ලෝක රියැලිටි ටෙලිවිෂන් කලාවේ අලුත්ම පිම්ම පිළිබඳ ඉඟි ඉකුත් සතියේ කලඑළිදැක්විණි. ඒ අමෙරිකානු එක්සත් ජනපදයේ ලටිෆ්ටයිම් නාලිකාව මගිනි. මහත් ආන්දෝලනයට තුඩුදී ඇති මෙම රියැලිටි අත්දැකීම ජීවිතයත් මරණයත් අතර ක්‍රීඩාවක් බවට පත්කර තිබීම පිළිබඳ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ. ‘කැලෑවේ උපත‘ යන අර්ථයෙන් යුතු ‘බෝර්න් ඉන්ද වයිල්ඩ්‘ යන්නෙන් නම්කර ඇති මෙම වැඩසටහනේදී තරුණ ගැබිණි මව්වරුන් කැලෑවකදී වෛද්‍ය සහය නොලැබ දරුවෙකු ප්‍රසූත කරන අයුරු සජීවීව දැකබලා ගත හැකිවනු ඇත.
ලයිෆ් ටයිම් නවතම රියැලිටි අත්දැකීම පිළිබඳ පසුගියදා නිවේදනයක් නිකුත් කර තිබිණි.‘‘ගැහැනියකගේ ජීවිතය කැලෑවකදී මොහොතකින් මවක වන පිස්සුම අත්දැකීම,කිසිදු හව්හරණක් නොමැතිව එළිපහලියේ කොහොම වෙයිද?‘කැලෑවේ උපත‘වාර්තාමය වැඩසටහන තරුණ මවක්වීමේ අපේක්ෂාවෙන් සිටින ස්ත්‍රීන්ට තමාගේ දරු උපත කැලෑවකදී සිදුකිරීමට තෝරාගැනීම පිළිබඳ සංචාරයක්“ යන්නෙන් නිවේදනයේ සඳහන්විය.
එහෙත් ස්ත්‍රීයක කැලෑවකදි වෛද්‍ය සහය හෝ හව්හරණක් නැතිව දරු උපතක් සිදුකිරීම කෙතරම් භයානක අත්දැකීමක් වනු ඇත්ද? එසේම මවගේ මෙන්ම බිලිඳාගේද ජීවිත අවදානම හුදෙක් විනෝදාත්මක ටෙලිවිෂන් වැඩසටහනක් බවට පත්වීම මේ යුගයේ මිනිස් ජීවිතවල වටිනාකම තුට්ටු දෙකට වැටීමේ ඛේදවාචකයම පසක් කරන්නක් නොවේද?
“ ගර්භනී සමයේ සිට අද ස්ත්‍රීයකට අවශ්‍යතාවටත් වඩා ඖෂධ ලබාදීමක් සිදුවන බවට සෑම කෙනෙකුම පාහේ විශ්වාස කරනවා. ඒක මට තේරුම් ගන්න පුළුවන්. දරු ප්‍රසූතිය අතීතයේදී ස්වභාවික ක්‍රියාවලියක් වුණත් එයින් ඉමහත් ලෙස ජීවිත විනාශ වුණා.“ රොන් ජැක්ලේ පවසයි. එපමණක් නොව සින්සින්නට්ටි වෛද්‍ය මධ්‍යස්ථානයේ සහ සින්සින්නට්ටි ළමා රොහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු වන ජැක්ලේ මෙසේද කියා සිටියි.
“ මේක හුදකලා මාතෘකාවක් ලෙස ගෙන කතා කළ හැකි දෙයක් නෙවෙයි. සමහරුන්ගේ අම්මලා හෝ බිරින්දෑවරුන් හෝ ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ කතා නොකිරීම ජාතික වාග් කෝෂයේ අන්තර්ගතව තිබුණා. එක්දහස් නවසිය ගණන්වල එක්සත් ජනපදයේ දරු උපත් දහසකට පමණ එක් මාතෘ මරණයක් සිදුවුණා. මේ වෙද්දි ඒක දරු උපත් දහසකට දශම 1ක් බවට පත්වෙලා තියෙනවා.“ ඔහු සිහිපත් කළේය.
මෙම නවතම වැඩසටහනට එරෙහිව ඇතැම් වෛද්‍යවරුන් ඇතුළු පිරිස් කතිකාව පෝෂණය කරද්දී මෙම වැඩසටහන් මාලාව ආරක්ෂාකාරී දරු උපතකට පෙර සූදානම පිළිබඳ සාකච්ඡා කෙරෙන්නක් බව නිෂ්පාදකයින් පුන පුනා කියමින් සිටියි. මවක එකවරම මෙම වැඩසටහනට සහභාගිවීමක් සිදුනොවන බවත්, සහභාගීවන්නියන් සියලුදෙනාටම පැහැදිලි සෞඛ්‍ය වාර්තාවක් සපයාදීම සිදුකෙරෙන බවත් නිෂ්පාදකයින් පෙන්වාදෙයි. හදිසි අවශ්‍යතාවක් ඇතිවුවහොත් හදිසි පුහුණු වෘත්තීයවේදීන්ද අදාළ වැඩ බිමේ සිටින බව ඔවුහු අවධාරණය කරති.
“යුවළ තම දරු උපත සඳහා ස්ථානය තෝරාගන්නා අතරේ නිශ්චිත අවදානම් අවස්ථාවන්හිදී වැඩසටහන නැවැත්වීමට කටයුතු කෙරෙනවා ඇති. ප්‍රසව හා නාරි වෛද්‍යවරුන් එහෙම කියන එක ගැන මං පුදුමවෙන්නේ නෑ. පෙර සූදානම් තත්ත්වය ඉතා ඉහළ නිසාම මවගේ හා බිලිඳාගේ ආරක්ෂාව ගැන බයවෙන්න දෙයක් නෑ“එලි ලෙරර් පවසයි. හෙතෙම ලයිෆ්ටයිම්හි ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ මෙම රියැලිටි වැඩසටහනේ ප්‍රධානියාද වෙයි.
‘දරු උපතකදී ඔවුන් (මව ඇතුළු)පමණක් සිටිනවාට වඩා අපගේ පෙනීසිටීම ඔවුන්ට බොහෝ සුරක්ෂිතයි‘ ලෙරර් කියා සිටියි.
ස්ත්‍රීයකට කැලයකදී දරු උපතක් සිදුවීම දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ මිලයන 20 ට අධික පිරිසක් මේවන විට නරඹා තිබේ. එකී වීඩියෝවෙන් මෙම රියැලිටි වැඩසටහනට ඉමහත් ජවයක් ලබාදුන් බව වැඩසටහනේ නිර්මාතෘවරුන්ගේ අදහසයි. Birthinnature නම් අදාළ වීඩියෝවේ දරු ප්‍රසූතිය සිදුකරන ස්ත්‍රීය මෙසේ කියා සිටියි.
“ඒක මගේ දරුවටත් මටත් හෘදයාංගම අවස්ථාවක් වුණා“ ඇය ජල පහරක පතුලේ පවුලේ උදවියද වටකරගෙන සිටියදී දරුවා ප්‍රසූත කරන අයුරු ඕනෑම අයෙකුට වීඩියෝවෙන් දැකබලා ගත හැකිය.එහෙත් අලුත්ම රියැලිටි වැඩසටහනට අදාළව එලි ලෙරර් පෙන්වාදෙන්නේ මෙම වැඩසටහනේ සංකල්පයට තමන්ගේ පුද්ගලික සම්බන්ධයක්ද පවත්නා බවයි. වින්නඹු මාතවකගේ හෝ සහයක් නොමැතිව තමන්ගේ බිරිඳට දෙවන දරුවා නිවසේදීම ප්‍රසූත කිරීමට සිදුවීම හෙතෙම මෙහිදී සිහිපත් කර තිබේ.
මීට ප්‍රථම අවස්ථාවකදී ඩිස්කවරි නාලිකාව විසින් ‘නිරුවත සහ බිය‘නමින් රියැලිටි වැඩසටහනක් ඉදිරිපත් කරන ලදී. නාදුනන ස්ත්‍රීයක හා පිරිමියෙකු නිරුවතින් දින 21 ක කාලයක් වනාන්තරයක සිදුවිය හැකි තර්ජන හමුවේ නොමැරී සැතපුම් 10 ක දුරක් ගෙවා යායුතුවීම එකී තරඟයේ ස්වරූපයයි. එයද සිහිපත් කරන ‘කැලෑවේ උපත‘ ගැන යළි යළිත් අවධාරණය කරනු ලබන එලී ලෙරර් තමන්ගේ වැඩසටහනේ ස්වරූපය පිළිබඳ කරුණු දක්වයි.
“මේක ඩිස්කවරි නාලිකාව හෝ ‘නිරුවත සහ බිය‘ නෙවෙයි. අපි කරන්නේ ඒ අය ගිහිල්ලා කැලේකට දාලා ‘යන්න ගිහින් දරුවත් අරන් එන්න“කියලා යවනවා.
මේ හැමෝටම දරුවො ඉන්නවා. බාබාල හම්බවෙන්නේ රෝහලේදී බව ඇත්ත. එහෙත් ඊට වෙනස්ව දුෂ්කරතා මධ්‍යයෙයේ වෙනස් අත්දැකීමක් ලබන්න කැමතියි. එහෙව් උදවිය ඒ වෙනුවෙන් කරන දේවල් ටිකක් තමයි මේකෙ තියෙන්නේ. අපි කරන්නේ ඒක වාර්තා වැඩසටහනක් බවට පත්කරන එක“
වැඩසටහන් ප්‍රධානියා එසේ කීවද විශේෂඥ වෛද්‍ය ජැක්ලේ අවධාරණය කරනු ලබන්නේ මෙවැනි වැඩසටහන් මගින් කිසි සංවේදනයක් ඇති නොවන බවයි.
“වෛද්‍ය විද්‍යාව හා තාක්ෂණය මේ තරම් දියුණු යුගයක වුණත් නිවසකදී සිදුවන දරු උපත් පවා අවදානම් සහිතයි. එහෙම තත්ත්වයකදී කැලෑවක තනිවම දරු උපතක් සිදුකිරීම? ඔවුන්ට අනිවාර්යයෙන්ම ප්‍රමාණවත් පරිදි ආරක්ෂාවක් සැලසීමට හැකියාවක් නෑ. මේ අය වෛද්‍යවරුන්ගේ ප්‍රකාශ ප්‍රචාරය කරමින් තම වැඩසටහනට සුබවාදී දැක්මක් ගෙන ඒමට උත්සාහ කරනු ලැබුවත් ‘රෝහලේ සිටියානම් මෙහෙම වෙන්නේ නෑ‘යයි කියනු ලබන වෛද්‍යවරුන් සම්මුඛ සාකච්ඡාවට ලක්කිරීමට ඔවුන් පෙළඹෙන්නේ නෑ“ ජැක්ලේ අවධාරණය කරනු ලබයි.
ඇතැම් බටහිර මෙන්ම අප්‍රිකානු ජාතික රටවල සුළු පිරිසක් ගලාගෙන යන ජලය තුළ දරු උපත් සිදුවීම සුබ ලකුණක් සේ පිළිගනු ලබති. එකී ඇතැම් සම්ප්‍රදායන්ට මෙම වැඩසටහන තුළින් නව ජීවයක් ලැබෙනු ඇති බව නොකිව මනාය.
“මේ වගේ ගිනි පුපුරක් ව්‍යාප්තවීම ගැන මං කනගාටුවෙන්නේ නෑ. මේ වගේ මතුපිටින් දැක කියනු ලබන කතාවන් මිනිස්සු ඇත්ත ලෙස බාරගනීවියයි මං හිතන්නේ නෑ. මේක ඇතැම් සුළුතර මිනිස්සු දැනටමත් කරන දෙයක්“ වැඩසටහන් ප්‍රධානි එලී ලෙරර් සිහිපත් කරනු ලබන්නේ එයයි. එහෙත් මෙවැනි වැඩසටහනක් ප්‍රේක්ෂකයින් කෙලෙස බාරගනු ලබන්නේද? ඒ තුළින් සමාජයට සිදුවිය හැකි බලපෑම කෙබඳුවිය හැකිද? යන්න තාමත් සංවාදයට ලක්වෙමින් පවතී.