-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

Facebook වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා සාමාන්‍ය ජනතාව වල්මත් වන බව සමාජයේ බොහෝ පාර්ශවවලින් නැගෙන චෝදනාවකි.
එහෙත්, එයට හාත්පසින් ම වෙනස් උදාහරණයක් කැනඩාවේ කියුබෙක් නගරයෙන් වාර්තා වේ.
එම සිද්ධිය වන්නේ, අලුත උපන් බිළිඳෙකු අදාළ රෝහල තුළදී පැහැරගෙන යන ලද කාන්තාවක Facebook හරහා අත්අඩංගුවට ගැනීමට හැකි වීම ය.
වික්ටෝරියා යන නම් ලද එම බිළිඳා අදාළ රෝහලෙන් පැහැරගෙන ගොස් තිබුණේ, පසුගිය සඳුදා දිනයේදී ය.
රෝහලේ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබූ ආකාරයට එම දරුවා රැගෙන යනු ලැබ තිබුණේ, හෙදියක් ලෙස වෙස් වළාගෙන සිටි කාන්තාවක විසිනි.
එම කැමරා සටහන්වලට අනුව නිර්මාණය කළ කාන්තාවගේ ඡායාරූපයක් පොලීසිය විසින් නිකුත් කරනු ලැබූ අතර එය Facebook වෙබ් අඩවිය හරහා Facebook භාවිත කරන්නන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට දක්නට ලැබිණි.
එය දුටු කාන්තාවක් අදාළ සැකකාර කාන්තාව සිය අසල්වැසි නිවසේ පදිංචිව සිටින බව හඳුනාගෙන පොලීසියට කළ දැනුම් දීමකින් ඇය අත්අඩංගුවට පත් විය.
පසුව, නිරූපද්‍රිතව සිටි එම බිළිඳා දෙමාපියන් වෙත භාර දෙන ලදී.
සිය දරුවා යළි දැක ගැනීමෙන් පසුව, දරුවාගේ මව පැවසුවේ, සිය දරුවා සොයා දීමට කළ දායකත්වය හේතුවෙන් Facebook වෙබ් අඩවියට ස්තුතිවන්ත වන බව ය.
Facebook වෙබ් අඩවිය නොවන්නට සිය දරුවා යළි තමන් අතට පත් නොවන්න්ට ඉඩ තිබූ බව ඇය සඳහන් කළා ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos