-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රන්මිහිතැන්න මහින්ද රාජපක්‍ෂ ජාතික ටෙලි - සිනමා ගම්මානයේ රූගත කරන ලද 'බොම්බේ වෙල්වට්' චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් වෙනුවෙන් පැවැත්වීමට එහි අධ්‍යක්‍ෂ ප්‍රවීණ සිනමාකරු අනුරාග් කාශ්්‍යප් සැලසුම් කර ඇත.

ලබන නොවැම්බර් මාසයේදී මෙම විශේෂ දර්ශනය පැවැත්වීමට නියමිත අතර ඊට දින කිහිපයකට පසු චිත්‍රපටය නිල වශයෙන් ප්‍රදර්ශනය කිරීම ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. වංචා - දූෂණ නැති කරමින් තනි පුද්ගලයකුගේ කැපවීම මත මුම්බායි නගරය ඉන්දියාවේ දැවැන්තම වාණිජ නගරය බවට පත්කරන ආකාරය මෙම චිත්‍රපටය පුරා දැකිය හැකිය.


බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු - නිළි දෙපොළක් වන රන්බීර් කපූර් සහ අනුෂ්කා ෂර්මා මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන අතර, රවීනා තණ්ඩන් සහ සිද්ධාර්ත් බාසු සහාය ප්‍රධාන නළු - නිළි චරිත රඟපාති. ජේම්ස් එල්රෝයි නම් ප්‍රකට අපරාධ කතා රචකයා විසින් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරය මූලික කර ගනිමින් රචිත නවකතා කිහිපයක් මෙම 'බොම්බේ වෙල්වට්' චිත්‍රපටය නිර්මාණය කිරීමට සහාය වූ බව අධ්‍යක්‍ෂ අනුරාග් කාශ්්‍යප් ඉන්දීය මාධ්‍යවේදීන්ට පවසා තිබිණි.
ලංකාවේ මෙම චිත්‍රපටය රූගත කරන කාලයේදී මෙරට බලධාරීන් සහ ආයතන ලබාදුන් සහායට කෘතගුණ සැලකීමටද මෙම අවස්ථාව යොදා ගන්නා බව අධ්‍යක්‍ෂවරයා විසින් වැඩිදුරටත් මාධ්‍යයන්ට සඳහන් කර තිබිණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos