-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

82 හැවිරිදි මගියෙකු ගුවන් යානයක් පැහැර ගැනීමට තැත් කිරීම නිසා එම ගුවන් යානය හදිසියේ ගොඩබැස්වූ පුවතක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.
අදාළ කුඩා ගුවන් යානය 82 හැවිරිදි මගියා විසින් කුලියට ගෙන ඇත්තේ, සිඩ්නි නගරයේ සිට කවුරා (Sydney to Cowra) වෙත යාම සඳහා ය.
එම ගමන යන අතර උඩු ගුවනේදී අදාළ මගියා ගුවන් නියමුවාට පහර දී ගුවන් යානය පැහැර ගැනීමට උත්සහ දරා තිබේ.
කෙසේ වෙතත්, 23 හැවිරිදි ගුවන් නියමුවා තත්ත්වය පාලනය කරගෙන පාලක මැදිරිය සමග සම්බන්ධ වී ගුවන් යානය ගොඩ බැස්වීමට සමත් වී ඇත.
ගුවන් යානය අයත් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ගුවන් නියමුවා මෙම අභියෝගාත්මක අවස්ථාවේදී සිය හැකියාවන් ප්‍රදර්ශනය කළ බව ය.
ඔහු ප්‍රදර්ශනය කළ වෘත්තීයමය දක්ෂතාව පිළිබඳව ස්තුතිවන්ත වන බව ද එම නිවේදනයෙහි සඳහන් වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos