කොල්ලූපිටිය දුම්රිය ස්ථානයෙදි පාසල් ශිෂ්‍යාවක් දුම්රියට පැන සිය දිවි නසා ගනියි.
ඊයේ (29 )පස්වරුවේ කලූතර සිට මරදාන බලා ධාවනය වු දුම්රියට පැන ඇති මෙම සිසුවිය බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය කියයි.
මරණකාරිය වයස අවුරුදු 16ක් වු කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පාසලක 11 වසරේ ඉහනුව ලබන පානදුර ප‍්‍රදේශයේ පදිංචි පාසල් ශිෂ්‍යාවකි.සියදිවි නසා ගැනිමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෘතශරීරය ජාතික රෝහලේ මෘතශරීරාගාරයේ ඇත.
පංශ්චාත් මරණ පරික්‍ෂණය අද දින සිදුකිරිමට නියමිතයි. කොල්ලූපිටිය පොලිසියේ වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යයි.