-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නිට්ටඹුව ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටි වෛද්‍යවරියක අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ දී බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු ඔහුගේ පෞද්ගලික මෝටර් රථයෙන් ඇය අධිකරණය වෙත රැගෙන යෑම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නැයි බන්ධනාගාර රෝහලේ ප‍්‍රධාන වෛද්‍යවරිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් යවමින් ඉල්ලා ඇත.
මෙම වෛද්‍යවරිය ඉකුත් 22 වැනි දින අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී මෙය සිදු වී ඇති බවත් තමාගේ කිසිදු අවසරයකින් තොරව මෙම වෛද්‍යවරයා රාජකාරි වේලාවේ දී මෙම නීති විරෝධී ක‍්‍රියාව සිදු කර ඇති බව ද බන්ධනාගාරයේ ප‍්‍රධාන වෛද්‍යවරියගේ ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත.
මෙම වෛද්‍යවරිය අධිකරණය වෙත රැගෙන යන අවස්ථාවේ දී වෛද්‍යවරයාගේ රිය තුළ බන්ධනාගාර නියාමකවරිය ද සිට ඇති බව එහි දැක් වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week