-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

Showing posts with label Beauty. Show all posts

කළු වත පැහැපත් කිරීම නැතිනම් සුදු කිරිම අද වනවිට ප්‍රවණතාවක් වී අවසන්ය. නමුත් මේ ප්‍රවණතාව පිටුපස තිබෙන බියකුරු ප්‍රතිඵල ගැන අපි ගිය සතියේ ඔබට අනාවරණය කළෙමු. ෆෙයානස් මුදලාලිලා තරුණ තරුණියන් පසුපස හඹා යමින් විකුණන මේ ෆෙයානස් මායාවේ තවත් තොරතුරු අද අපි ඔබට ගෙන එන්නෙමු.
මෙන්න අනිසි ප්‍රතිඵල
* වකුගඩුවලට හානි විම
* මධ්‍ය ස්නායු පද්ධතියට බලපෑම් ඇතිවිම
* ශරිරය වෙව්ලිම
* මතකය අඩුවිම
* අසාත්මිකතා ඇතිවිම
මනාලියගේ මුහුණ සති දෙකෙන් සුදු වෙලාලු
යුවතියක් මංගල දිනයට පෙර සති කීපය තුළ සම්පූර්ණයෙන්ම රූපලාවන්‍ය ශිල්පීයාගේ අණසකට යටත් වෙනවා. ඉතා කෙටි කාලයක් තුළ මනාලියව සූදානම් කරන රුපලාවන්‍ය ශිල්පින් ඉතා වේගයෙන් මනාලියගේ මුහුණත් සුදු කිරිමට විශේෂ සත්කාර යොදා ගන්නවා.
ඉතා කඩිමුඩියේ මෙලනොසයිට් වර්ණකය අවහිර කරමින් සම සුදු කිරීමට දරන මේ ක්‍රියාවලියේ විශාල අවදානමක් තිබෙනවා.මෙහිදී භාවිතා කරන ක්‍රීම් විශේෂයෙන්ම සම සුදුකරන ක්‍රීම්වල රසදිය විශාල ප්‍රමාණයක් අඩංගු නිසා ඒවා සම මත තැවරීමෙන් ආසනික් ශරිරගත වෙනවා.
මෙවැනි විශේෂ අවස්ථාවක දි රුපලාවන්‍ය ශිල්පින්ගෙන් ඒ ගැන ප්‍රශ්න කිරීම කළ යුතුමයි. මේ ආලේපනවල අන්තර්ගතය එහි ලේබලයේ තිබෙනවාද කියා බලන්න. කියවීමට බැරි භාෂාවකින් නම් එය තිබෙන්නේ, එවැනි නිෂ්පාදනයක් ප්‍රතික්ෂේප කිරීම වඩා සුදුසුයි.
රසදිය හැඳින්වීමට යොදන විවිධ නම්
*කැලෝමල්
*මර්කියුරික්
*මර්කියුරික් සල්ෆයිඩ් (එය වර්මිලියන් ලෙසද සඳහන් කොට ඇත.)
*මර්කියුරස් ක්ලෝරයිඩ්
*මර්කියුරියෝ
අවදානම් තත්ත්ව
මෙවැනි බොහෝ ආලේපනවල මේ පිළිබඳ තොරතුරු සඳහන් කර නැති අතර බොහොමයක් ආලේපනවල ඒ පිළිබඳ තොරතුරු දක්වා ඇත්තේ වෙනත් බසකිනි. කෙසේ වෙතත් ඔබත් මිලදී ගන්නා ෆෙයානස් ක්‍රීම්වල මෙවැනි නම් වලින් එකක් හෝ සඳහන් නම් එහි අර්ථය එහි රසදිය අඩංගු බවයි. එබැවින් ඔබ එය මිලදී ගැනීමෙන් වැළකිය යුතුය.
සංකූලතා
රුව ආලේපනවල අන්තර්ගත රසදිය සමට අවශෝෂණය වීමෙන් පුද්ගලයකු විවිධාකාර අසාත්මිකතාවලට ගොදුරුවිය හැකියි. එයින් සමට ඕනෑම විදිහකින් හානියක් විය හැකියි. මධ්‍ය ස්නායු පද්ධතියට විවිධ බලපෑම් ඇතිවිය හැකියි. පමණ ඉක්මවා රසදියට සම නිරාවරණය වීමෙන් ශරීරය වෙව්ලීම, මතකය අඩුවීම විය හැකියි. සමේ ප්‍රදාහයන් ඇතිවිය හැකියි.
වකුගඩුවල ක්‍රියාකාරීත්වයට බලපෑමෙන් විවිධ හානිකර තත්ත්ව ඇතිවිය හැකියි. මෙලෙස රසදිය අඩංගු වන්නේ ෆෙයානස් ක්‍රීම්වල පමණක් නෙවෙයි. ඒවා සබන්වල මෙන්ම විවිධ ඔයින්ට්මන්ට් (ආලේපන) වර්ගවලද අන්තර්ගත කර තිබෙනවා.
ඇමරිකාව වැනි රටවල නම් උපදෙස්දී තිබෙන්නේ අවශ්‍යම නම් පමණක් ඇස්වටා කළුවීම වැළැක්වීම සඳහා ගෑමට පමණයි. එයද අනුමත ප්‍රමාණයකින් ඇත්නම් පමණි. ශ්‍රී ලංකාවේත් රසදිය භාවිතයට සීමා තිබෙනවා. ඒ අනුව අපේ රටේ වෙළඳපලට නිකුත් කෙරෙන ෆෙයානස් ක්‍රීම් වර්ග වලට රසදිය එකතු කිරීමට නීතියෙන් අවසරයක් නැහැ.
සමුදිකා වර්ණපාල
Alternative text

කුරුලෑ පිළිබඳ කොයි තරම් අපි සැලකිලිමත් විය යුතු ද කියලා පසුගිය ලිපි දෙකකින්ම ඔබට උපදෙස් ලැබුණා. තමන් එදිනෙදා ගෙවන ජීවන රටාවත් මේ සඳහා බෙහෙවින් බලපාන බව දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති. මෙවර අපගේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වන්නේ කුරුලෑ ඇතිවීමට පුළුවන් විවිධ ආකාර කිහිපයක් පිළිබඳයි.
ඔබ ඔබගේ මුහුණ දෙස කණ්ණාඩියෙන් බැලු විට කුරුලෑ ඇති කෙනෙක් නම් මේ ආකාර කිහිපය පිළිබඳ දැනගෙන සිටීම අතිශයින් වැදගත් වෙනවා. මන්ද එවිට කිසියම් හෝ අවබෝධයකින් තමාගේ මුහුණේ ඇති වී තිබෙන්නේ කවරාකාර කුරුලෑ තත්ත්වයක් ද යන්න ගැන දැනුවත් විය හැකි නිසා.
පළමු ආකාරය අප හඳුන්වන්නේ ‘මීලියා’ (Melliea) යනුවෙනි. මේ ආකාරයේ කුරුලෑ ඉතාම කුඩායි. නළලේ, කම්මුලේ සහ නිකටේ කුඩා, කුඩා බිබිලි වශයෙන් තමයි වැඩිපුර දක්නට ලැබෙන්නේ. මේ කුඩා බිබිලිවල සැරව තත්ත්වයක් දකින්නට ලැබෙන්නේ නෑ.
Acne කියන්නේ කුරුලෑ දැකිය හැකි තවත් ආකාරයක්. මේ තත්ත්වය මුළු මුහුණ පුරාම දක්නට ලැබෙනවා. සමහරුන්ගේ බෙල්ල වටේටත් මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. මේ කුරුලෑ බිබිලි millia තත්ත්වයට වඩා ටිකක් ලොකුයි. Acne වල සැරව තත්ත්වයක් දකින්නට තිබෙනවා. මිරිකලා අයින් කළ විට සැරව පිටතට එන්න පුළුවන්.
අපි ඊළඟ ආකාරය හඳුන්වන්නේ Pimple වශයෙනුයි. පිම්පල් වැඩි වශයෙන්ම ඇතිවෙන්නේ කම්මුල දෙපැත්තේ සහ නළලේයි. ඒත් සමහරුන්ගේ මේ තත්ත්වය පිටේ, බෙල්ලේ, පපුවේ සහ කකුල්වලත් දකින්නට පුළුවන්. පිම්පල් එන්නේ බොහෝ විට ශරීර උෂ්ණත්වය වැඩි අගයක් ගන්නා ශරීරවලයි. ඊට අමතරව හිස්හොරි ඇතිවීම නිසාත් පිම්පල් ඇතිවෙන්න පුළුවන්.
කුරුලෑ ඇතිවීමේ අනෙක් ආකාරය අපි හඳුන්වන්නේ Cist යනුවෙනුයි. සිස්ට් (Cist) කියන්නේ පිම්පල් වලට වඩා තරමක් ලොකු ගෙඩි ආකාරයෙන් දක්නට ලැබෙන විශේෂයකටයි. මුහුණේ මේ ආකාර ගෙඩි උපරීමයෙන් හතරක් වගේ තමයි දක්නට ලැබෙන්නේ. අනෙක් කුරුලෑ විශේෂයන්ට වඩා විශාලයි. අසාමාන්‍යයි.
අතින් ඇල්ලු විට ඝනකමට අතට දැනෙනවා. හම ඇතුළෙන් එන ගැටිත්තක් වගේ තමයි අතට දැනෙන්නේ. මේක රූපලාවණ්‍ය විශේෂඥවරයෙකුට විසඳුමක් දිය හැකි හෝ රූපලාවණ්‍ය ප්‍රතිකාර වලින් සුව කළ හැකි තත්ත්වයක් නොවේ. මෙවැනි තත්ත්වයක් සඳහා අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගෙන වෛද්‍ය ප්‍රතිකාර කළ යුතුයි.
කුරුලෑ ඇතිවිය හැකි විවිධ ආකාර තත්ත්වයන් පිළිබඳ අප සාකච්ඡා කළා සේම කුරුලෑ සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේ ද යන්න පිළිබඳත් අප අවබෝධයක් ලබාගත යුතුයි. කුමන ආකාරයක කුරුලෑ තියන සමක් වුවද ප්‍රතිකාර ලබා ගැනීමට ප්‍රථම සම පිළිබඳ පරීක්ෂාවක් කරගත යුතුයි.
තමන් තෝරාගන්නා සුදුසුකම් ලත් රූපලාවණ්‍ය විශේෂඥවරයෙකු ළඟට ගොස් ප්‍රථමයෙන්ම කළ යුත්තේ තමන්ට පිහිටා ඇත්තේ කුමන වර්ගයේ සමක් ද? යන්න ගැන පරීක්ෂාවක් කරගැනීමයි. අනෙක් පැත්තෙන් ප්‍රතිකාර කිරීමට පෙර අදාළ පුද්ගලයාගේ ආහාර රටාව, ජීවන රටාව සේම පරම්පරාවෙන් මෙවැනි තත්ත්වයක් ඇති වී තිබේ ද යන්න ගැන රූපලාවණ්‍ය විශේෂඥවරිය ද අවබෝධයක් ලබා ගත යුතුය. ඉන් පසුව තමයි ප්‍රතිකාර ආරම්භ කළ යුත්තේ.
කුරුලෑ සඳහා ඇත්තේ එකම විදියේ ප්‍රතිකාර ක්‍රම නොවෙයි. ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන කුරුලෑ තත්ත්ව සඳහා යොදාගන්නා ප්‍රතිකාර ක්‍රම ද සුවිශේෂී වෙනවා. කුරුලෑ සහිත සමක් හොඳින් steam කරන්න ඕන. තියන කුරුලෑ අයින් කරන්න ඕන. විශේෂයෙන් මතක තබා ගන්න කුරුලෑ සහිත සමක් Scrub කරන්නේ නැති බව. එවිට තියනවටත් වඩා සමට හානි සිදුවෙන්න පුළුවන්. නිල තෙරපීමක් සිදුකිරීම ඉතාමත්ම හොඳයි. සමට pack එකක් පාවිච්චි කරනවා නම් ස්වාභාවික ද්‍රව්‍ය යොදා සාදාගත් pack පාවිච්චි කළ යුතුයි.
ක්‍රීම් වර්ග පාවිච්චි කරත්දී ගැළපෙන ක්‍රීම් පාවිච්චියට ගත යුතුයි. හිස්හොරි පවතීනම් ඒ සඳහා ප්‍රතිකාර කළ යුතුයි. හිස්හොරි සඳහා භාවිත කරන ෂැම්පු වර්ග ද ප්‍රමිතියකින් යුතු ඒවා විය යුතුය. සමබල ආහාර වේලක් ලබා ගැනීම ද මස්, මාංශ අඩුවෙන් සහ එළවළු, පලතුරු වැඩියෙන් ආහාරයට එක් කර ගැනීම ද සුදුසුයි. විශේෂයෙන් තෙල් කෑමෙන් මිදිය යුතුය. Stress එකක් කුරුලෑ වැඩිවීමට එක් හේතුවක්.
ඒ නිසා විවේක සුවයෙන් සිටීම වඩා වැදගත්. caffen, coffee අඩංගු ආහාර වර්ග වැඩිපුර ආහාරයට ගැනීමත් සුදුසු නෑ. නිතරම කණ්ණාඩියෙන් තම මුහුණේ කුරුලෑ දෙස බලමින් විස්සෝප වීමත් හොඳ නෑ. නිතරම අල්ලන්න සුදුසු නෑ. සබන් පාවිච්චියත් සුදුසු නෑ. දවසට තුන් වතාවක් පමණ දෙහි බින්දු කිහිපයක් පිරිසුදු වතුරට මිශ්‍ර කර මුහුණ සෝදන්න. සුදුසු face wash එකක් උපදෙස් පරිදි පාවිච්චි කරන්න. සිතේ පීඩනය අඩු කරගෙන හොඳ නින්දක් ඇතිව පිරිසුදුව කටයුතු කිරීම අත්‍යවශ්‍යය.
සබැඳියන්
(silumina)
Alternative text

දෙතොල් අලංකාරව තබා ගැනීම සඳහා විවිධ කෘත්‍රිම තොල් ආලේපන භාවිත කරනු ලබනවා. බොහෝ කාලයක් මේවා භාවිත කිරීමෙන් දෙතොල්වල වර්ණය වෙනස් වෙනවා. තොල් කළු පැහැයට හැරෙන්නත් පුළුවන්.


තොල් වියළීම හා පැළීම

මීට අමතරව බොහෝ දෙනකුගේ තොල් වියළීමත් තොල් පැළීමත් සිදු වෙනවා. මෙසේ වීමට විවිධ හේතු බලපානවා. දේශගුණයේ වෙනස් වීම්, විශේෂයෙන්ම සීතල දේශගුණය පවතින ප්‍රදේශවලදී සමහර අයගේ දෙතොල් පිපිරීමට ලක්වෙනවා. විටමින්, ඛනිජ ලවණ (යකඩ) සහ අත්‍යවශ්‍ය මේද අම්ලවල ඌනතාවත් මෙයට හේතු වෙනවා. සමහර ඖෂධ හා රසායන ද්‍රව්‍යවලට දක්වන අසාත්මිකතාත් දුම්බීමත් තොල් පැළීමට බලපානවා. ශරීරය විජලනයට ලක්වීම, නිතර තද හිරුඑළියට නිරාවරණය වීම, තොල් සැපීම වැනි නරක පුරුදු නිසාත් තොල් පැළී තුවාලවීමට ඉඩ තිබෙනවා.


ප්‍රතිකාර

තරුණියකගේ දෙතොල් නිතර නිතර වියළීමට, කළු පැහැති වීමට මෙන්ම දෙතොල් පැළී තුවාල වීමට ලක්වේ නම් එය ඇයගේ සුන්දරත්වයට හානියක් වෙනවා මෙන්ම ඇයට මානසිකව පීඩනයක් ඇතිවීමට හේතුවෙනවා. මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා පහත සඳහන් උපදෙස් පිළිපැදීම අවශ්‍ය වෙනවා.

• දිනපතා වැඩිපුර ජලය පානය කර ශරීරයේ නිසි තෙතමනය පවත්වා ගත යුතුයි.

• තොල් සැපීම වැනි නරක පුරුදුවලින් ඈත්විය යුතුයි.

• විටමින් ‘ඒ’ අඩංගු කැරට්, තක්කාලි, කොළ, එළවළු හා පලාවර්ග වැඩි වැඩියෙන් ආහාරයට ගත යුතුයි.

• තද සූර්යාලෝකයට නිරාවරණය වීම වැළැක්වීම සඳහා නිවෙසෙන් බැහැරව යන විට සුදුසු තොල් ආලේපනයක් Sun screen භාවිත කිරීම.

• රාත්‍රි කාලයේදී දෙතොලෙහි සුදුසු Lip balm එකක් ආලේප කිරීම.

• කෘත්‍රිම තොල් ආලේපනවලින් ඉවත්වී ස්වාභාවික ඖෂධීය ද්‍රව්‍යවලින් සාදාගත් තොල් ආලේපන භාවිත කිරීමෙන් මෙම තත්ත්වය මඟහරවා ගත හැකිය.


රෝස පාට දෙතොලක්

මෙහි දක්වා ඇති සරල එමෙන්ම ආරක්ෂාකාරී ඖෂධ භාවිතයෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.

• ගිතෙල් ස්වල්පයක් සමඟ කහ කුඩු මිශ්‍රකර දෙතොලේ ආලේප කර පැයක් පමණ තිබෙන්නට හරින්න. මෙය දිනපතාම භාවිත කිරීමෙන් දෙතොලෙහි කළු පැහැය ඉවත් වී රෝස පැහැයක් ක්‍රමයෙන් ඇතිවේ.

• රතු රෝස පෙති ගිතෙලින් අඹරා දෙතොලේ ආලේප කිරීමෙන්ද ඉහත ප්‍රතිඵල ලබාගත හැකිය.

• මී පැණි, ජලය, ග්ලීසරීන් හා Almond oil සම ප්‍රමාණයෙන් ගෙන බෝතලයකට දමා හොඳින් මිශ්‍රකර ගන්න. මෙම මිශ්‍රණයෙන් ස්වල්පයක් දිනපතාම දෙතොලෙහිම ආලේප කිරීමෙන් රෝස පැහැති දීප්තිමත්ව තොල් සඟලක් ඇතිවේ.

•දෙතොලෙහි රාත්‍රියට එඬරු තෙල් ස්වල්පයක් ආලේප කර පිරිමදින්න. එවිට දෙතොල් මෘදු වී පැහැපත් වේ.


දෙතොල් වියළීම වැළැක්වීමට

දෙතොලේ තෙතමනය ආරක්ෂා කර වියළීම වළක්වා ගැනීම සඳහා පහත සඳහන් ප්‍රතිකාර ඉතා සාර්ථක වේ.

• මී පැණි ස්වල්පයක් ආමන්ඩ් ඔයිල් සමඟ මිශ්‍රකර දෙතොලේ අලේප කර පිරිමදින්න.

• මී පැණි සමඟ වැස්ලින් ස්වල්පයක් මිශ්‍රකර දෙතොලේ ආලේප කර විනාඩි 10-15ක් පමණ තිබෙන්නට හැර වතුරින් පෙඟවූ පුළුන් කැබැල්ලකින් තොල් පිසදමන්න.

• කෝමාරිකා මද ස්වල්පයක් දෙතොලෙහි ආලේප කරන්න.

• ග්ලිසරීන්, දෙහි යුෂ, එඬරු තෙල් ස්වල්පයක් බැගින් එකට මිශ්‍රකර රාත්‍රියේදී දෙතොලෙහි ආලේප කර පසුදා උදෑසන තෙත රෙදි කඩකින් මෘදුව පිසදමන්න.

මෙම ප්‍රතිකාර දින කිහිපයක් නොකඩවා කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.


දෙතොල් පැළීම වැළැක්වීමට

නිතර නිතර දෙතොල් පිපිරී තුවාල වීම වේදනාවක් මෙන්ම මානසික වධයකි. එමෙන්ම එය සුන්දරත්වයටද බාධාවකි. මෙය වැළැක්වීම සඳහා පහත සඳහන් ප්‍රතිකාර දින කීපයක් නොකඩවා කිරීමෙන් උපරිම ප්‍රතිඵල ලබාගත හැකිය.

• පොල් තෙල් ස්වල්පයක් දෙතොලෙහි ආලේප කරන්න.
• එළකිරි උණුකරන විට ඇතිවන කිරි යොදය දෙතොලෙහි ආලේප කරන්න.

• මී පැණි ස්වල්පයක් රාත්‍රියේදී දෙතොලේ ආලේප කරන්න. මී පැණි හොඳ මොයිස්චර්රයිසර් එකකි. එමෙන්ම ක්‍ෂුද්‍ර ජීවී නාශකයකි. මී පැණි පහසුවෙන් නරක් නොවේ. මේ නිසා තොල් පැළීම පහසුවෙන් සුව වේ.

• මී පැණි ස්වල්පයක් විටමින් E කරලක් මිශ්‍රකර දෙතොලෙහි ආලේප කිරීමෙන්ද තුවාල සුව වී කළු පැහැයද ඉවත් වේ.

• දිනකට කීපවරක් පිපිඤ්ඤා පොත්තක් දෙතොලෙහි ඇතිල්ලීමෙන්ද තුවාල සුව වේ.

• සතියකට කීපවරක් පොල් වතුර හෝ කුරුම්බා වතුර පානය කිරීමෙන්ද දෙතොල් පැළීම මඟහැරී යයි.

• Olive තෙල් ස්වල්පයක් වැස්ලීන් සමඟ මිශ්‍රකර ආලේප කිරීමෙන්ද දෙතොල් පැළීම සුවවේ.

• ආයුර්වේද ප්‍රතිකාරවලදී නම සඳහන් වන පිණ්ඩතෙල්ද ‍දෙතොල් පැළීම වැළැක්වීම ඉතා හොඳ ඖෂධයකි.

මෙවැනි සරල ප්‍රතිකාරවලින් දෙතොල් ආශ්‍රිත රෝග රැසකට සහනය සැලසෙනවා පමණක් නොව අති සුන්දර තොල් සඟලක් ලබා ගැනීමටත් එය හේතු වෙනවා.

ආචාර්ය එස්.එම්.එස්. සමරකෝන්
ජේ‍යෂ්ඨ කථිකාචාර්ය
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය
කැලණිය විශ්වවිද්‍යාලය
(mawbima)
Alternative text

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos