මැදපෙරදිග රටවල සිට මෙරටට පැමිණෙන කාන්තාවන් සාම්ප්‍රදායික මුස්ලිම් ඇඳුම ඇඳීම නිසා එහි ආගමන විගමන නිලධාරීන් හා රේගු නිලධාරීන් බලවත් අපහසුතාවයට පත්ව සිටින බව ගුවන් තොටුපල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
මැද පෙරදිග සේවය කරන මුස්ලිම් කාන්තාවන් පමණක් නොව අනෙකුත් ජාතික කාන්තාවන්ටද ඒ රටවලදී සාම්ප්‍රදායික අරාබි ඇඳුම ඇඳීමට නියම කර ඇති නිසා මෙම තත්වය හටගෙන ඇතැයිද ඔහු කීය.
එසේ පැමිණෙන කාන්තාවන්ගේ මුහුණු ආවරණ නිසා ඔවුන් නිශ්චිතව හඳුනාගත නොහැකි වීමෙන් බරපතල නීති ප්‍රශ්ණද උද්ගතව ඇතැයිද ඔහු වැඩිදුරටත් කීය.