මාතර සිට අනුරාධපුරය බලා ගිය රජරට රැජින දුම්රිය සහ මහව සිට පොල්ගහවෙල බලා ගිය ෆවුසි රේල් බසය ඊයේ සවස 4.30ට පමණ වැල්ලව දුම්රිය ස්ථානයේ දී එකම මාර්ගයේ ධාවනය වීමෙන් සිදුවීමට ගිය තවත් දුම්රිය අනතුරක් රියදුරන්ගේ අවධානය නිසා වැළැකී ගියේය.
දුම්රිය දෙකටම එකම මාර්ගයේ ඉදිරියට ධාවනය කිරීමට වැරදි සංඥා නිකුත් කර තිබීමෙන් මේ අනතුර සිදුවන්නට ගිය බව සිද්ධිය දුටුවෝ කියති.
ඉදිරියෙන් දුම්රියක් එනු දුටු දුම්රිය දෙකේ රියදුරන් දෙදෙනා වහා දුම්රිය දෙක නතර කැර ඇත. තව මොහොතක් පමා වී නම් මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබූ බව එතැට සිටියෝ පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය රියදුරන් දෙදෙනා වැල්ලව දුම්රිය ස්ථානයේ සටහන් තබා ඇත.
කෙසේ වෙතත් වැල්ලව දුම්රිය ස්ථානයේ නිලධාරියකු පැවසුවේ එවැන්නක් සිදු නොවූ බවයි.



