-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


බ්‍රසීලයේ වෙසෙන 18 හැවිරිදි තරුණියක වන එලිසානි කෲස් සිල්වාට ඇත්තේ අසාමාන්‍ය උසකි. හරියටම කියතොත් ඇගේ උස අඩි 6යි අඟල් 8කි. ඇය බ්‍රසීලයේ උසම තරුණියයි. මේ දිනවල ඇය සිය විවාහයට ලහි ලහියේ සූදානම් වන්නීය.ඇය හා විවාහවීමට බලා‍පොරොත්තුවෙන් සිටින ඇගේ පෙම්වතා ඇයට වඩා අඩි 1යි අඟල් 4ක් කොටය. කෙසේ වෙතත් ඇගේ පෙම්වතා වන අඩි 5යි අඟල් 4ක් උස  ග්‍රැන්සිනාල්ඩෝ ඩි. සිල්වා පවසන්නේ, තමන්ගේ ආදරයට උස බාධාවක් නොවන බවය.
එලිසානි එතරම් උස තරුණියක වී තිබෙන්නේ ඇගේ පිටයුටරි ග්‍රන්ථියේ ඇති වී තිබෙන අසාමාන්‍යතාවයක් නිසාය. ඇය කියන අන්දමට ග්‍රැන්සිනාල්ඩෝ සහ ඇය අතර ප්‍රේම සම්බන්ධය ආරම්භ වී තිබෙන්නේ ඇය 16 හැවිරිදිව සිටියදීය. “ඔහු සිටියේ අපේ නිවස අසල නිසා මම ඔහුව ඊට කලින් දැනගෙන හිටියා. ඒත්, ඒ වනතුරු මට ඔහු ගැන එතරම් කැමැත්තක් තිබුණේ නෑ.” එලිසානි එසේ පවසයි. ග්‍රැන්සිනාල්ඩෝ කියන්නේ මීට වෙනස් කතාවකි. “ඇයව දැකපු මුල්ම දවසේමයි මට වැටහුණේ මම සොයන තරුණිය ඇය බව. ඇය හරිම ලස්සනයි.” ඒ ඔහු ඇයව දුටු ආකාරයයි. කෙසේ වෙතත් ඔවුන්ගේ ප්‍රේමසම්බන්ධය ඇරඹෙත්ම එලිසානිගේ අදහස සහමුලින්ම කණපිටට හැරවෙන්නට පටන්ගෙන තිබේ.
“ඉන්පසුව මට ඔහුව නැතිවම බැරි වුණා. ඔහු වෙනත් තරුණියක් සමග ගැවසෙද්දී මට තදබල ඊර්ෂ්‍යාවක් දැනෙන්නට පටන්ගත්තා.” ඇය එසේ කියයි. මේ වනවිට ඔවුන් දෙදෙනා විවාහ ගිවිසගෙන සිටින අතර, එලිසානි පවසන්නේ යම් හෙයකින් තමන්ගේ අසාමාන්‍ය උස හේතුවෙන් දරුවකු බිහිකිරීමට අ‍පොහොසත් බවක් ඇති වුවහොත් තමන් ඉක්මනින්ම සිඟිත්තෙකු දරුකමට හදාගන්නා බවය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos