මල්ලිකා සිරිසේන නොහොත් මලීකා සිරිසේනගේ නම පසුගිය කාලයේ ඈඳී තිබුනේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමගය. නමුත් එම ක්‍රිකට් ක්‍රීඩකයාට මලීකා සමග විවාහ ජිවිතයක් ගත කිරීමට තිබූ නීතිමය බාධාව හෙයින් එම සම්බන්ධතාවයද නැතුව ගියේය. ඉන්පසුව මලීකා ABC මාධ්‍යය ජාලයේ හිමිකරු වන රේණුක ද සිල්වා නොහොත් රෙනොර් ද සිල්වා (රෙනෝ සහ මලීකා යන දෙදෙනාම සිය මුල්නම් වෙනස්කොටගෙන ඇත) සමග විවාහ දිවියට ඇතුළත්විනි. විවාහ දිවියට ඇතුලත් වීමෙන් අනතුරුව මාධ්‍යයෙන් වසන්වූ ජීවිතයක් ගතකල මලීකා නැවතත් මාධ්‍යය ඉදිරියට පැමිණීමට පටන්ගෙන තිබේ. ඒ රෙනොර්ගේ දේශපාලන අරමුණ ඉටුකිරීම උදෙසාය. දේශාපාලනයට පිවිසීමට රෙනොර්ගෙන් දැනටමත් ප්‍රධාන පක්ෂ කිහිපයකින් ආරාධනා ලැබී ඇති අතර ඔහු බොහෝ විට සිය මලනුවන්ගේ අඩි පාරේම යනු ඇති බවට අපට වාර්තා වේ. කිලි මහරජා සිය දේශපාලන බලය පවත්වාගැනීම සඳහා විවිධ පක්ෂවලින් සිය නියෝජිතයන් පත්කොට ඔවුන්ට තවමත් වැටුප් ගෙවමින් සිටීන අතරතුරේ ABC මාධ්‍යය ජාලයේ හිමිකරුද දේශපාලනයට පැමිණෙන්නේ සිය සොහොයුරාගෙන් නොලැබෙන දේශාපාලන බලය තමා වෙත ලංකරගැනීමටය.