ශ‍්‍රී ලංකා ටෙලිකොම් දුරකථන නාමාවලියේ දත්ත අඩංගු මෘදුකාංගයේ ගබඩා කර ඇති තොරතුරු වෙනස් කර වෙනත් වෙබ් අඩවියක පළ කළ බවට චෝදනා ලැබූ විත්තිකරුවෙකු කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.
ගම්පහ ඉදිගොල්ලේ පදිංචි තරිදු රණසිංහ නමැත්තෙක් මෙසේ නිදහස් කර ඇත්තේ විත්තිකරුට එරෙහිව අධිචෝදනා පත‍්‍රය නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගැනීම නිසාය.
අධිකාරී බලයක් හෝ අවසරයක් නොමැතිව දුරකථන නාමාවලියේ දත්ත අඩංගු මෘදුකාංගයේ ගබඩා කර ඇති තොරතුරු වෙනස් කළ බවටත්, එලෙස වෙනස් කළ තොරතුරු ‘එලකිරි’ වෙබ් අඩවියේ පළ කළ බවටත් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.