කලවංචිකුඩි, කුරුක්කල්මඩම් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් විසින් ඝාතනය කරන ලද මුස්ලිම් ජාතිකයින් 100 කට ආසන්න පිරිසකගේ සමූහ මිනීවල අධිකරණ නියෝගයෙන් කැණීම් සිදුකිරීම අදට යෙදී තිබුණු නමුත් එය ලබන අගෝස්තු 18 වැනිදා දක්වා කල්තබා තිබේ.
මුස්ලිම් ජාතිකයින් 100 කට ආසන්න පිරිසකගේ මෘතශරීර වළදමා ඇති බවට වන පැමිණිල්ලට අනුව විමර්ශනය කර කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව මෙම නියෝගය කර ඇත.
මෙවැනි කල් ගතවු මෘතශරිර ස්ථාන ගොඩගැනිම සඳහා කොලඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි සහ රජයේ රස පරික්ෂකවරයා කැඳවීමට නියමිත බැවින් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා කැණිම් කටයුතු කල් දැමීමට නියෝග කර ඇත.