පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අපූරු හෙළිදරවු කිරීමක් කලේය.
ඌව පළාතේ එජාප මහ ඇමති අපේක්ෂකයා වන හරීන් ප්රනාන්දු සම්බන්ධයෙන් වූ විශේෂ හෙළි දරුවුව ඒ මහතා හෙළි කලේ මෙසේය.
‘මම ගිය පාර ඌවට ගිය වෙලාවේ එහෙ මිනිස්සු මට හරීන් කරන අලි බොරුවක් ගැන කියන්න ගත්තා. මේ මනුස්සයා එකම විදියේ වාහන 6ක් අරගෙන එක විදියට ස්ටිකර් ගහලා ඇතුළෙ නොපෙනෙන විදියට ස්ටිකර් ගහලා. එයා වගේ හයදෙනෙක්ව වාහනවලට නග්ගලා එකම වෙලාවට පැති හයකට යවනවලූ. ඉතින් ඒ යන අයත් වටේ ඉන්න මිනිස්සුන්ට අත වනවනලූ යන්නේ. මිනිස්සු මේවා දන්නේ නෑ. මේ විදියටයි මෙයාලා මේ ජන්දෙ කරන්නේ.
අනෙක මිනිහට බදුල්ලෙ සෙනගත් නැහැලූ. ඒ හින්දා ගම්පහින් සෙනග අරගෙන ගිහිල්ලාලූ කැම්පේන් එක ඇදන් යන්නේ. ඒ නිසා මැති ඇමතිවරු හැමදෙනාම වගේ ඌවට ගිහිල්ලා මේ අය කරන බොරුව ජනතාවට හෙළිදරව් කරන්න ඕන’