මිසයිල ප්‍රහාරයකින් පසුගිය දා නැගෙනහිර යුක්රේනයට කඩා වැටුණු MH 17 ගුවන් යානයේ කළු පෙට්ටිය බවට සැක කෙරෙන යම්කිසි උපකරණයක් සොයා ගෙන තිබේ.
මෙම උපකරණය සොයා ගනු ලැබ ඇත්තේ, යානය කඩා වැටුණු ප්‍රදේශයේ මෙහෙයුම්වල නිරත මුදා ගැනීමේ නිලධාරීන් විසිනි.
යුක්ක්‍රේන අපාදා අමාත්‍යාංශ නිලධාරීන් යානය කඩා වැටුණු තිරිඟු වගාවේ දී මෙම උපකරණය සොයා ගන්නා ආකාරය පහත දැක්වෙන වීඩියෝ දර්ශන තුළින් දැකගත හැකි ය.
එක් පුද්ගලයෙකු විසින් තිරිඟු පිටිය හරහා තැඹිලි පැහැති ගුවන් උපකරණයක් රැගෙන යන අයුරු වීඩියෝ දර්ශනවල ඇතුළත් ය.
පසුබිමින් තව ත් නිලධාරියෙකු රුසියානු භාෂාවෙන් දත්ත පටිගතකරණය යනුවෙන් කෑ ගසන අකාරය ද අසන්නට ලැබේ.
රුසියානු හිතවාදී කැරලිකරුවන් විසින් එල්ල කරන ලදැයි සැලකෙන මිසයිල ප්‍රහාරයකින් මලයාසියානු ගුවන් සේවයට අයත් MH17 ගුවන් යානයේ සිටි පුද්ගලයෝ 298 දෙනා ම ජීවිතක්ෂයට පත්වූ හ.
එක් පුද්ගලයෙකු විසින් තිරිඟු පිටිය හරහා තැඹිලි පැහැති ගුවන් උපකරණයක් රැගෙන යන අයුරු වීඩියෝ දර්ශනවල ඇතුළත් ය.පසුබිමින් තව ත් නිලධාරියෙකු රුසියානු භාෂාවෙන් දත්ත පටිගතකරණය යනුවෙන් කෑ ගසන අකාරය ද අසන්නට ලැබේ.රුසියානු හිතවාදී කැරලිකරුවන් විසින් එල්ල කරන ලදැයි සැලකෙන මිසයිල ප්‍රහාරයකින් මලයාසියානු ගුවන් සේවයට අයත් MH17 ගුවන් යානයේ සිටි පුද්ගලයෝ 298 දෙනා ම ජීවිතක්ෂයට පත්වූ හ.