සිද්ධියට මුහුණ දී ඇත්තේ එම විද්‍යාලයේ මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටි දියබෙදුම 6 ගම්මානයේ කේ.ඩබ්ලිව්. තරුෂි රිද්මානි ශිෂ්‍යාවයි.
මේ පිළිබඳව ශිෂ්‍යාවගේ මව වන තිස්හතර හැවිරිදි එල්.ජී. චතුරානි නිරෝෂා කුමාරි මහත්මිය විසින් පෙරේදා (16) දියබෙදුම පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරීපත් කොට තිබේ.
දියබෙදුම රෝහලෙන් එම ශිෂ්‍යාව ඊයේ (17) උදැසන වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරුකර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
‘පෙරේදා (16) 5 වසරේ පන්තිය අතුගාන්න තිබුණේ මගේ දුවටයි තවත්ළමයි තුන්දෙනෙකුටයි. මට උණ හැදිලා නිසා උයන්න බැරිවුණා. ඒ නිසා දුව බඩ ගින්නේ තමා ඉස්කෝලේ ගියේ. පන්තිය ඇතුගාපු නැති ළමයි හතර දෙනාට ටොකු අනින්න කියලා විදුහල්පතිවරයා අනිත් ළමයින්ට කියලා. පන්තියේ ළමයි 22 ක් ඉන්නවා. ළමයි 14ක්ම මගේ දුවට ටොකු ඇනලා තියෙන්නේ ලොකු සර්ගේ කීම අහලා බයට. මගේ දුව ඔළුව අමාරුයි කියලා ගෙදර ආවා. එයා කොණ්ඩය පීරන්නවත් දෙන්නේ නැහැ අමාරුයි කියලා කෑ ගහනවා. දුව පොළොන්නරුව රෝහලට ඇතුළත් කළා’ යයි ඇගේ මව සඳහන් කරයි.
මේ අතර සිද්ධිය සම්න්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දියබෙදුම නාමල්ඔය ප්‍රාථමිකයේ විදුහල්පති යූ.ජී. ප්‍රේමරත්න මහතා රුපියල් පන් දහසක ශරීර ඇප මත මුදා හරින ලෙස හිඟුරග්ගොඩ මහේස්ත්‍රාත් හාල්පන්දෙනි හේවගේ මහත්මිය නියෝග කර තිබේ.