-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පබා යනු උපේක්‍ෂා ස්වර්ණමාලිය. ඇය මේ වනවිට ජනතාවගේ සර්වජන ජන්ද බලයෙන් පාර්ලි මේන්තුවට පත්වූ මන්ත‍්‍රී වරියකි. ඇයට මන්ත‍්‍රී වරියක් වන්නට තිබුණ එකම හේතුව පබාගේ චරිතය රගදැක්වීම පමණමය. කෙසේ වුවත් ඇය දන්නා දේශපාලනය කුමක්දැයි යන්න දෙරණ 360 වැඩ සටහනට සහභාගී වීමෙන් ගම්පහ ජනතාවට ඇය පෙන්වා දෙනු ලැබීය.
උපේක්‍ෂා තවමත් ගම්පහ පැත්තේ ඇවිදින්නට යන්නට කැමතිය. ඒ සිය ජන්ද දායකයන් දැකීමට ම නොවේ. රූගත කිරීම් වලටය. ඇය ට වැලිවේරිය ජනතාව ද ජන්දය පාවිච්චි කර තිබිණ. එහෙත් උපේක්‍ෂා වැලිවේරිය ජනතාව වෙනුවෙන් සිය ශෝඛයවත් ප‍්‍රකාශ කළාදැයි නොදනිමු.

කෙසේවුවත් උපේක්‍ෂා ට බල්ලෙක් සිටී. ඇයගේ මෙම බල්ලාව බලා ගැනීමට කෙනෙකු නොමැති වූ බැවින් බල්ලාව ද රැගෙන ගම්පහ අස්ගිරි මල්වත්තේ රූගත කිරීමකට සහභාගී වී ඇත. ඇයට මල්වත්ත ඇතුළට යන්නට අවසර තිබුණාට බල්ලන් ව ඇතුළට ගෙනයාමට අවසරයක් තිබී නැත. මේ නිසා ඇය ආරක්‍ෂක නිළධාරීන් සමග විවාදයට පැටලී ඇත්තේ මල්වත්ත තුළ සිටි නිදැල්ලේ හැසිරෙණ බල්ලන් පෙන්වමිණි. ඒ බල්ලන්ට පුලූවන්නම් මගේ බල්ලව මට ගෙනියන්නට නොහැකි මන්ද යන්න ඇයගේ තර්කය වී තිබේ.තර්කය සාධාරණය. නිදැල්ලෙ ඉන්නෙත් බල්ලන් නම්, ඇය ඇතිදැඩි කරන බල්ලාත් බල්ලෙකි. ඒ නිසා අවසානයේ උපේක්‍ෂාට උපේක්‍ෂාගේ බල්ලා කැටුව මල්වත්ත ඇතුළට රැගෙන යන්නට අවසර ලැබිනි.

නමුත් පිටගම් කාරයෙක් තමන්ගෙ බල ප‍්‍රදේශයට ඇතුල් වීම පිළිබඳව මල්වත්තේ බල්ලෝ විමසිළිමත් වූහ. මේ හේතුව නිසා ගම්පහ අස්ගිරි මල්වත්තේ බල්ලෝ උපේක්‍ෂාගේ බල්ලාට එරෙහිව හඬ නගන්නට විය. මේ හේතුවෙන් උපේක්‍ෂාගේ බල්ලාට ජීවිත තර්ජනයකට මුහුන දෙන්නට සිදුවිය. මේ පිළිබඳව කලබලයට පත් උපේක්‍ෂා ට නිසි ලෙස රූගත කිරීම් වලට දායකවන්නට ද නොහැකි විය. ඇය සියල්ලටම පෙර තම බලූ සුරතලා ගම්පහ බල්ලන්ගෙන් බේරාගත යුතුව තිබිණි.
ගම්පහ අස්ගිරි මල්වත්තේ බල්ලෝ උපේක්‍ෂාට කළ අතවරය ඉල්ලං කෑමකැයි තතු දන්නෝ පවසති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos