නාසා ආයතනය විසින් ඉදිරි දශක දෙක තුළදී පිටසක්වළ ජීවය සොයාගැනීම සඳහා ක්‍රියා කරන අතරතුරදී ඇතැමෙකු පියවි ඇසින් පිටසක්වළ යානා යයි සැක කෙරෙන ආකාශ වස්තු නිරීක්ෂණය කර ඇතැයි පැවසේ. ඉතාලියේ මිලාන් නුවර ඇන්ටෝනියෝ උර්සි සිමොනා සිබිල්ලා මෙලෙස හඳුනා නොගත් ආකාශ වස්තුවක් දැක තිබේ.
ඔහු වහාම එය තම වීඩියෝ කැමරාව භාවිතයෙන් පටිගත කර ඇති අතර ඉන්පසු යූටියුබ් අඩවිය තුළ පළකර ඇත.
අතිශය දීප්තිමත් ආලෝකයන් පිටකරන මෙය සුපිරි පිටසක්වළ යානාවක් විය හැකි බව පැවසේ. කෙසේවෙතත් යූ ටියුබ් නැරඹූ ඇතැම් පුද්ගලයන් මෙය හුදු නිර්මාණයක් පමණක් විය හැකි බවට සැක පහළ කර තිබේ.
එක් පේ්රක්ෂකයකු පවසා ඇත්තේ මෙය තමන් දුටු ලස්සනම හඳුනා නොගත් ආකාශ වස්තුව බවයි. දිලිසෙන සුළු අභ්‍යවකාශ අපද්‍රව්‍ය කොටසක් පෘථිවියට කඩා වැටීමේදී මෙම දසුන නිමැවූවාද යන්න පිළිබඳව තවත් කෙනෙකු මත පළ කර තිබිණි.
මේ අතර යුක්රේනයේ ඉස්මයිල්හි පුද්ගලයෙකු ජුලි 14දා තවත් හඳුනා නොගත් ආකාශ වස්තුවක් නිරීක්ෂණය කර ඇති අතර ඔහුද එහි ඡයාරූප 2ක් ගැනීමට සමත්ව තිබේ.
එම පුද්ගලයා පිටසක්වළ යානා පිළිබඳ වෙබ් අඩවියකට පවසා ඇත්තේ කිසිදු ශබ්දයක් හෝ ආලෝකයක් එයින් පිට නොවූ බවයි. ප්ලාස්මා වැනි වායු නිකුත් කිරීමක් සිදුවූ බව ඔහු පවසා තිබේ