May
26
මුලතිව්වලට උතුරින් චලෙයි මුහුදු ප්‍රදේශයේ තිබී ගුවන් හමුදාවට අයත් බවට සැකකෙරෙන හෙලිකොප්ටර් යානයක කොටසක් කිහිපයක් හමු වී තිබේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කමාන්ඩර් කෝසල වර්ණසූරිය මහතා පැවසුවේ, උතුරු නාවික විධානයට අයත් කිමිදුම්කරුවන් පිරිසක් විසින් ඊයේ එම කොටස් සොයා ගනු ලැබ ඇති බව ය.
ගුවන් හමුදාව සමග එක්ව ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බව ඔහු සඳහන් කළේ ය.