නයිජීරියාවේ පාසලකින් පැහැරගැනුණ පාසල් සිසුවියන්ගේ දර්ශන රැගත් වීඩියෝ පටයක් බොකෝ හරම් සංවධානය මගින් ප්‍රකාශයට පත්කර ඇති බව බි.බි.සී.ය වාර්තා කරයි. එම සංවිධානයේ නායක අබුබකර් ෂෙකාවු දන්වා ඇත්තේ අත්අඩංගුවේ සිටින තම සාමාජිකයින් නිදහස් කරන තුරු මෙම සිසුවියන් නිදහස් නොකරන බවය.
තවදුරටත් ඔහු කියා ඇත්තේ සිසුවියන් ඉස්ලාම් ධර්මය වැලඳගෙන ඇති බවය. මෙම වීඩියෝපටයේ දර්ශනවලින් පෙනී යනුයේ ක්‍රිස්තියානි භක්තිකයින් ද සිටින බවත් එම වීඩියෝපටයට අනුව සිසුවියන් 130ක් පමණ දර්ශනය වී තිබූ බවත්ය. මිනිත්තු 17ක් පුරා දිවෙන දර්ශනයට සිසුවියන් තිදෙනකුට අදහස් දැක්වීමට අවස්ථාව දී තිබේ. මොවුන්ගෙන් දෙදෙනකු ක්‍රිස්තියානි භක්තිකයන් වන අතර එක් සිසුවියක් පවසන අන්දමට ඉස්ලාම් ධර්මය වැලඳගෙන තිබෙන බව ඒ.එෆ්.පී. වාර්තා කර තිබේ.
එහෙත් මෙම රූගතකිරීම් කොතැනක කවදා සිදුකළේ ද යන්න සඳහන් වී නොමැති බවත් එම වාර්තා සඳහන් කරයි. බොකා හරාම් සංවිධානය මීට පෙර තම සංවිධානය මගින් මෙම සිසුන් පැහැරගත් බව නිවේදනය කර තිබිණ.
එහෙත් මෙම රූගතකිරීම් කොතැනක කවදා සිදුකළේ ද යන්න සඳහන් වී නොමැති බවත් එම වාර්තා සඳහන් කරයි. බොකා හරාම් සංවිධානය මීට පෙර තම සංවිධානය මගින් මෙම සිසුන් පැහැරගත් බව නිවේදනය කර තිබිණ.
සති තුනකට පෙර නයිජීරියාවේ බෝර්නො පාසලකින් බොකෝ හරම් සංවිධානය විසින් පැහැර ගැණුන සිසුවියන් සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් තමාට ලැබුණ බව එම ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පවසා ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.
ආණ්ඩුකාර කෂිම් ෂෙට්ටිමා මෙම තොරතුරු එරට හමුදාවට භාර දී ඇත්තේ ඔවුනගේ ප්‍රයෝජනය සඳහාය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට මෙම සිසුවියන් කිසිම දේශ සීමාවකින් වෙනත් රටකට ගෙන ගොස් නොමැති බවය.
ආණ්ඩුකාර කෂිම් ෂෙට්ටිමා මෙම තොරතුරු එරට හමුදාවට භාර දී ඇත්තේ ඔවුනගේ ප්‍රයෝජනය සඳහාය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට මෙම සිසුවියන් කිසිම දේශ සීමාවකින් වෙනත් රටකට ගෙන ගොස් නොමැති බවය.
මීට දින කීපයකට පෙර ප්‍රංශ ජනපති ෆ්‍රැන්කොයස් හොලැන්ඩේ බොකො හරාම් සංවිධානය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමුළුවක් පැවැත්වීමේ අවශ්‍යතාව නයිජීරියානු ජනාධිපති ගුඩ්ලක් ජොනතන් හට දන්වා ඇත. මෙම සමුළුව සඳහා අවට රටවල් කැමැත්ත ප්‍රකාශ කරන්නේ නම් එය මෙම සෙනසුරාදා පැවැත්වීමට කටයුතු සූදානම් කරන බවය.
මෙම සමුළුව සඳහා නයිජීරියාව ඇතුළු අවට රටවල් වන කැමරූන්, චාඕ සහ නයිගර් සහභාගි වීමට නියමිතය. මේ අතර එම සැසිවාරය සංවිධානය කරනු ලබන කණ්ඩායම පවසන්නේ මේ සඳහා ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංවිධානයද සහභාගි වීම සිදුවිය හැකි බවය.

මෙම පැහැර ගැනීමට ලක් වී ඇති සිසුවියන් 200 කට අධික පිරිස සෙවීමේ මෙහෙයුම් සඳහා මේ වන විටත් ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශයේ සහාය සඳහා එරටට ළඟා වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ.