-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ප්‍රවීණ රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුමගේ මේ දිනවල නිහඬ වෙලා ඉන්නේ දේශපාලනයට පිවිසෙන්න කියලා ආරංචි වුණා. ඒ සම්බන්ධයෙන් ඇය සමග සිදු කළ කතාබහ රිවිර පුවත්පත​ එක් කළ අයුරුයි මේ.
මේ දිනවල මොකද කරන්නේ?
මේ දිනවල රූගත කිරීම් මුකුත් නෑ. ස්වර්ණවාහිනියේ වැඩසටහන් කිහිපයකට දායක වුණා. ටිකක් නිදහසේ ඉන්නවා මේ දිනවල.

ඒ කියන්නේ දැන් හොඳ නිර්මාණ බිහිවෙනවා අඩුයිද?
නෑ. හොඳ නිර්මාණ බිහි වෙනවා. හොඳ නිර්මාණ දෙකකට ආරාධනා ලැබුණා. නමුත් සහභාගි වුණේ නෑ. පසුගිය අවුරුද්දේ එක දිගට වැඩ කළා. ගොඩාක් කාර්යබහුල වුණා. පුතා එක්ක ගත කරන්න තිබුණ කාලය අඩු වුණා. ඒ නිසා මේ දිනවල පුතා එක්ක කාලය ගත කරන්න ටිකක් විවේකීව ඉන්නවා.

නිහඬ වෙලා ඉන්නේ දේශපාලනයට එන්න කියලා ආරංචියි..?
නිහඬවෙලා හිටියේ දේශපාලනයට එන්න නෙමේ. නමුත් දේශපාලනයට එන්න බලා‍පොරොත්තුවක් තියෙනවා. කොයි කා‍ලේ එයිද කියලා දැන්ම කියන්න බැහැ.

මොන පක්ෂය හරහා ද දේශපාලනයට එන්නේ?
ආරාධනා ලැබුණෙ නම් ආණ්ඩු පක්ෂයෙන්. නමුත් මම දේශපාලනයට එන කා‍ලේ මොන පක්ෂයෙන් ඉල්ලයිද දන්නේ නෑ.

සැමියා කැමැතිද දේශපාලනය කරනවාට?
එයාගේ අකමැත්තක් නෑ. එයා දන්නවා මම මොන තීරණේ ගත්තත් ඒක නිවැරදියි කියලා. මම මෙච්චර කාලෙකට ගත්ත තීරණ වැරදිලා නෑ. ඒ නිසා එයාගේ කිසිම අකමැත්තක් නෑ මං ගන්න තීරණවලට.

නිළියන් දේශපාලනයට පැමිණීම ගැන මොකද හිතන්නේ?
කිසිම වරදක් නෑ. ඕනෑම පුරවැසියෙක්ට දේශපාලනයට එන්න පුළුවන්. නමුත් දේශපාලනය ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන. මොන වෘත්තිය කළත් ඒක හරියට කරන්න ඕන.

දේශපාලනයට ලස්සන බලපානවාද?
ලස්සන බලපාන්නේ නම් නෑ. නමුත් ප්‍රියමනාපකම බලපානවා. චතුර කථිකත්වයත් බලපානවා දේශපාලනයට.

ඔබ ලස්සන නිසාද නිතරම අවුරුදු උත්සවවල අවුරුදු කුමරිය තේරීමේ කටයුතුවලට දායක කරගන්නේ?
ඒක දන්නේ නෑ. එදා සිටම බොහෝ අවුරුදු උත්සවවල අවුරුදු කුමරිය තේරීමේ කටයුතුවලට ආරාධනා ලැබෙනවා. මම ලබාදෙන විනිශ්චය හරියටම හරි ඇත. ඒක වෙන්න ඇති ඒකට මාවම තෝරගන්නේ.

පුද්ගලික ජීවිතේ ගැන ටිකක් කතා කළොත්?
පුතාට දැන් අවුරුදු එකහමාරක්. මහත්තයයි මමයි පුතයි සතුටින් ඉන්නවා. මගේ මහත්තයා ප්‍රදීප් බුලත්සිංහල. එයා කැමරා ශිල්පියෙක් ලෙසට කටයුතු කරනවා.
මයුරි පෙරේරා

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos