-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පේරාදේණිය විශ්ව විද්‍යාලයයේ ඉන්ජිනේරු පීඨයේ පළමු වසරේ සිසුවකු වූ සෙල්ව විනයාගර් වරප්‍රකාශ් නවක වද සිද්ධියක දී පැහැරගෙන ගොස් මරා දැමූ බාලචන්ද්‍රන් ප්‍රසාද් සදීශ්කරන්ට මධ්‍යම පළාත්බද මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ඊයේ (04) මරණ දඩුවම නියම කළේය.
දඬුවම් නියමවූ බාලචන්ද්‍රන් ප්‍රසාද් සදීශ්කරන් 1997 ඔක්තෝබර 26 වැනි දා මිය ගිය සිසුවා පැහැරගන්නා විට එම විශ්ව විද්‍යාලයයේම වැඩිහිටි සිසුවකු ලෙස අධ්‍යාපනය ලබමින් සිටියේය.
2004 විත්තිකාර සිසුවා රටින් පළාගොස් ඇතැයි හෙළි වීම නිසා නඩුව විභාගයට ගත්තේ ඔහු නොමැතිවය.
නඩුතීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා රටින් පළා ගිය විත්තිකරු ජාත්‍යන්තර පොලිසියේ සහායෙන් අත්අඩංගුවට ගන්නා ලෙස ද නියෝග කළේය.
මෙම නඩුවේ දෙවැනි විත්තිකරුවකු වන සිවපාල සුන්දරම් කිබාහරන්, වරප්‍රකාශ් ඝාතනයට ලක්වූ ස්ථානයේ සිටි බවට අධිකරණයේ දී අනාවරණය වුවත් ඔහු සෘජු ලෙස මෙම ඝාතනයට සම්බන්ධ නොවූ බවට අධිකරණය තීන්දු කළේය.
ඒ අනුව දෙවැනි විත්තිකරුට රුපියල් 1500ක දඩයක් නියම කළ විනිසුරු ඊට අමතරව මිය ගිය සෙල්වවිනයගර් වරප්‍රකාශ්ගේ පියාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කළේය.
මෙම නඩුවට අදාළ සිද්ධිය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ මහත් ආන්දෝලනයකට ලක්වූ අතර සිද්ධියෙන් ඝාතනයට ලක්වූ ඉංජිනේරු සිසුවා එවකට එම විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් අතින් දරුණු ලෙස නවක වදයට ලක්වූ බව ද නඩු විභාගයේ දී අනාවරණය විය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos