ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය පාරිභෝගිකයින්ට තවදුරටත් පහසුකම් සලසමින් ලෝකයේ සුන්දරතම සහ ව්‍යාපාර කටයුතු සඳහා ප්‍රසිද්ධ ගමනාන්ත වන බීජිං, ෂැංහයි, ටෝකියෝ සහ සිංගප්පූරුව වෙත සහනදායී මිලකට ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදීමට කටයුතු යොදා තිබේ.
ලෝකයේ යටිතල පහසුකම් අතින් දියුණු රටක් වන චීනයේ ෂැංහයි සහ බීජිං නුවර වෙත විශේෂ මිල අඩු කිරීමක් යටතේ ලැබෙන මෙම ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන සංචාරය කිරීමේ අවස්ථාව දැන් උදා වී තිබේ.