-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් බංග්ලාදේශයේ ඩකා අගනුවර හෝලි ආටිසන් බේකරි නම් ආපනශාලාවේ ප්‍රාණ ඇපයට තබා ගෙන සිටින බව බංග්ලාදේශයේ වැඩ බලන මහකොමසාරිස් සේසත් තාබුගල මහත්මිය පවසනවා.


රාජ්‍ය තාන්ත‍්‍රිකයින් වෙසෙන මෙම ප‍්‍රදේශයේ ආපනශාලාවක පොලිසිය සහ සන්නද්ධ කණ්ඩායමක් අතර වෙඩි හුවමාරුවක් සිදුවූ අතර පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු මෙහිදී මියගොස් තිබෙනවා.

මෙම ප‍්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය බාරගෙන තිබෙනවා.

බංග්ලාදේශයේ අයි.එස්.ප්‍රහාරයක් – ලාංකිකයන් ප‍්‍රාණ ඇපයේ දැයි සැකයක්

බංග්ලාදේශයේ ඩකා අගනුවර රාජ්‍ය තාන්ත‍්‍රිකයින් වෙසෙන ප‍්‍රදේශයේ ආපනශාලාවක පොලිසිය සහ සන්නද්ධ කණ්ඩායමක් අතර වෙඩි හුවමාරුවක් සිදුවී තිබෙනවා.

පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු මෙහිදී මියගොස් තිබෙන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ශුල්ෂාන් දිස්ත‍්‍රික්කයේ හෝලි ආටිසන් බේකරි නම් ආපනශාලාවේ මෙම වෙඩි හුවමාරුව සිදුව තිබෙනවා.

සන්නද්ධ කණ්ඩායම විසින් ආපනශාලාව තුළ පිරිසක් තවමත් ප‍්‍රාණ ඇපයේ තබාගෙන සිටින බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

 ඒ අතර ශ‍්‍රී ලාංකිකයින් ද සිටීදැයි සැක පළව තිබෙනවා.

 කෙසේ වෙතත් ඊට අදාළව තහවුරු කළ හැකි තොරතුරු කිසිවක් තවමත් තමන් වෙත ලැබී නොමැති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටියේ.

අදාළ ආපනශාලාව පිහිටි ප‍්‍රදේශය පොලිසිය සහ හමුදාව විසින් මේ වන විට සිවිල් වැසියන්ට ඇතුළු විය නොහැකි පරිදි ආවරණය කර තිබෙනවා.

 ප‍්‍රහාරයේ වගකීම තමන් භාරගන්නා බවයි අයි.එස්. සංවිධානය පවසන්නේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week