ලංකාවේ නාගරිකව දැන් කාර් සේල් හැමතැනමය. සමහර ඒවා ඉහළ පැළැන්තිය සඳහා වැඩිමිලට විකුණන වාහන පමණක් ඇති ඒවාය. මධ්‍යම පන්තියේ ජනතාවට අඩු මිලට පුංචි වාහන විකිණීමටම වෙන්වූ කාර් සේල්ද තිඛෙයි.
එවැනි තැන්වල බොහෝ විට කෙරෙන්නේ වාහන විකුණන්නට ඕනෑ මුල් හිමිකරුවන්ගෙන් වාහන ලබාගෙන සේල් එකේ තබා ගැණුම් කරුවෙකුට සේල් කරුවන් විසින් විකුණාදැමීමයි.
විකිණීමෙන් පසුව තමන්ගේ කොමිස් මුදල පමණක් ලබාගෙන ගිවිසුම ප්‍රකාර වාහනයේ වටිනාකම හිමිකරුවන්ට නැවත ලබාදීම සිදුවෙයි.
වාහන විකුණන්නන් පත්තරවල කොපමණ දැන්වීම් දැම්මත්
විකුණාගන්නට අමාරු වාහන මේ ක්‍රමයට විකුණාගන්නට හැකි නිසාත් වාහන මිලට ගන්නන්ට පුංචි වාහන ගණනාවක් පරීක්ෂා කර වගකීමක් ඇතිව ඒවා මිලට ගන්නට හැකි නිසාත් මෙවැනි තැන් ජනප්‍රියව පවතී.
මෙවැනි ස්ථාන කිහිපයක් ලංකාවේ ප්රකටව තිඛෙන අතර කොහුවල පැපිලියාන 120 මාර්ගය අසළද zපුංචි කාර් නිවසZ යනුවෙන් එක් ආයතනයක් තිඛෙයි. මෙහි අයිතිකරු දොන් ජයන්ත වීරසිංහ නමැත්තෙකි.
පුවත්පත්වල පළවන දැන්වීම්වලට අදාළ කාර් රථ විකුණා මුදල් ලබාදෙන බවට පොරොන්දුවක් ලබාදී එකී දැන්වීම් කරුවන්ගේ කාර් රථ 25ක් ලබාගෙන එම රථ හෝ මුදල් හෝ ආපසු ලබා නොදී කෝටි ගණනක මුදල් වංචාවක් කළ බව කියන මේ ආයතනයේ අයිතිකරු ඊයේ නීතිය ඉදිරියට පමුණුවා තිබුණා.
නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව ඊයේ ලබන 30 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ මිරිහාන විශේෂ විමර්ශන ඒකකය අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරු කාර් රථ විකිණමට හැකි බව කියා පුවත්පත් දැන්වීම්වල දමා පසුව එම රථ අයිතිකරුවන් හඳුනාගෙන ඔවුන්ගේ රථ ලබාගෙන ඒවා විකුණා මුදල් ලබාදීමට පොරොන්දු වී ඇති නමුත් පොරොන්දු පැහැර හැර ඇති බවකි.
එම කාර් රථ අයිතිකරුවන් එකී කාර් රථ ලියකියවිලිද සමග සැකකරුගේ ඉහත කී ආයතනය වෙත ලබාදීමෙන් පසුව සැකකරු එම වාහන විකුණා ඇති නමුත් කාර් රථ හිමිකරුවන්ට ලබාදිය යුතු මුදල් වෙනුවෙන් ඔහු අගරු චෙක්පත් ලබාදී වංචා කර ඇති බවත් අනාවරණය වුණා.
පොලිස් පරීක්ෂණ ඉදිරියට ක්‍රියාත්මකය.