මධ්‍යම සංස්කෘතික අරමුදලේ කේන්ද්‍රස්ථානය සීගිරියෙන් පසුගිය ජූලි මස සිට මේ දක්වා දෛනික ආදායම රුපියල් ලක්ෂ 50 ඉක්මවන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාධ්‍ය ලේකම් පුරාවිද්‍යාඥ සුමිත් රණසිංහ මහතා පැවසීය.
පසුගිය 08 වන දා දහවල් 12.00 වන විට සීගිරිය නැරඹීමට විදේශීය සංචාරකයින් 1300 ක් පැමිණ සිටි බවත් විදේශීය සංචාරකයෙකුගෙන් නැරඹුම් ගාස්තු වශයෙන් රුපියල් 3900ක මුදලක් අය කරන බවත් ඒ මහතා පැවැසීය.
දේශීය සංචාරකයන් මෙම වකවානුව තුළ විදේශීය සංචාරකයින්ට සාපේක්ෂව වැඩි වී ඇති බවත් දේශීය සංචාරකයකුගෙන් රුපියල් 50ක මුදලක් හා පාසල් දරුවෙකුගෙන් රුපියල් 25ක මුදලක් අය කරන බවත් හෙතෙම කීය.