දුම්වැටි දවටනවල සියයට 50ත් සියයට 60ත් අතර ප‍්‍රමාණයක අවවාදාත්මක රූප යොදන්නැයිනියෝග කිරීමට අභියාචනාධිකරණය අද (12) සෞඛ්‍ය අමාත්‍යංශයට අවසර ලබා දී තිබේ. දුම්වැටි දවටන වල සියයට 80ක් ආවරණය වන පරිදි පිළිකා රූප යොදන්නැයිනියෝග කරන්නැයි මීට පෙර නිකුත් කෙරුණු ගැසට් නිවේදනය සම්බන්ධයෙන් සියතීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් එම තීන්දුව ලබාදුන් අතර අදාළ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලාදුම්කොළ සමාගම් අභියාචනාධිකරණයේ මෙම නඩුව පවරා තිබුණි.
Lanka Gossip Girl News Powered by Gossip Lanka Media


