-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ලෝක ප්‍රකට පොප් ගායිකා බියොන්සේගේ (Beyoncé) සහෝදරිය වන සෝලංගි නෝල්ස්, බියොන්සේගේ සැමියා වන ප්‍රකට රැප් ගායක Jay Z හට පහර පිට පහර දෙන දර්ශන ඇතුළත් CCTV වීඩියෝවක් මාධ්‍යයට නිකුත් වී තිබේ.
සුප්‍රසිද්ධ චරිත සම්බන්ධයෙන් පෞද්ගලික තොරතුරු පළ කරන සඟරාවක් වන TMZ හි වෙබ් අඩවියෙහි මෙය පළ කර ඇත.
මෙම සිදුවීම සිදුවී ඇත්තේ, New York City හෝටලයේ විදුලි සෝපානය තුළදී ය.
එහි දැක්වෙන දර්ශන පෙළට අනුව, විදුලි සෝපානයට ඇතුළු වූ සැණින් සෝලංගි නෝල්ස්, බියොන්සේගේ සැමියා වෙත පැමිණ පහර දෙන ආකාරය දැක්වේ.
මෙහි සුවිශේෂී සිදුවීම වන්නේ, මෙම අවස්ථාවේ බියොන්සේ ද එම ස්ථානයේ සිටීම ය.
පසුව පෞද්ගලික ආරක්ෂකයෙකු බවට විශ්වාස කළ හැකි පුද්ගලයෙකු බියොන්සේගේ සොහොයුරිය තදින් අල්ලා ගෙන සිටින ආකාරය දැක්වේ.
එහෙත්, ඇය බියොන්සේගේ සැමියාට පා පහර කිහිපයක් ද එල්ල කරයි.
එම අවස්ථාවේ බියොන්සේ කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීම විශේෂත්වයකි.
මේ අතර, මෙම CCTV වීඩියෝව මාධ්‍යයට නිකුත් වීම පිළිබඳව New York City හෝටලයේ කළමනාකාරීකත්වය විමතිය පළ කර තිබේ.
ඔවුන් පවසා ඇත්තේ, මෙය කළමනාකාරීත්වයේ අනුදැනුමකින් තොරව මාධ්‍යයට ලබා දී ඇති බව ත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ත් ය.
වීඩියෝ එක මෙතනින් බලන්න​: Click Here

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos