නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරිවරියක දණ ගැස්වූ සිදුවීමට අදාළව හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතාට වසර 7ට අත්හිටුවූ වසර දෙකක සිරදඬුවම් නියමවී තිබේ.
මීට අමතරව රු.50,000 ක දඩයක් හා ගුරුවරියට රු.ලක්ෂ 3ක වන්දි මුදලක් ලබාදෙන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත.
අදාළ නඩුව අද (12) කැඳවූ අවස්ථාවේදී පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම රු.50,000 ක දඩ මුදල නොගෙවන්නේනම් තවත් මාස 6ක සිරදඬුවමක්ද, ලක්ෂ 3ක වන්දිය නොගෙවන්නේනම් තවත් අතිරේක වසරක සිරදඬුවම්ද නියම කරන බවට නියෝග කර තිබේ.
හිටපු මන්ත්‍රීවරයාගේ දියණියගේ පාසල් නිල ඇඳුම සම්බන්ධයෙන් දියණියට අවවාද කිරීම නිසා උරණවූ ඔහු පාසලට ගොස් මෙම ගුරුවරිය ප්‍රසිද්ධියේ දණගස්වන ලද්දේ ඉකුත් වසරේ ජූනි මස 14 දාය.
ඉක්බිතව මෙම අවිචාරවත් ක්‍රියාව හේතුවෙන් ආනන්ද සරත් කුමාර මහතා ශ්‍රීලනිපයෙන් නෙරපා දැමූ අතර පසුව පළාත් සභා මැතිවරණයට නාමයෝජනා ලබානොදීමටද තීරණය කෙරුණි.


