සිය වසර 24 සේවා කාලය තුළ වසර 23 ක් ම නිවාඩු ලබාගත් ගුරුවරියක් පිළිබද ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා. සංගීතා කාෂප් නම් වූ ඇය ජීව විද්‍යා ගුරුවරියක් ලෙස පළමුවරට සේවයට පැමිණ ඇත්තේ 1990 වසරේදීයි. සේවයට පැමිණ කෙටි කලකින් ප්‍රසූත නිවාඩු ලබාගෙන ඇති ඇය යළි කිසිදු දිනක සේවයට වාර්තා කර නැහැ. ඇය පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා පාසල් බලධාරීන් අවස්ථා කිහිපයකදී උත්සාහ දරා ඇතත් එය ව්‍යර්ථ වී තිබෙනවා.
ඇය අවසන් වරට වැටුප ලබාගෙන ඇත්තේ කවදාද යන්න පිළිබදද තොරතුරු හෙලි වී නැතැයි ඉන්දීය මාධ්‍යයන්හි සදහන්. කෙසේවෙතත් වහාම කි‍්‍රයාත්මක වන පරිදි අදාළ ගුරුවරිය සේවයෙන් ඉවත් කිරීමට ප්‍රාන්ත අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබෙනවා. ඇයගේ මෙම නිවාඩු ලබාගැනීම ඉන්දීය රාජ්‍ය සේවයේ නව වාර්තාවක් විය හැකි බවටද ඇතැම් මාධ්‍ය අනුමාන කර තිබුණා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ප්‍රාථමික පාසල්වල ගුරුවරුන් වැඩි වශයෙන් නිවාඩු ලබාගැනීම මේ වන විට ගැටලූකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි.