ලොව පුරා තිබෙන මහාපරිමාණ සමාගම්වලින් 5%ක ප‍්‍රධාන විධායක නිලධාරී තනතුර කාන්තාවන් විසින් සාර්ථකව හොබවන බවට සමීක්ෂණයකින් හෙළිවෙයි.
ගෙවී ගිය වසර 10ක කාලය තුළ ලොව අතිවිශාල සමාගම් 38%ක එම තනතුරේ සිටි කාන්තාවන් බාහිර පාර්ශ්වයන්ගේ බලපෑම් මත රැකියාවෙන් ඉවත් වූ බවට ද එහි දී හෙළි වී ඇත. එම කාලය තුළ එලෙසම රැකියාව අත්හළ පිරිමි විධායක නිලධාරීන්ගේ ප‍්‍රතිශතය 27%කි.
ලොව පුරා විහිදී ඇති මහාපරිමාණ සමාගම් 2500ක් මෙම සමීක්ෂණය සඳහා යොදාගෙන ඇත.
2000 වසරේ සිට එම සමාගම් කි‍්‍රයාකාරිත්වය සසඳා බැලීමේ දී මේ බව හෙළි වී තිබේ.
එමෙන්ම ලොව වැඩිම අයකිරීමක් කරනු ලබන ප‍්‍රධාන විධායක නිලධාරීනියක වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක පමණ මුදලක් උපයන බවට ද හෙළිව තිබේ.
පිරිමි විධායක නිලධාරීන්ට සාපේක්ෂව කාන්තාවන්ගේ උපක‍්‍රමශීලී බව මෙම රැකියාව සඳහා යහපත් අයුරින් වැඩි බලපෑමක් සිදුකරන බැවින් ඉදිරි කාලයේ දී වැඩි වශයෙන් කාන්තාවන් මෙම ධුරය හොබවනු ඇති බවට ද සමීක්ෂණ වර්තා මගින් අනාවැකි පළකර තිබේ.
එමෙන්ම කාන්තාවන් මතුපිටින් සියුමැලි බවක් දිස්වූවද ආයතනික වශයෙන් තීන්දු තීරණ ගැනීමේ දී සේවකයන් ඉවත් කිරීම වැනි තීරණ ක්ෂණිකව හා දැඩිව තීන්දු කිරීමට නොපැකිළ කටයුතු කිරීමත් මෙම ධුරය සඳහා කන්තාවන්ගේ යෝග්‍යතාවට බලපා ඇතැයි සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.


