ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් එළඹෙන වසරේදී පැවැත්වීමට නියමිත ‘ඉන්දීය පී‍්‍රමියර් ලීග් ’තරගාවලියේ සමස්ත තරගාවලිය හෝ ඇතැම් තරග ශ‍්‍රී ලංකාවේදී හෝ බංගලාදේශයේදී පැවැත්වීම පිළිබද අයි.පී.එල් තරග සංවිධායකයන්ගේ අවධානය යොමුවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එළඹෙන වසරේ අපේ‍්‍රල් හා මැයි මාසයන්හිදී ‘ඉන්දීය පී‍්‍රමියර් ලීග්’ තරගාවලිය පැවැත්වීමට නියමිත අතර පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දින වකවානු තීරණය වීමෙන් අනතුරුව මේ සම්බන්ධ අවසන් තීරණය ගැනීමට නියමිත බව ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය සඳහන් කර ඇත.
බංගලාදේශයට හා ශ‍්‍රී ලංකාවට අවම කාලයකින් ගමන් කළ හැකි වීමත්, දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් මණ්ඩලය හා ඉන්දියානු කි‍්‍රකට් පාලක මණ්ඩලය අතර මෑතකදී හට ගත් මතභේදයක් හේතුවෙන් තරගාවලිය මෙසේ ශ‍්‍රී ලංකාවට හෝ බංගලාදේශයට යොමු කිරීමට හේතු වී තිබේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බව බවසන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා ඇරයුමක් ලැබුණහොත් ඒ සඳහා ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩාංගණ සුදානම් බව ද සඳහන් කරයි. ලෝක කුසලාන තරගාවලි දෙකක සත්කාරකත්වය දැරු ශ‍්‍රී ලංකාවට අයි.පී.එල්. තරගාවලිය අභියෝගයක් නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටී.


