.  ඕකා මාව මේකප් කර කර මාව වර්ණනා කරපු හැටි මට හොඳට මතකයි. කවද හරි ඔබතුමා අගමැති වෙලා තමයි නවතින්නෙ කියලනෙ එදා  ඕකා මට කිව්වේ. අගමැති ...... අගමැති තමයි. යකෝ මම ආසනෙත් පරාදයි.
එකත් එකටම මේ නම් පරාජිත දේශපාලනඥයකුගේ ගෙදරක් විය යුතුමය.
කෝකටත් කියා මම නිවෙසේ සීනුව නාද කළෙමි.
හැබැයි හිතේ චකිතයෙනි. බල්ලන්ගෙන් ප‍්‍රවේශම් වන්න යැයි පුවරුවක් නැතත් බුරාගෙන එන බල්ලකු මගේ යටිසිත බලාපොරොත්තු වූවේය.
ටිකකින් නිවෙසේ දොර ඇරිණි. උසෙන් මහතින් අඩුවක් නැති ආරෝහ පරිනාහ දේහධාරියකු මා ඉදිරිපිට සිටගෙන සිටියේය.
”පේ‍්‍රමචන්ද්‍ර”
”මංගල ජය”

මම මුමුනන්නට වීමි.
”මහ ඇමති”
”මනමේ”
මම ඔහුගේ රූප කාය ඔස්සේ මගේ මතක පොතේ හිරවී ඇති එක් එක් පුද්ගල චරිත සිහියට නැගුවෙමි.
ඔව් ඔව් ඔව් ඔයා හරි.
ඔහු සිනාසුනේය.
”ඒ මම තමයි.”
යර්ස් බොස් නාට්‍යයේ පේ‍්‍රමචන්ද්‍ර, සිකුරුහතේ චිත‍්‍රපටියේ මංගල ජය කපු මහත්තයා, සුබ සහ යස නාට්‍යයේ මහ ඇමති, මනමේ නාට්‍යයේ මනමේ කුමාරයා, වෘෂභරාජ නාට්‍යයේ වෘෂභ රාජ මේ ආදී වශයෙන් රිදී තිරයේ, පුංචි තිරයේ, වේදිකාවේ අමරණීය චරිත රැසකට පණ දුන් ආදරණීය නළුවා ඔහුය.
විජය නන්දසිරි......
”ඉතින් විජය අයියෙ.”
මම කතා බහ අරඹමි.
”බල්ලොත් එක්ක බැරි නිසා මම ඇමරිකා යනවා...”
ඔහු කීවේ මූණ ඇඹුල් කරගෙන නොවේ, ප‍්‍රසන්න ලෙස සිනාසෙමිනි.
”ඇමරිකා යනවා.”
මම පුදුමයෙන් විමසුවෙමි.
පෝරු මස්තක වී විවාහ නොවුණත් ඇමරිකාවේත් බල්ලෝ සිටිති. බලූකිස්තානයේ තරමටම නොවුනත් එරට සිටින බල්ලන්ද අපේ රටේ සිටින බල්ලන්ට දෙවැනි නැත.
”ඔව් මල්ලි. අපි මේ හත් වෙනිදාට තමයි ලංකාවෙන් පිටත්වෙන්නේ.”
”අපි කිව්වේ?”
අපි කිව්වේ අපි. මම විජය නන්දසිරි, ගිහාන් ප‍්‍රනාන්දු, රොෂාන් පිලපිටිය, කුමාර තිරිමාදුර, ෆර්නී රෝෂිනී, එතකොට රවීන්ද්‍ර ආරියරත්න. තව නවාංජන සුචිත‍්‍ර නන්දසිරි අපි කට්ටිය ඇමරිකාවට ගිහින් 14 වැනිදා කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවරදී බල්ලොත් එක්ක බෑ නාට්‍යය ඉදිරිපත් කරනවා. ඊට පස්සේ 21 වොෂින්ටන්, 28 නිව්යෝර්ක් නගරවල නාට්‍යය පෙන්නලා ඔක්තෝම්බර් 5 වෙනිදා කැනඩාවේ මොන්ටි‍්‍රයල් නගරයෙත්, 6 වෙනිදා ටොරෙන්ටෝ නගරයෙත් දර්ශණ වාර පවත්වනවා.
විජය නන්දසිරි සිනාසෙන්නට විය. ඔහු ඇමෙරිකා යන්නේ බල්ලන්ගෙන් බේරෙන්නට නොවේ. බල්ලොත් එක්ක බෑ නාට්‍යයේ දර්ශන වාර කිහිපයකට සහභාගී වනු පිණිසය.
මේ දවස්වල ලංකාවේ තියන ජනප‍්‍රියම නාට්‍යය තමයි බල්ලොත් එක්ක බෑ.
කලා ලෝකයේදී හමුවූ කවුරුන් හෝ කෙනෙක් මෑතකදී මා සමඟ පැවසූ අයුරු මට සිහිපත් විය.
”මම ඔය ඇමෙරිකාවට යන්නෙ පළමුවෙනි වතාවටයි.”
විජය කීවේය.
මීට මාස කීපෙකට උඩදී කොහෙහරි ගියා නේද?
මම අසමි.
ඒ ගියේ  ඕස්ටේ‍්‍රලියාවටනෙ. එහෙදීත් මේ නාට්‍යය දර්ශන වාර කීපයක්ම අපි රඟ දැක්වූවා.
එහෙදී ලැබුණු ප‍්‍රතිචාර කොහොමද? හොඳද?
ප‍්‍රතිචාර කියන්නෙ අපි එහෙ යන්න මාසෙකට කලින් ප‍්‍රවේශපත‍්‍ර ඔක්කෝම විකිනිලා ඉවරයි.
විජය නන්දසිරි යනු අතිශය කාර්යබහුල නළුවෙකි. නළු රජකු කීවද වරදක් නැත. හේතුව ඔහු බොහෝ නාට්‍යවල රඟපාන්නේ රජ්ජුරුවන්ගේ චරිතය නිසාම නොවේ. ඔහු අතිශය කාර්ය බහුල වන නිසාමය.
”මේ දවස්වල වේදිකා නාට්‍ය කීපයක රඟපානවාද?”
මම අසමි

ප‍්‍රියන්ත රංජිත් ගේ රූකඩ රාජ්ජේ, ආර්.ආර්. සමරකෝන්ගේ කකුල් හතරේ ඉලන්දාරියා, සරත් කුලාංගගේ දෙයියොත් දන්නේ නෑ. මේ නාට්‍ය තුනම ලබන අවුරුද්ද වෙනතුරුම දර්ශනවාර වෙන්ස්කරලා තියෙන්නෙ. හැම සති අන්තයක්ම මට ඉන්න වෙන්නෙ ලංකාවෙ කොහේ හරි වේදිකාවක.
”මට පේන්නෙ ඔබ කතාකරන්නේ අකමැත්තෙන් වගෙයි.”
මම විජයට බාධාකරමි.
”මට මගේ නාට්‍යයක් කරගන්න වෙලාවක් නැති බව ඇත්ත. ඒත් ඉතින් පේ‍්‍රක්‍ෂකයා සතුටට පත්කරන්න ලැබෙන එක සතුටක්නේ.”
ඇත්ත
විජය නන්දසිරිගේ රඟපෑම් වලට පේ‍්‍රක්‍ෂකයෝ බඩ අල්ලාගෙන සිනාසෙති. ඔහු විහිළු කරන්නේ අපේ සමහර නළුවන් මෙන් දෙපිට කැපෙන වචන වලින් නොවේ.
පුරා වසර හතලිස් තුනක් තිස්සේ තවමත් වේදිකාවේ වැඩිම නාට්‍ය ගණනාවක ප‍්‍රධාන චරිත නිරූපණය කරන නළුවා වීමේ භාග්‍යය විජයට ලැබී තිබෙන්නේ අන්න ඒ නිසාය.
ඉතින් හතලිස් තුන් වසරක වේදිකාව ගැන කතාකරන්නට මම විජයට ඉඩ දෙමි.
”මම ඉස්සෙල්ලාම වේදිකාවට නැග්ගෙ 1966 අවුරුද්දෙ. එතකොට මම පාසල් ශිෂ්‍යයෙක්. අමරදාස ජයතුංග රාජ්‍ය නාට්‍ය උළෙලට වීදුරු දිව කියන නාට්‍යය ඉදිරිපත් කළා. මේ නාට්‍ය කරන්න මං ගොඩවුණේ ලූම්බිණි රඟහලට.
විජය සිනාසෙයි.
”ඊට පස්සේ...?”
මම තවදුරටත් ඔහුට අතීතයේ දොර කවුළු විවර කර දෙමි.
”මහාචාර්ය සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, සයිමන් නවගත්තේගම, හෙන්රි ජයසේන, ධර්මසිරි බණ්ඩාරනායක, ආර්.ආර්. සමරකෝන්, චන්ද්‍රසේන දහනායක වගේ ලංකාවේ මුල් පෙලේ නාට්‍ය කරුවන්ගේ නාට්‍යවල ප‍්‍රධාන චරිත රඟපෑවා. කොටින්ම කියනවානම් මනමේ චරිතයට අවුරුදු විසි හතක් තිස්සේ පණ දුන්නෙ මම.
මේ මනමේ කුමාරයා අදටත් සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමේ මහාසාර, කපුවා කපෝති වැනි නාට්‍ය වල රඟපාන බව මට මතකයි.
”මං හිතන්නෙ ඔබට තවත් වටිනා කියන දේවල් මේ වේදිකාවෙන් හමුවෙලා තියෙනවා.”
මම විජය අයියාගේ මුහුණ බලමි
ඔහුට සිනා නැගිණි.
එය මංගල ජය කපුමහත්තයාගේ දෙතොල සැරසූ මනමාල සිනාවට බොහෝ දුරට සමානය.
පේ‍්‍රමචන්ද්‍රගේ පෙම්බර හිනාවද මේ හිනාවටම කිට්ටුය.
‘ඔයා ඔය අහන්න හදන්නෙ දේවිකා ගැනද?’
විජය අසයි.
”ඔව් දේවිකා මිහිරාණි ඔබට මුණ ගැහුණෙත් වේදිකාවෙන් නේද?”
”ඔව්..... ඒ 1973 අවුරුද්දේ. සයිමන් නවගත්තේගමගෙ සුබ සහ යස නාට්‍යයේ දාසියක් විදිහට රඟපෑවේ දේවිකා. මම මහ ඇමති.....”
”ඒ කියන්නෙ මහ ඇමති දාසියකට පෙම් බැන්දා...”
”ඔව්.... එහෙම එකක් තමා වුණේ.”
රජකාලේ ඒ වගේ දේවල් අනන්තවත් සිද්ධවෙලා තියෙනව නේද?”
විජය සිනාසෙයි.
”විජය අයියා අදටත් දේවිකාට සලකන්නේ දාසියකට වගෙයි කියලා මට හිතෙනවා. ඇය දක්‍ෂ නිලියක්. පුංචිතිරේ දිමුතු මුතුව විදිහට පේ‍්‍රක්‍ෂක ආදරය දිනාගත්තා. වේදිකාවෙත් අති දක්‍ෂ නිලියක්. ඒත් ඇයට රඟපාන්නට ඉඩ නොදී ඔබ ඇයව දාසියක් විදිහට ගෙදර හිරකරගෙන ..........”
චෝදනාවක හඬින් කී මම විජය අයියාගේ මුහුණ බලමි.
‘කවදාවත් නෑ. මේ හැම පරිත්‍යාගයක්ම දේවිකා කළේ එයාගෙ කැමැත්තෙන්. එයා ආදරණීය බිරිඳක් විදිහට මාවත්, ආදරණීය මවක් විදිහට දුවත් පුතාවත් බලාගනිමින් රංගනය කැපකළා. දේවිකා ඒ කැපකිරීම නොකළා නම් විජය නන්දසිරිට වේදිකාවට නැගලා මේ සෙල්ලම් දාන්න බැරිවෙනවා.’
”ඔබ කියන්නේ දේවිකා දාසියක් නොවෙයි කියලද?”
”අපොයි ඔව්” එයා රැජිනක්.”
ඒත් ඔබ ඇයට වේදිකාවට එන්න තහනම් කරලා...”
මම තවදුරටත් දේවිකා වෙනුවෙන් පෙනී සිටිමි.
”නෑ.... මගෙ නාට්‍ය වල දේවිකා රඟපානවා. වෘෂභරාජ, කුස පබාවතී නාට්‍ය වල දේවිකා හරි ලස්සනට රඟපානවා.”
විජයගේ ඒ පිළිතුර මට තවත් ප‍්‍රශ්නයකට මඟ පෑදුවේය.
විජය නන්දසිරි අලූතින් නාට්‍යයක් නිෂ්පාදනය නොකරන්නේද යන්න ඒ පැනයයි.
”ඇත්තම කියනව නම් මමත් ඔය ගැන හිත හිතාමයි ඉන්නෙ. පිටපත් කීපෙකුත් හම්බවුණා. හොඳ නාට්‍යයක් ලබන අවුරුද්දේ කොහොම හරි කරනව කියලා තමයි මම හිතාගෙන ඉන්නෙ.

එච්චරද? වෙන ටෙලිනාට්‍ය වල චිත‍්‍රපටිවල එහෙම රඟපාන්න ගියේ නැද්ද ලඟදි.
රඟපෑවා. රඟපෑවා... සුළඟ එෆ්.එම්, එතකොට කෝ මාර්ක් නෝ මාර්ක් කියන චිත‍්‍රපටි දෙකම ඉස්සරහට එන්න තියෙනවා. කෝ මාර්ක් නෝ මාර්ක් ෂිවගුරුනාදන්ගේ වැඩක්. එයාගෙ කිං හන්තර්, නෝනාවරුනි මහත්වරුනි වගේම මේකත් හොඳ හාස්‍යෝත්පාදක වැඩක්. මම මේකෙ රඟපාන්නෙ ද්විත්ව චරිත. එකක් දේශපාලකයෙක්. අනික වෛද්‍ය රසායනාගාරයක කාර්යාල කාර්ය සහායකයෙකුගේ චරිතයක්.
එච්චරද?
බර්මින් ලයිලි ප‍්‍රනාන්දුගෙ සඳලූතලේ කුමාරියක් චිත‍්‍රපටියේත් මං රඟපානවා. මේ චිත‍්‍රපටිය අල්ලපු ගෙදර චිත‍්‍රපටියේම දිගුවක් කිව්වොත් වඩාත් හරි. ඒ පිටපත ඇසුරින් ලියපු අලූත් පිටපතක්. මම මේකෙ රඟපාන්නෙ හියුගෝ මාස්ටර් රඟපෑව සංගීතඥයකගෙ චරිතයමයි.
එච්චරද?‘‘
”නෑ.... තව එකක් තියෙනවා ඉස්සරහට. ඒක ගිරිරාජ් කෞෂල්‍යගෙ අලූත් චිත‍්‍රපටියක්. ඒක ලබන අවුරුද්දෙ පටන් ගනීවි.....”
දැන් අපේ තරු අතර හමුවට සෑහෙන කාලයක් මිඩංගු වී තිබේ. තරු අතර වැඩි කාලයක් සිටින විට දැනෙන්නේ වැඩි උණුසුමකි. හිරුද තරුවකි. එහෙත් වාසනාවකට මෙන් මේ තරු අපේ කලා ලෝකයේ පෑයූ සොඳුරු සෞම්‍ය තරුය. ඒ නිසා කාලය ගෙවී ගියද නොදැනෙයි. විශේෂයෙන් විජය සමඟ ගෙවන කාලය අතිශයින්ම විනෝදජනකය.
‘විජය අයියාට හොඳට සිංදු කියන්න පුළුවන්. ඇයි ඒ හැකියාවෙන් ප‍්‍රයෝජනයක් නොගන්නේ?’
වේදිකාවෙන් බැසගන්නටවත් කාලයක් නැති විජයට මා මේ යොමුකළේ මෝඩ ප‍්‍රශ්නයක් විය හැකිය.
”වේදිකාවේදී චරිතවලට  ඕන වුනාම සිංදු කිව්වා. ඊට අමතරව මං සිංදු ගැන හිතුවෙ නෑ.”
එපමණකි.
ඉතින් අපි සමුගත්තෙමු.
තවත් දෙමසකට අපිට විජය හමුවන්නේ නැත.
සුබ ගමන්! ඇමෙරිකාවේදී බල්ලන් හමුනොවේවා!!!”


Alternative text


ඇතැම් වෙබ් අඩවි ඉරාජ් ගේ විවාහය ලෙස ප්‍රථමයෙන් වාර්තා කර පසුව නැවත මියුසික් වීඩියෝවක් බවට පත්වූ "මනමාලි" Youtube වෙබ් අඩවිය තුල පමණක් මිලියනයක් ඉක්මවා නරඹා තිබේ.

මෙම වීඩියෝව ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය වැනි රටවලද ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත්විය.

මෙම ජනප්‍රියත්වය හේතුවෙන් ඉරාජ් එම වීඩියෝව හින්දි බසින්ද නිපදවීමට කටයුතු කරන ලදී.

මෙම වීඩියෝව තුල ඉතිහාසයේ නොවූ විරු පමණින් වෙළඳ දැන්වීම් අන්තර්ගත කර තිබීම මතද "මනමාලි" මියුසික් වීඩියෝව ඉතිහාස ගතවේ .

මේ අතර මනමාලි වීඩියෝව මිලියනයක් නැරඹීමේ ප්‍රීතිය නිමිත්තෙන් Barracuda වෙරළ හෝටලයේ හි සාදයක් පැවැත්වීමටද ඉරාජ් කටයුතු කරන ලදී. 


Alternative text


පබා යනු උපේක්‍ෂා ස්වර්ණමාලිය. ඇය මේ වනවිට ජනතාවගේ සර්වජන ජන්ද බලයෙන් පාර්ලි මේන්තුවට පත්වූ මන්ත‍්‍රී වරියකි. ඇයට මන්ත‍්‍රී වරියක් වන්නට තිබුණ එකම හේතුව පබාගේ චරිතය රගදැක්වීම පමණමය. කෙසේ වුවත් ඇය දන්නා දේශපාලනය කුමක්දැයි යන්න දෙරණ 360 වැඩ සටහනට සහභාගී වීමෙන් ගම්පහ ජනතාවට ඇය පෙන්වා දෙනු ලැබීය.
උපේක්‍ෂා තවමත් ගම්පහ පැත්තේ ඇවිදින්නට යන්නට කැමතිය. ඒ සිය ජන්ද දායකයන් දැකීමට ම නොවේ. රූගත කිරීම් වලටය. ඇය ට වැලිවේරිය ජනතාව ද ජන්දය පාවිච්චි කර තිබිණ. එහෙත් උපේක්‍ෂා වැලිවේරිය ජනතාව වෙනුවෙන් සිය ශෝඛයවත් ප‍්‍රකාශ කළාදැයි නොදනිමු.

කෙසේවුවත් උපේක්‍ෂා ට බල්ලෙක් සිටී. ඇයගේ මෙම බල්ලාව බලා ගැනීමට කෙනෙකු නොමැති වූ බැවින් බල්ලාව ද රැගෙන ගම්පහ අස්ගිරි මල්වත්තේ රූගත කිරීමකට සහභාගී වී ඇත. ඇයට මල්වත්ත ඇතුළට යන්නට අවසර තිබුණාට බල්ලන් ව ඇතුළට ගෙනයාමට අවසරයක් තිබී නැත. මේ නිසා ඇය ආරක්‍ෂක නිළධාරීන් සමග විවාදයට පැටලී ඇත්තේ මල්වත්ත තුළ සිටි නිදැල්ලේ හැසිරෙණ බල්ලන් පෙන්වමිණි. ඒ බල්ලන්ට පුලූවන්නම් මගේ බල්ලව මට ගෙනියන්නට නොහැකි මන්ද යන්න ඇයගේ තර්කය වී තිබේ.තර්කය සාධාරණය. නිදැල්ලෙ ඉන්නෙත් බල්ලන් නම්, ඇය ඇතිදැඩි කරන බල්ලාත් බල්ලෙකි. ඒ නිසා අවසානයේ උපේක්‍ෂාට උපේක්‍ෂාගේ බල්ලා කැටුව මල්වත්ත ඇතුළට රැගෙන යන්නට අවසර ලැබිනි.

නමුත් පිටගම් කාරයෙක් තමන්ගෙ බල ප‍්‍රදේශයට ඇතුල් වීම පිළිබඳව මල්වත්තේ බල්ලෝ විමසිළිමත් වූහ. මේ හේතුව නිසා ගම්පහ අස්ගිරි මල්වත්තේ බල්ලෝ උපේක්‍ෂාගේ බල්ලාට එරෙහිව හඬ නගන්නට විය. මේ හේතුවෙන් උපේක්‍ෂාගේ බල්ලාට ජීවිත තර්ජනයකට මුහුන දෙන්නට සිදුවිය. මේ පිළිබඳව කලබලයට පත් උපේක්‍ෂා ට නිසි ලෙස රූගත කිරීම් වලට දායකවන්නට ද නොහැකි විය. ඇය සියල්ලටම පෙර තම බලූ සුරතලා ගම්පහ බල්ලන්ගෙන් බේරාගත යුතුව තිබිණි.
ගම්පහ අස්ගිරි මල්වත්තේ බල්ලෝ උපේක්‍ෂාට කළ අතවරය ඉල්ලං කෑමකැයි තතු දන්නෝ පවසති.

Alternative text



සුජානි පුංචි කාලෙ ඉඳලම සතෙන් සතේ එකතු කරන හැටි කියලා දුන්නා ඊට පස්සේ අපිට පුංචි සුජානි මේනකා ටෙලි නාට්‍ය තුළත් සිනමාව තුළත් මුණගැහෙනවා. සුජානි නිදහස්ව චරිත තුළ ජීවත්වන ශිල්පිණියක්. ඇය සම්මානයට පාත‍්‍ර වූ රංගන ශිල්පිණියක්.
ජීවිතය,ආදරය අපි කාටත් පොදු කාරණා.නමුත් මේ දේවල් අතර ජීවිතවලට දැනෙන බොහෝ වෙනස්‌කම් තිබෙනවා . මේ වෙනස්‌කම් ගැන සුජානි ප‍්‍රකාශ කරලා තියෙන්නෙ මේ ආකාරයෙන්.
පවුලේ වැඩිමහල් දරුවා හැටියට අවුරුදු හයක්‌ යනකම් ඒ කියන්නේ නංගි අපේ පවුලට එකතුවෙනකම් උපරිම ආදරයක්‌ ලැබුවා.දෙමාපියන් අතරේ විතරත් නොවෙයි නෑදැ හිතවතුන් අතරත් ලොකු පිළිගැනීමක්‌ තිබුණා.දෙමාපියන් ජීවත්වුණු ඒ සරළ දිවි පෙවෙත නිසා වගේම කලාකරුවෙක්‌ ලෙසට තාත්තගේ රැකියාවේ තිබුණ අස්‌ථිර භාවය නිසාත් මගේ කුඩා කාලයේදී දුකත් සැපත් එකසේ වින්දා.
නංගි පවුලට එකතුවෙන කාලෙ වෙද්දි මම මටත් නොදැනුවත්වම රංගන ශිල්පිණියක්‌ ලෙසට මුදල් ඉපැයූවා. ඒ නිසා නොතේරෙන කාලේ ඉඳලම වගකීම් කියනදේ මගේ කර මතට වැටෙන්න පටන් ගත්තා.
පාසලේදී තරමක්‌ ලොකු පන්තිවලට එද්දි නිදහස කියන දේ මගේ ජීවිතයට ලැබුණේ ගොඩක්‌ම අඩුවෙන්. පාසල් ගියත් ඒ වෙනකොට රටේ බොහෝ දෙනෙක්‌ මාව දන්නා හඳුනන නිසා ප්‍රේම සම්බන්ධතාවලට යෝජනා ගලාඑන්න ගත්තා. ඒත් අම්ම තාත්තගෙ හිතට දුකක්‌ දැනෙයි කියලා, ලොකු බයක්‌ හිතේ තිබුණා. ඒත් පන්තියෙන් හොරෙන් පැනලා යාළුවෝ එක්‌ක කරපු හොරවැඩත් නොතිබුණා නොවෙයි. මට මතකයි යාළුවන්ගේ ආදර කතාවලට මම උදව් කරපු හැටි.නමුත් මටත් එහෙම දෙයක්‌ ඕන කියන තැන මම හිටියෙ නැහැ.
ඇත්තටම පිරිමි ළමයෙකුට හිත ගිහිල්ලම නැද්ද?
මම හිතින් කැමතිවෙලා හිටිය පිරිමි ළමයි කීපදෙනෙක්‌ හිටියා. ඒ අය අතරින් හිතට වැදුණු කෙනෙක්‌ හිටියා. නමුත් ඒ සියලු රහස්‌ තොරතුරු කතා බහ කළේ මගේ හිතයි මගේ යාළුවෝ අතරයි විතරයි.
බිමල්ගේ හමුවීම ජීවිතේ ආදරයට පෙරළුවේ කොහොමද?
මගේ ජීවිතේ සමහර දේවල් හැරුණු කොට අනිත් සියලුම දේ එහෙම පිටින්ම කනපිට පෙරළුණා. ඇත්තටම මගේ ජීවිතේ ආදරයේ හරි වැරදි දැන හඳුනගත්තේ බිමල්ගෙන්. මම විවාහ වුණාට පස්‌සේ තමයි තේරෙන්නෙ අපි ආදරේ කරපු අවුරුදු හතරෙදී සමාජයේ සිදුවන දේවල් ඔස්‌සේ බිමල් මාව එතරම් පරිස්‌සම් කළේ අද මාව මෙතනට ගේන්න කියලා.අම්ම තාත්තගෙන් පස්‌සේ මගේ ජීවිතේ සියලු දේ දන්න එකම කෙනා තමයි බිමල්ග ඒ ආදරය නිසා අද මම සාර්ථක බිරිඳක්‌ වගේම ගෘහණියක්‌ තැනට පත්කරලා තියෙනවා.
යම් කිසි දවසක විරහ වේදනාවක්‌ ඔබට දැනුණොත්?
මම සාමාන්‍ය ප්‍රශ්නවලදී තරමක්‌ කඩා වැටෙන කෙනෙක්‌. බිමල් තමයි ඒ හැම අවස්‌ථාවකදීම මාව නැගිට්‌ටවලා ගන්නේ. මොනයම් හෝ විදිහකින් එවැනි අත්දැකීමක්‌ ලබන්න සිදුවූණෙත් අනෙක්‌ කෙනාට මගෙන් නම් කරදරයක්‌ වෙන එකක්‌ නැහැ. මොකද අපේ ක්‍ෂේත්‍රයේ බොහෝ අය මෙවැනි සිදුවීම් හරහාත් ලොකු ප්‍රසිද්ධියක්‌ ගන්න බලනවනේ. මට හිතෙන දෙයක්‌ තමයි මගේ පෞද්ගලිකත්වය පිටට යා නොදී පවුලේ අය විතරක්‌ දැනගත යුතු දෙයක්‌ කියන එක. ඒ නිසා විරහ වේදනාවක්‌ දැනෙන කොයිම මොහොතකවත් හැඟීම්වලට ඉඩ නොදී බුද්ධියෙන් ඒ දෙවල්වලට විසඳුම් සොයා ගත යුතුයි.
Alternative text


ටෙලිනාට්‍ය කරන අය සමහර වෙලාවට නිළියන්ට විවිධ යෝජනා කරනවා. සමහරු ඒවට කැමතිවෙනව. තවත් සමහරු අකමැති වෙනවා .කෝරළේ මහත්තයා ටෙලිනාට්‍යයේ සපුමලීගේ චරිතය රඟපෑ නිශානි ගමගේ එයින් ඉවත් වෙලා .
ටෙලිනාට්‍යයට සම්බන්ධ ප්‍රධානියෙක් ඇයට අයුතු යෝජනා කළ නිසාලු ඇය අයින් වුණේ. ටෙලි නාට්‍යක ප‍්‍රධානියා කියන්නේ අධක්‍ෂවරයා සහ ඉන්පසු නිෂ්පාදකවරයා.ඊට පස්සෙ අනිත් අය පිළිවෙළින් ලිස්ට් වෙනවා. මේ ටෙලි නාට්‍යයේ අධක්‍ෂවරයා පද්මසිරි කොඩිකාර විශ්ව කොඩිකාරගෙ පියාය.
මීට පෙරද වතාවක් ඇයට මෙහෙම යෝජනා කරාලූ. ඒ වතාවේ ඇය බේරිලා. මේ වතාවේ ඔහුට කෙතරම් කිව්වත් ඇහුවේ නැති නිසා රන්මිණිතැන්නේ රූපගත කිරීම් අතරතුරම නිශානි ගමගේ ටෙලිනාට්‍යයෙන් අයින් වෙලා ආවලු.

Alternative text


තම ජීවිතයට යම් අනතුරුක් සිදු වුවහොත් ඊට ටෙලි නාට්‍ය නිලි මේනකා මධුවන්ති සම්පූර්ණයෙන්ම වගකිව යුතු යයි රූපවාහිනියේ විකාශණය වන චායා ටෙලි නාට්‍යයේ චායා චරිතය නිරූපණය කරන මහේෂි මධුසන්ක පවසයි.

අප හා අදහස් පල කරමින් ඇය කියා සිටියේ තමන් ඇයගේ මිතරුවික් ලෙස සඳහන් කිරීම සම්පූණයෙන්ම වැරදි බවත් ඇය හා එක්ව රඟපා ඇත්තේ එක් ටෙලි නාට්‍යයක පමණක් බවත්ය. එක් ටෙලි නාට්‍යයක රඟපෑ පමණින් තම අතීතය දන්නා බවට පුවත් පතකට කර ඇති ප‍්‍රකාශය සම්බන්දයෙන්ද සිය බලවත් නොකැමැත්ත පල කරන ඇය ඊට එරෙහිව ඉදිරියේදී නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවද කියා සිටියාය.

මේ දක්වා තමන් සියළු ගමන් බිමන් තම මව සමඟ සහභාගී වන බවත් තමන් මෙතෙක් කිසිදු හෝටල් කාමරයට රිංගා නැති බවද කී ඇය අනුන්ගේ පවුල් කඩා දැමූ ඉතිහාසයක් තමන්ට නොවන බවද වැඩි දුරටත් කියා සිටියාය.

Alternative text


ජීවිතය, ආදරය අපි කාටත් පොදු කාරණා. නමුත් මේ දේවල් අතර ජීවිතවලට දැනෙන බොහෝ වෙනස්‌කම් තියෙනවා. මේනිසා ආදරයේ අවසාන ප්‍රතිඵලය විරහව වන්නත් පුළුවන්. එය අද සමහර පිරිස්‌ අතරින් දකින්න ලැබෙන සාමාන්‍ය සිදුවීමක්‌ බවට පත්වෙලා. මේ නිසා විරහවක්‌ නොදැනුනත් ජීවිතේට ආදරය කළත් ලද අත්දැකීම් තුළින් ජීවිතයේ යථාර්ථය ගැන කතා කරන්නට මෙවර අපි ඇමතුවේ ජනප්‍රිය රංගන ශිල්පිණියක්‌ වන සුජානි මේනකාටයි.

පවුලේ වැඩිමහල් දරුවා හැටියට අවුරුදු හයක්‌ යනකම් ඒ කියන්නේ නංගි අපේ පවුලට එකතුවෙනකම් උපරිම ආදරයක්‌ ලැබුවා. දෙමාපියන් අතරේ විතරත් නොවෙයි නෑදැ හිතවතුන් අතරත් ලොකු පිළිගැනීමක්‌ තිබුණා. දෙමාපියන් ජීවත්වුණු ඒ සරළ දිවි පෙවෙත නිසා වගේම කලාකරුවෙක්‌ ලෙසට තාත්තගේ රැකියාවේ තිබුණ අස්‌ථිර භාවය නිසාත් මගේ කුඩා කාලයේදී දුකත් සැපත් එකසේ වින්දා. නංගි පවුලට එකතුවෙන කාලෙ වෙද්දි මම මටත් නොදැනුවත්වම රංගන ශිල්පිණියක්‌ ලෙසට මුදල් ඉපැයූවා. ඒ නිසා නොතේරෙන කාලේ ඉඳලම වගකීම් කියනදේ මගේ කර මතට වැටෙන්න පටන් ගත්තා.

පාසලේදී තරමක්‌ ලොකු පන්තිවලට එද්දි නිදහස කියන දේ මගේ ජීවිතයට ලැබුණේ ගොඩක්‌ම අඩුවෙන්. පාසල් ගියත් ඒ වෙනකොට රටේ බොහෝ දෙනෙක්‌ මාව දන්නා හඳුනන නිසා ප්‍රේම සම්බන්ධතාවලට යෝජනා ගලාඑන්න ගත්තා. ඒත් අම්ම තාත්තගෙ හිතට දුකක්‌ දැනෙයි කියලා, ලොකු බයක්‌ හිතේ තිබුණා. ඒත් පන්තියෙන් හොරෙන් පැනලා යාළුවෝ එක්‌ක කරපු හොරවැඩත් නොතිබුණා නොවෙයි. මට මතකයි යාළුවන්ගේ ආදර කතාවලට මම උදව් කරපු හැටි. නමුත් මටත් එහෙම දෙයක්‌ ඕන කියන තැන මම හිටියෙ නැහැ.

ඇත්තටම පිරිමි ළමයෙකුට හිත ගිහිල්ලම නැද්ද?

මම හිතින් කැමතිවෙලා හිටිය පිරිමි ළමයි කීපදෙනෙක්‌ හිටියා. ඒ අය අතරින් හිතට වැදුණු කෙනෙක්‌ හිටියා. නමුත් ඒ සියලු රහස්‌ තොරතුරු කතා බහ කළේ මගේ හිතයි මගේ යාළුවෝ අතරයි විතරයි.

බිමල්ගේ හමුවීම ජීවිතේ ආදරයට පෙරළුවේ කොහොමද?

මගේ ජීවිතේ සමහර දේවල් හැරුණු කොට අනිත් සියලුම දේ එහෙම පිටින්ම කනපිට පෙරළුණා. ඇත්තටම මගේ ජීවිතේ ආදරයේ හරි වැරදි දැන හඳුනගත්තේ බිමල්ගෙන්. මම විවාහ වුණාට පස්‌සේ තමයි තේරෙන්නෙ අපි ආදරේ කරපු අවුරුදු හතරෙදී සමාජයේ සිදුවන දේවල් ඔස්‌සේ බිමල් මාව එතරම් පරිස්‌සම් කළේ අද මාව මෙතනට ගේන්න කියලා. අම්ම තාත්තගෙන් පස්‌සේ මගේ ජීවිතේ සියලු දේ දන්න එකම කෙනා තමයි බිමල්. ඒ ආදරය නිසා අද මම සාර්ථක බිරිඳක්‌ වගේම ගෘහණියක්‌ තැනට පත්කරලා තියෙනවා.

යම් කිසි දවසක විරහ වේදනාවක්‌ ඔබට දැනුණොත්?

මම සාමාන්‍ය ප්‍රශ්නවලදී තරමක්‌ කඩා වැටෙන කෙනෙක්‌. බිමල් තමයි ඒ හැම අවස්‌ථාවකදීම මාව නැගිට්‌ටවලා ගන්නේ. මොනයම් හෝ විදිහකින් එවැනි අත්දැකීමක්‌ ලබන්න සිදුවූණෙත් අනෙක්‌ කෙනාට මගෙන් නම් කරදරයක්‌ වෙන එකක්‌ නැහැ. මොකද අපේ ක්‍ෂේත්‍රයේ බොහෝ අය මෙවැනි සිදුවීම් හරහාත් ලොකු ප්‍රසිද්ධියක්‌ ගන්න බලනවනේ. මට හිතෙන දෙයක්‌ තමයි මගේ පෞද්ගලිකත්වය පිටට යා නොදී පවුලේ අය විතරක්‌ දැනගත යුතු දෙයක්‌ කියන එක. ඒ නිසා විරහ වේදනාවක්‌ දැනෙන කොයිම මොහොතකවත් හැඟීම්වලට ඉඩ නොදී බුද්ධියෙන් ඒ දෙවල්වලට විසඳුම් සොයා ගත යුතුයි.

ලක්‌මිණී

Alternative text

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos