දුර්ලභ ගණයේ නිවුන් දරු උපතක් පිළිබඳව අමෙරිකාවේ ඔහියෝ ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙහි සුවිශේෂත්වය වන්නේ, එහිදී උපත ලැබූ නිවුන් දැරියන් දෙදෙනා අත් අල්ලාගෙන සිටීම ය.
උපතින් ම අත් අල්ලාගෙන සිටි මෙම දරුවන් ‘monoamniotic birth’ නමැති දුර්ලභ උපතක් උරුම කරගෙන මෙලොවට බිහිව තිබේ.
‘monoamniotic birth’ යනු එක ම කුටීරයක වැඩෙන නිවුන් දරුවන් ය.
සාමාන්‍යයෙන් නිවුන් දරුවන් මවගේ කුස තුළ කුටීර දෙකක වැඩෙන අතර මෙය දුර්ලභ සිදුවීමකි.
ඔවුන් පෙකෙණි වැල් දෙකකින් මව සමග සම්බන්ධ වී සිටින අතර ඔවුන් දෙදෙනාගේ සියලු අංග සමාන ය.
අත් අල්ලාගෙන මෙලොවට බිහි වූ ජිලියන් තිස්ල්වයිට් සහ ජෙනා තිස්ල්වයිට් යන මෙම නිවුන් දැරියන් උපතින් ම මිතුරියන් බව ඔවුන්ගේ මව වන සාරා තිස්ල්වයිට් පවසයි.
සිය නිවුන් දැරියන් අත් අල්ලාගෙන මෙලොවට බිහිවූ බව තමන්ට අදහාගත නොහැකි තරම් සතුටක් බව ඇය සඳහන් කළා ය.
මෙම දුර්ලභ උපත සිදුවූයේ, අමෙරිකාවේ ඔහියෝහි Akron Beacon රෝහලේදී ය.


