ජස්ටින් බීබර් තමන් අශ්වයන් පැදීමට ඉස්තාලයට පැමිණෙන අවස්ථාවේ ගැහැනු ළමුන් දුරකථනයෙන් තම ඡායාරූප ගැනීමට උත්සාහ කිරීම පිළිබඳ දැඩි කේන්තියෙන් පසුවෙනවා.
මෙලින්ඩා නමැති ගැහැනු ළමයාත් මෙසේ බීබර්ගේ අහ්ව ඉස්තාලයේදී බීබර්ගේ ඡායාරූප කිහිපයක් රැගෙන තිබෙනවා. බීබර් කේන්තියෙන් මේ පිළිබඳව විමසීමේදී මෙලින්ඩා පවසා ඇත්තේ තමුන් එහි පැමිණියේ අශ්වයන් පැදීමට බවත්, එහිදී ඔහුගේ ඡායාරූප කිහිපයක් ගත් බවත්ය. ඉන්පසු ඇය තම දුරකථනයෙන් එම ඡායාරූප ඉවත් කර ඇතත්, මෙම ප්රශ්නය හේතුවෙන් බීබර් අශ්ව ඉස්තාලයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.