-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රූමත් තරුණියන්, ළාබාල දැරියන් හා කාන්තාවන් 10 දෙනකු රැගෙන ගොස් ලිංගික දර්ශන රූගත කළ අසහනකාරයෙක්

පහළොස් හැවිරිදි බාලවයස්කාර පාසල් ශිෂ්‍යාවක්  මලබඩවත්ත ප්‍රදේශයේ සංචාරක නිකේතනයකට රැගෙන ගොස් නිරුවත් ලිංගික දර්ශන වීඩියෝ ගත කළ 24 හැවිරිදි විවාහකයකු නිවාඩු නිකේතනයේ හිමිකරු සමඟ පසුගිය 29දා කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

අතවරයට පත් ශිෂ්‍යාව විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිය ගැබිනියක බවද හෙළිව ඇත. විවිධ කාන්තාවන්ගේ නිරුවත් දර්ශන වීඩියෝගත සංයුක්ත තැටි කීපයක්ද සැකකරු ළඟ තිබී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.


අවස්ථා කීපයකදී රූමත් තරුණියන්, ළාබාල දැරියන් හා කාන්තාවන් 10 දෙනකු පමණ රැගෙන ගොස් ලිංගික දර්ශන රූගත කර ඇති බවද හෙළිව ඇත.

කොළඹ ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සහකාර පොලිස් අධිකාරි ලංකා රාජනී මහත්මියගේත් කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි නෙරංජල අබේවර්ධන මහතා හා කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර යන මහත්වරුන්ගේ උපදෙස් අනුව කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මල්කා තුෂාරි මහත්මිය ඇතුළු නිලධාරීහු සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වති.

සැකකරු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week