-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

 සරසවි ශිෂ්‍යයන් කිහිප දෙනකු යොදා ගනිමින් පෞද්ගලික බස් රථ මඟින් දිවයිනේ විවිධ ප්‍රදේශවල හෙරොයින් බෙදා හැරීමේ ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාතර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු දුරකතන ඇමැතුමකට අනුව ජූලි 5 වැනිදා වැලිගම පොලිස් වසමේ මිදිගම හන්දිය අසලදී අත්අඩංගුවට ගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ හතරවැනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු රුපියල් ලක්ෂ හයක් පමණ වටිනාකමකින් යුතු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ පොලිස් පරීක්ෂණවලට අනුව මේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු මේ හෙරොයින් ජාවාරම මෙහෙයවන මහ මොළකරුගේ සහෝදරයකු බවට හෙළි වී ඇත.


හක්මන ප්‍රදේශයේ පදිංචි බවට කියන මේ සැකකරුවන් දෙදෙනා තුඩාව පොම්පාගාරය අසලදී ත්‍රිරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 660ක් සොයා ගෙන ඇත.
මේ ජාවාරම මෙහෙයවන බව කියන මහරගම ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති අතර ඔහු මේ වනවිට මහරගම ප්‍රදේශය අතහැර පලාගොස් ඇති බව වාර්තා වේ.


සුඛෝපභෝගී වාහන පරිහරණය කරමින් සුවිසල් මන්දිරයක අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බව කියන මේ කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට පත් කටුවන ප්‍රදේශයේ පදිංචි විසිහත් හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට සම්බන්ධ කර ඇත්තේ ද එම විශ්වවිද්‍යාලයේම ජේ‍යෂ්ඨ ශිෂ්‍යයකු බවටත් තවත් සරසවි සිසුන් කිහිපදෙනකු මේ කෝටිපති ව්‍යාපාරිකයා සමඟ සබඳතා පවත්වා ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇත. මේ ප්‍රධාන ජාවාරම්කාර ව්‍යාපාරිකයා නුවර ප්‍රදේශයට පැමිණෙන අවස්ථාවලදී ඔහුට නවාතැන් පහසුකම් සපයා ඇත්තේද අත්අඩංගුවට පත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා බවටත් ඒ වෙනුවෙන් ඔහුට මුදලක් ලබා දෙන බවත් හෙළි වී තිබේ.


දකුණු පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න, මාතර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන්, සහකාර පොලිස් අධිකාරි ආර්. අඹේපිටිය, මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක මහින්ද කල්දේරා යන නිලධාරීන්ගේ උපදෙස් මත මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උදිත කුමාර, පොලිස් සැරයන් අශෝක ප්‍රියංකර (55804), රණවීර (21597), විතාන (5244), සංජීව (68478), සිසිර (72699), නෙරංජන් (86517), ආරියවංශ (13419) යන නිලධාරීහු මේ වැටලීම සිදුකර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos