පානදුරපින්වත්ත ප්‍රදේශයේ ඉරිදා (11) සිදු වූ බව කියන ආරවුලක් සම්බන්ධයෙන්පැමිණිල්ලක් සොයා බැලීමට ගිය පොලිස් කණ්ඩායමකට එල්ල වූ ප්‍රහාරයකින් බරපතලතුවාල ලැබූ පොලිස් නිලධාරියකු පානදුර මූලික රෝහලට ඇතුල් කොට ඇත. හෝටලයේආරවුලක් ඇති වන බවට ලද ඇමතුමක් මත ජංගම සංචාරයේ යෙදී සිටිපොලිස්සැරයන්වරයකු ඇතුළු නිලධාරීන් සිවු දෙනෙකු එම ස්ථානයට ගොස් ඇති අතර ඔවුන්හෝටලයට ඇතුල් වනවාත් සමගම මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. බෝතල් කටුවකින් කළප්‍රහාරයෙන් මෙසේ තුවාල ලබා ඇත්තේ පානදුර පින්වත්ත පොලිස් මුරපොලටඅනුයුක්තව සේවය කරන පො.කො 51551නන්දසිරි නමැති නිලධාරියෙකි.
එම පහරදීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
එම පහරදීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


