-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි පණගැන්වීමට මැලේසියාවේ සිට පැමිණි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් මෙහෙයවමින් සිටින "මැලේසියා අක්කා" නොහොත් තලවීරන් පූන්කුල්ලි නමින් හඳුන්වන එල්.ටී.ටී.ඊ. නායිකාවක ඇතුළු සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගැනීමට අන්තර්ජාතික පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කිරීමට ත්‍රස්ත විමර්ශන අංශය තීරණය කොට තිබේ.

පසුගියදා මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී මැලේසියාවේ සිට රහසේ සංවිධානය වෙමින් සිටින එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් පිළිබඳ වැදගත් රහස් තොරතුරු හෙළිවෙමින් තිබෙන බව ආරක්‍ෂක අංශ භාර උසස් නිලධාරියෙක් පැවැසීය.

ත්‍රස්ත විමර්ශන අංශයට අවශ්‍යව සිටින මේ මැලේසියා ද්‍රවිඩ සම්භවයක් ඇති මේ මැලේසියා අක්කා 2012 වසරේ දකුණු ඉන්දියාවේදී ශ්‍රී ලාංකික එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට අවි පුහුණුව ලබාදීමට මැලේසියාවේ සිට දුරකතන සංවාදවලින් උපදෙස් ලබාදුන් එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක බවද ත්‍රස්ත විමර්ශන අංශය තොරතුරු හෙළි කරගෙන තිබේ.

ද්‍රවිඩ ඩයස්පෝරාවේ උපදෙස් මත මැලේසියාවේ සිටින ද්‍රවිඩ දේශපාලන කණ්ඩායමක් සමඟ රහස් සම්බන්ධකම් පවත්වමින් ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි පණගැන්වීමේ රහස් ව්‍යාපාරයක මේ "මැලේසියා අක්කා" ප්‍රබල උත්සාහයක යෙදී සිටින බවද අනාවරණය වී ඇත.
පසුගියදා එම ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී සිටියදී ආරක්‍ෂක හමුදා වෙඩි පහරින් මියගිය ගෝබි, අප්පන් සහ
ෂේවියර් යන තිදෙනා මියයෑමෙන් පසු එම ක්‍රියාකාරකම් ලත් තැන ලොප් වී නොමැති බවද හෙළිවී තිබේ.

එසේ මියගිය ගෝබි ඇතුළු පිරිසට කැලෑවැදීමට සහාය වී ඇතැයි කියන තවත් එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් දෙදෙනකු කිලිනොච්චිය සහ වවුනියාව ප්‍රදේශවලදී පසුගිය සති අන්තයේ ත්‍රස්ත විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන කොළඹට ගෙනැවිත් ප්‍රශ්න කරගෙන යයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week