මහනුවර තලාතුඔය ප‍්‍රදේශයේ පුරාණ දේවාලයක් ආශ‍්‍රිත විහාරස්ථානයක තරුණ භික්‍ෂුවක් ගිහි ඇදුමින් සැරසී තරුණියක හා ගමන් කරමින් සිටිය දී එම විහාරස්ථානයේ දායක සභාවේ පුද්ගලයකු විසින් අල්ලාගෙන විහාරස්ථානය වෙත රැගෙන ගොස් නායක හිමියන්ට භාර දී තිබේ.
මොවුන් දෙදෙනා අතර කලක සිට පේ‍්‍රම සම්බන්ධතාවයක් පැවැතී ඇති බවත් එදින මහනුවර සිට බසයෙන් පැමිණ ත‍්‍රිරෝද රියකින් යම් ස්ථානයක් කරා යාමට සූදානම් වූ අවස්ථාවේ දායක සභාවේ අයෙක් මොවුන් දෙදෙනා දැක හදුනා ගෙන ඇත.
විහාරස්ථානය වෙත රැගෙන ගොස් නායක හිමියන්ට භාර දී දුන් පසු උන් වහන්සේ දෙපාර්ශවයේම මවුපියන් කැඳවා මේ දෙදෙනා ඔවුනට භාර දී තිබේ.